අතිවිශිෂ්ට ස්මාර්ට් ජංගම දුරකතන අත්දැකීමක් සමඟින් SAMSUNG Galaxy S22 කාණ්ඩය ශ්‍රී ලංකාවේ එළිදක්වයි

ශ‍්‍රී ලංකාවේ වඩාත්ම විශ්වාසදායී smartphone වෙළෙඳනාමය වන සැම්සුන් ඔවුන්ගේ
වඩාත් ප‍්‍රබලතම හා ප‍්‍රධානතම devices කාණ්ඩය ලෙස සැලකෙන Galaxy S22 කාණ්ඩය
ශ‍්‍රී ලංකාවේදී නිල වශයෙන් එළිදැක්වීය.
Premium smartphones සඳහා නව සම්මතයක් සකස් කරමින් Note කාණ්ඩයේ ඇති ප‍්‍රධාන
විශේෂාංග, pro-grade කැමරාව සමඟින් එයටම සුවිශේෂී වූ S-Pen සහ S කාණ්ඩයේ ඇති
ඉහළම ක‍්‍රියාකාරීත්වය ආදියෙන් Galaxy S22 Ultra 5G සමන්විත වේ. ඉතා ආකර්ෂණීය
මෙන්ම මනා හැඩයකින් හා තිරසාරභාවය ගැන වැඩි සැලකිල්ලක් යොමු කරමින්
නිර්මාණය කර ඇති Galaxy S22 5G හි advanced intelligent imaging තාක්ෂණය සහිත
ක‍්‍රියාශීලී කැමරාව ඔබගේ ජීවිතයේ සෑම මොහොතක්ම සොඳුරු මොහොතක් බවට පත්
කරනු නොඅනුමානය.
මේ පිළිබඳව අදහස් දක්වන සැම්සුන් ශ්‍රී ලංකා කළමනාකරණ අධ්‍යක්ෂ කෙවින් සුන්ග්සු
යූ මහතා පැවසුවේ ‘‘අපගේ නවතම Galaxy S22 කාණ්ඩය හඳුන්වා දීමත් සමඟින්
නවෝත්පාදනය යන්න නව පරිවර්තනයක් කරා යමින් සිටිනවා. ඒවගේම ස්මාර්ට් ජංගම
දුරකතන තාක්ෂණය අතික‍්‍රමණය කිරීමට එයට හැකිව තිබෙනවා. Galaxy Note හා S
කාණ්ඩවල ඇති ප‍්‍රධාන විශේෂාංගවල සුසංයෝගයෙන් සුවිශේෂී smartphone අත්දැකීමක්
S22 Ultra 5G ඔබ වෙන ගෙන එනු නිසැකයි. Galaxy S22 Ultra 5G සතුව එන S Pen විශේෂාංගය,
වැඩිදියුණු කළ Nightography තාක්ෂණය හා දවස පුරා දිගු කල්පවතින බැටරි ආයු කාලය
නිසා දැනට අප සතු වඩාත් ප‍්‍රබලතම devices කාණ්ඩය බවට මෙය පත්ව තිබෙනවා.
තවද අන්තර්ගතයන් නිර්මාණය කිරීමට, උසස් තත්වයේ වීඩියෝ ග‍්‍රහණය කරගැනීමට,
යමක් edit හා share කිරීම සඳහා නිර්මාණය කර ඇති Galaxy S22 කාණ්ඩය සැබවින්ව
ඔබගේ එදිනෙදා ජීවිතය සොඳුරු බවට පත් කරනු ඇති බව අපට විශ්වාසයි.’’ යනුවෙනි.
Galaxy S22 Ultra 5G සතුව එන S Pen විශේෂාංගය අප මෙතෙක් නිර්මාණය කර ඇති
වේගවත්ම හා වඩාත් ඉක්මනින් ප‍්‍රතිචාර දක්වන සුළු S Pen එක ලෙස හඳුන්වා දිය
හැකිය. 70%ක අවම latency හැකියාව සමඟින් S Pen මගින් ඔබට ඔබගේ S22 Ultra 5G හි
පුළුල් තිරය මත පහසුවෙන් ලිවීමට හා ඇඳීමටත් අළුත් apps පිළිබඳව ගවේෂණය
කිරීමටත් හැකිය. තවද S Pen සමඟින් S22 Ultra 5G, Galaxy Note කාණ්ඩයේ උරුමය
වැළඳගන්නා අතරතුර නිර්මාණශීලී වීමට හා අළුත් දේවල් කිරීමට නව මාර්ග විවෘත
කරයිx එමගින් මින් පෙර අත් නොවිඳි ජංගම දුරකතන අත්දැකීමක් ඔබ වෙත රැගෙන
එයි.
Galaxy S22 Ultra 5G 2.4um pixel sensor සහිතව නිර්මාණය කර ඇති බැවින් ඕනෑම ආලෝක
තත්වයක් යටතේ සුපැහැදිලි ඡුායාරූප හා වීඩියෝ සැණෙකින් ලබා ගැනීමේ හැකියාව
ඔබට නොමඳව ලබා දෙයි. සැම්සුන් ජංගම දුරකතනයක මෙතෙක් පැවැති විශාලතම
pixel sensor එක වන මෙමගින් ඔබ කැමති ආකාරයේ විශිෂ්ට ඡුායාරූප හා වීඩියෝ ලබා
ගැනීමේ හැකියාව ලැබෙනු ඇත. විශේෂයෙන් එහි ඇති Super Clear Glass කැමරා lens
හේතුවෙන් වඩා පැහැදිලි ඡුායාරූප ලබා ගැනීමට මෙන්ම රාත‍්‍රී කාලයේදී සුපැහැදිලි
වීඩියෝ ලබා ගැනීමටද උපකාර වනු ඇත. Galaxy S22 Ultra 5G හි Auto Framing තාක්ෂණය
හේතුවෙන් ඔබ මිතුරන් සමඟ වීඩියෝ ගැනීමේදී පුද්ගලයන් 10 දෙනෙකු සිටියද එහි
කැමරාවේ focus එක ස්වයංක‍්‍රීයව වෙනස් වන නිසා ඔබේ කැමරාව පැහැදිලිව ඒ සෑම

කෙනෙකුම ග‍්‍රහණය කරගනී. තවද වැඩි zoom අවකාශය හා quadruple-lens සහිත
කැමරාව සමඟින් එන Galaxy S22 Ultra 5G සැම්සුන් smartphone අතර ප‍්‍රබලතම කැමරාව
බව යළි යළිත් තහවුරු කරනු ඇත.
Galaxy S22 කාණ්ඩය සතු නවතම AI තාක්ෂණය සඳහා සහාය දක්වන Portrait mode හා
Auto Framing වැනි විශේෂාංග නිසා උසස් තත්වයේ, සුපැහැදිලි ඡුායාරූප හා වීඩියෝ
ග‍්‍රහණය කරගැනීමට ඔබට හැකිය. තවද Galaxy S22 කාණ්ඩය DSLR කැමරා අත්දැකීමක්
ලබා දීම සඳහා Expert RAW app (යෙදවුම) සමඟ ඔබ වෙත හඳුන්වා දී තිබීම
විශේෂත්වයකි. 12bit HDR දක්වා RAW format යටතේ ඔබගේ ඡුායාරූප ගබඩා කර ගතහැකි
නිසා මනා පාලනයකින් යුතුව ඔබගේ ඡුායාරූප edit කරගැනීමට හැකියාව ඇත. මීට
අමතරව DSLR කැමරාවක් මෙන් ISO settings හා Shutter speed සමඟින් ඔබගේ ඡුායාරූපවල
ආලෝක තත්වයන් වෙනස් කිරීමට හැකියාව ලබා දෙමින් අපූරු ඡුායාරූප ඔබට ලබා දේ.
Galaxy S22 කාණ්ඩය ඉන්දියාවේ නවතම 4nm Snapdragon® 8 Gen 1 ජංගම වේදිකාව සමඟින්
පැමිණේ. එමෙන්ම එය Wi-Fi 6 වලට වඩා දෙගුණයක් වේගවත් Wi-Fi 6E තාක්ෂණයෙන්
සමන්විත නිසා ඔබ වීඩියෝ ක‍්‍රීඩා කරන විට හෝ වීඩියෝ නරඹන විට හෝ වැඩ කරන
විට හෝ ඔබ වැඩිපුරම භාවිත කරන සියලූම app සඳහා අසමසම ක‍්‍රියාකාරීත්වයක්
අත්විඳිය හැකිය. Galaxy S22 Ultra සතු ප‍්‍රබල බැටරිය එක් වරක් සම්පූර්ණයෙන් charge කළ
පසු ඔබට කැමති දේවල් නරඹමින් බොහෝ කාලයක් ගත කළ හැකි බැවින් නිතර නිතර
charge කිරීමට කරදර විය යුතු නැත.
අඟල් 6.8, AMOLED 2X තිරයකින් සමන්විත Galaxy S22 Ultra 5G ඔබ මෙතෙක් අත් නොවිඳි
පුළුල් නැරඹුම් අත්දැකීමක් ඔබට ලබා දෙන අතර Galaxy S22 5G හි අඟල් 6.1, AMOLED 2X
තිරය ඔබට උසස් තත්වයේ gaming හා නැරඹුම් අත්දැකීමක් ලබා දීම සඳහා නිර්මාණය
කර තිබීම විශේෂිතය. Galaxy S22+ 5G හි තිරය අඟල් 6.6කින් සමන්විතය.


මිලදී ගත හැකි ක‍්‍රම හා මිල
Galaxy S22 Ultra 5G (12/256GB) වර්ගයේ දුරකතනයක මිල රු. 414,999 ක් වන අතර
Phantom Black, Burgundy හා Green යන වර්ණයන්ගෙන් එය ලබා ගත හැකිය. Galaxy S22 5G
(8/256GB) වර්ගයේ දුරකතනයක මිල රු. 299,999 ක් වන අතර Phantom Black, Pink Gold,
Phantom White හා Green වර්ණයන්ගෙන් ලබා ගත හැකිය. තවද Galaxy S22 Ultra 5G හෝ
Galaxy S22 5G මිලදී ගනු ලබන පාරිභෝගිකයින්ට OneDrive වලට මාස 6ක් සඳහා නොමිලේ
100GB ද, මාස 3ක් සඳහා Spotify premium subscription සහ Adobe Photoshop Lightroom හා
Adobe Creative Cloud Express මාස 2ක් නොමිලේ භුක්ති විඳීමට ද අවස්ථාව හිමි වේ.
පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි
බලයලත් අලෙවි නියෝජිතයන් වන John Keells Office Automation හා Softlogic Mobile
Distribution වෙතින් මෙරට පාරිභෝගිකයින්ට S22 5G කාණ්ඩය මිලදී ගත හැකිය. එමෙන්ම
එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer, Singhagiri සහ Damro
මගින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් ද ලබා ගත
හැකිය. එමෙන්ම online වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk),
MySoftlogic.lk, Daraz.lk, Keellssuper.com සහ Kapruka.com මගින් ද ඔබට මිලදී ගත හැකිය.
ඔබ කොහේ, කොතැන සිටියත් ඔබට අවශ්‍ය සේවය ඕනෑම වේලාවක ලබා දීමට අප
සූදානම්. Samsung Galaxy smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින්

ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය
සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ දුරකතනයේ
කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ
විට අපගේ උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.
Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand
Finance Lanka විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ
විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත. මෙරට අංක 1 smartphone වෙළෙඳ
නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා තාරුණ්‍යයේ
පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *