හේලීස් වැවිලි සමාගම ක්ෂේත‍්‍ර නිලධාරීන් වෙනුවෙන් පුරෝගාමී NVQ සහ ජාතික නිපුණතා බලපත‍්‍ර වැඩසටහනක් දියත් කරයි

හේලීස් වැවිලි සමාගම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම වරට ජාතික නිපුණතා බලපත‍්‍රය (NSP) සහ
ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය (NVQ) ක්ෂේත‍්‍ර නිලධාරීන් වෙත පිරිනමමින් මානව
සම්පත් සංවර්ධනය සඳහා නව සන්ධිස්ථානයක් සනිටුහන් කළේය.
තිරසාර වැවිලි ව්‍යාපාර මෙහෙයුම් සම්බන්ධයෙන් ඔවුන්ගේ නිපුණතා වැඩි දියුණු කරමින්
කැළණි වැලි ප්ලාන්ටේෂන්ස් (KVPL), තලවකැලේ වතු සමාගම (TTEL) සහ හොරණ වතු
සමාගම (HPL) යන ආයතනවල ක්ෂේත‍්‍ර නිලධාරීන් 70 දෙනෙකු විසින් මෙම වැඩසටහන
සාර්ථකව නිම කරන ලදී.
උපාධි ප‍්‍රදානෝත්සවයේදී හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය
රොෂාන් රාජදුරෙයි මහතා ප‍්‍රකාශ කළේ ‘’උසස් තාක්ෂණික දැනුම සමඟ අත්දැකීම් මත
පදනම් වූ දැනුම ඒකාබද්ධ කරමින් වැවිලි කළමනාකරණය සඳහා නව ප‍්‍රවේශයක් ඇති
කිරීම හේලීස් වැවිලි සමාගමේ අපගේ මෙහෙවරයි.” යනුවෙනි.
”NVQ සහ ජාතික නිපුණතා බලපත‍්‍ර හඳුන්වාදීමත් සමඟ අපි අපගේ කණ්ඩායමට
ඔවුන්ගේ හැකියාවන් සහ ප‍්‍රවීණත්වය ඉහළ නංවා ගැනීමට, ජීවමාන, ඩිජිටල් ලෙස
සවිබල ගැන්වූ ශ‍්‍රම බලකායක් ගොඩනැගීමට උදවු කරනවා. මෙම වැඩසටහන්
සම්පූර්ණ කිරීම පිළිබඳව කණ්ඩායමේ සෑම සාමාජිකයෙකුටම මම සුබ පතන අතර
ඔවුන් රටේ ප‍්‍රමුඛ පෙළේ වැවිලි ක්ෂේත‍්‍ර නිලධාරීන් ලෙස දියුණු වෙමින්, ඔවුන්ගේ
වෘත්තීය දියුණුව අඛණ්ඩව කරගෙන යමින් සහ වෘත්තීයමය ජීවිතය තුළ වෙනසක් සිදු
කරනු දැකීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසුවේය.
ලංකා සේවා යෝජකයින්ගේ සම්මේලනය (EFC), ජාත්‍යන්තර කම්කරු සංවිධානය (ILO) –
කොළඹ කාර්යාලය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය (NAITA) සහ
තෘතියික සහ වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC) අතර සිව් පාර්ශවික
මුලපිරීමකි. නිපුණතා සංවර්ධන, රැුකියා සහ කම්කරු සබඳතා අමාත්‍යාංශයේ
මගපෙන්වීම යටතේ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරිය (NAITA)
වෙතින් සපයන ලද තාක්ෂණික සහාය තුළින් මෙම වැඩසටහන් දියත් කරන ලදී.
වසරක පළපුරුද්ද සහ ප‍්‍රශංසනීය කාර්ය සාධන වාර්තා සහිත හේලීස් වැවිලි
ආයතනයේ ක්ෂේත‍්‍ර කාර්ය මණ්ඩල සාමාජිකයින් NAITA විසින් න්‍යායාත්මක සහ
ප‍්‍රායෝගික අංශ මත තෝරාගෙන ඇගයීමට ලක් කරන ලදී. වැඩසටහන සම්පූර්ණ
කිරීමෙන් පසු පළමු ක්ෂේත‍්‍ර නිලධාරීන් කණ්ඩායමට NVQ සහතික සහ QR කේතයක්
සහිත ඩිජිටල් නිපුණතා බලපත‍්‍ර ස්මාර්ට් කාඞ්පතක් ප‍්‍රදානය කරන ලදී.
”පළමු අදියරේ සාර්ථකත්වය අනුව අපගේ කර්මාන්තයේ දිගුකාලීන අභියෝග විසඳීම
සඳහා නව විසඳුම් සොයා ගැනීමට NVQ නිපුණතා බලපත‍්‍රය අපගේ කණ්ඩායමට
ශක්තියක් වනු ඇතැයි අපට විශ්වාසයි. ඉදිරියට යමින් දැනටමත් ජාතික හා ජාත්‍යන්තර
පිළිගැනීමක් දිනාගෙන ඇති අපගේ භාවිතයන් අඛණ්ඩව තහවුරු කිරීමට සහ වැඩිදියුණු
කිරීමට අපි කැපවී සිටිනවා. එය රටේ හොඳම කලාපීය වැවිලි සමාගම් තුන අතරට අප
ශ්‍රේණිගත කිරීම සහතික කර ඇති බව සහතික කර තියෙනවා.” යනුවෙන් කැලණිවැලි

වැවිලි සමාගමේ මානව සම්පත් කළමනාකරණය සහ ආයතනික තිරසාරභාවය පිළිබඳ
ප‍්‍රධානී/සාමාන්‍යාධිකාරී අනුරුද්ධ ගමගේ මහතා සඳහන් කළේය.
මෙම ජාතික නිපුණතා බලපත‍්‍ර online වේදිකාව සේවකයින්, සේවායෝජකයින්,
සුදුසුකම්ලත් ආයතන සහ ශ‍්‍රම වෙළෙඳපොළ අතරමැදියන් සමඟ සම්බන්ධ කරන අතර
සේවකයකුගේ දැනුම, කුසලතා සහ ආකල්ප online ලේඛනයක සටහන් වෙයි. තවද
සේවකයින්ගේ විවිධ කුසලතා ඇගයීමකට ලක් කිරීමේදී සහ ඔවුන්ගේ යොමු කිරීම් හා
අත්දැකීම් සමඟ කුසලතා හා සුදුසුකම් පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමට මෙම
වේදිකාව යොදා ගත හැකිය. ජාතික නිපුණතා බලපත‍්‍රහිමියන්ට මෙමඟින් සුදුසු රැකියා
සොයා ගැනීමට සහ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් නව කුසලතා ඉගෙනීමේ
ක‍්‍රියාවලිය තුළින් වෙනත් රැකියාවක් කිරීම හෝ වෙනත් රැකියාවක් කිරීමට සේවකයින්
පුහුණු කිරීමේ අවස්ථාවන්ට ප‍්‍රවේශය ලබා දෙයි.

මෙම NSP හි අමතර ප‍්‍රතිලාභයක් වන්නේ එය පෙර ඉගෙනීම් (Recognition of Prior Learning)
වේදිකාවට සෘජුවම සම්බන්ධ වීම වන අතර නිසි තක්සේරු කිරීම් හා සහතික කිරීම්
තුළින් අනියම් ආකාරයෙන් ලබා ගත් දැනුම, කුසලතා හා හැකියාවන් හඳුනාගැනීමට එය
උපකාරී වෙයි. RPL ප‍්‍රතිඵල ලේඛනගත කර ඇත්නම් NSP සේවකයින්ගේ වෘත්තීය
මාර්ගෝපදේශයක් විය හැකිය. මීට අමතරව, එය ඔවුන්ට අනාගතය සඳහා දොරටු විවර
කරන ඔවුන්ගේ කුසලතා පිළිබඳව සාක්ෂියක් සපයන ආරම්භක ලක්ෂය වනු ඇත.

හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, ආචාර්ය රොෂාන්රා ජදුරෙයි මහතා
කැලණිවැලි වැවිලි සමාගමේ මානව සම්පත් කළමනාකරණය සහ
ආයතනික තිරසාරභාවය පිළිබඳ ප‍්‍රධානී/සාමාන්‍යාධිකාරී අනුරුද්ධ ගමගේ මහතා
සහතිකපත් ලත් පළමු ක්ෂේත‍්‍ර නිලධාරීන් කණ්ඩායම
ජාතික වෘත්තීය සුදුසුකම් සහ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම ජාතික නිපුණතා බලපත‍්‍ර

Leave a Reply

Your email address will not be published. Required fields are marked *