FamilyFirst: TikTok සිය Family Pairing විශේෂාංගය සමඟින් ආරක්ෂාව සඳහා වූ කැපවීම තවත් ශක්තිමත් කරයි

TikTok සිය අද්විතීය Family Pairing විශේෂාංගය සමඟින් පවුලේ සුරක්ෂාව සඳහා වන සිය
ප‍්‍රයත්නයන් අඛණ්ඩව ඉදිරියට ගෙන යමින් සිටී. එමගින් දෙමාපියන්ට සහ යෞවන
යෞවනියන්ට ඔවුන්ට ගැලපෙන පරිදි ආරක්ෂිත සැකසුම් සකස් කිරීමට අවස්ථාව ලබා
දෙයි. සිය #FamilyFirst මුලපිරීම සමඟින් DM, දැනුම්දීම් (notifications), නැරඹීමේ සහ
download කර ගැනීමේ සැකසීම් ඇතුළුව දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ගේ TikTok
ගිණුම්වල ක‍්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට Family Pairing විශේෂාංගය භාවිතා කළ
හැකි ආකාරය පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට TikTok අරමුණු කරයි. මෙය මෙම
වේදිකාව භාවිත කරන යෞවනයින්ගේ සුරක්ෂාව පිළිබඳව සැලකිල්ලක් හා සහාය
දැක්වීම සඳහා TikTok හි අඛණ්ඩ කැපවීමේ වැදගත් කොටසක් ලෙස පෙන්වා දිය හැකිය.
Family Pairing විශේෂාංගය හරහා දෙමාපියන්ට සිය TikTok ගිණුම් තම දරුවන්ගේ ගිණුම්
සමඟ සම්බන්ධ කර පාලනය කිරීමට අවස්ථාව ලබා දෙන අතර පහත සඳහන් අංශ
කෙරෙහි ද දෙමපියන්ගේ අවධානය යොමු කරවයි.
• Screen Time Management මගින් මිනිත්තු 40 සිට 120ක් දක්වා වූ කාලයක්
තෝරා ගැනීමේ විකල්පය සමඟින් තම දරුවා ටික්ටොක් හි ගත කරන කාලය
පාලනය කිරීමට දෙමාපියන්ට ඉඩ සලසයි.
• Restricted Mode හරහා, දෙමාපියන්ට තම දරුවාට නුසුදුසු යැයි හැෙඟන
ඇතැම් අන්තර්ගතයන් නැවතා දැමීම ද කළ හැකිය. Family Pairing විශේෂාංගය අක‍්‍රීය
කර ඇති විටෙකදී පවා ඕනෑම වේලාවක යෙදවුමේ ඇති Digital Wellbeing controls තුළින්
දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ගේ Screen Time Management සහ Restricted Mode සැකසීමට
උපකාර කළ හැකිය.
• Direct Messages සහායෙන් දෙමාපියන්ට, ඔවුන්ගේ ටික්ටොක් යෙදවුම හරහා
ඔවුන්ගේ දරුවාගේ ටික්ටොක් යෙදවුමේ ඇති direct message විකල්පය සම්පූර්ණයෙන්ම
සීමා කිරීමට හෝ නවතා දැමීමට හැකියාව ඇත. පරිශීලක ආරක්ෂාව සමඟින් දැනටමත්
පණිවිඩ යැවීම සඳහා බොහෝ කොන්දේසි හා පාලනයන් TikTok සතුව ඇත. උදාහරණයක්
ලෙස, අනුමත කළ අනුගාමිකයින්ට පමණක් එකිනෙකාට පණිවිඩ යැවිය හැකි අතර
පණිවිඩ යැවීමේදී පින්තූර හෝ වීඩියෝ යැවීමට TikTok ඉඩ ලබා දෙන්නේ නැත. එමෙන්ම
TikTok වයස අවුරුදු 16ට අඩු ලියාපදිංචි පරිශීලකයින් සඳහා Direct Messages ස්වයංක‍්‍රීයව
අක‍්‍රීය කරනු ලබයි.
• Manage privacy and security settings මගින් දෙමාපියන්ට ඔවුන්ගේ දරුවන්ගේ
වීඩියෝවලට like කිරීමට හෝ අදහස් දැක්විය හැක්කේ කාටද යන්න පිළිබඳව තීරණය
කළ හැකි අතර ඔවුන්ගේ ගිණුම පුද්ගලික ද නැතහොත් මහජනතාව සඳහා විවෘත ද
යන්න පිළිබඳව හෝ ඔවුන්ගේ ගිණුම වෙනත් අයට නිර්දේශ කළ හැකිද යන්න තීරණය
කළ හැකිය.
TikTok ශ‍්‍රී ලංකාවේ වඩාත් ජනප‍්‍රිය හා කීර්තිමත් පුද්ගලයින් සහ නිර්මාණකරුවන්
කිහිපදෙනෙකු සමඟ සහයෝගයෙන් කටයුතු කර ඇති අතර ඔවුන් විශේෂයෙන්ම වයස
අවුරුදු 13 සහ 19 අතර තරුණ පරිශීලකයින් කෙරෙහි අවධානය යොමු කරමින් පවුලේ

ආරක්ෂාව පිළිබඳව TikTok හි ක‍්‍රියාකාරකම් ඉහළ නැංවීම සඳහා ආකර්ෂණීය
අන්තර්ගතයන් නිර්මාණය කරනු ඇත.
ජනතාව TikTok වැනි වේදිකා වැඩි වශයෙන් වැළඳ ගැනීම නිසා පවුල්වලට ඔවුන්ගේ
නිර්මාණශීලීත්වය ප‍්‍රකාශ කිරීමට, ඔවුන්ගේ කථා බෙදාහදා ගැනීමට සහ ඔවුන්ගේ
ප‍්‍රජාවන්ට සහයෝගය දැක්වීමට සියලූ ආකාරයේ අන්තර්ගයන් නිර්මාණය කිරීම සඳහා
දේවල් එකට සම්බන්ධ කිරීමට ඔබට ඉඩ සලසන උසස් විශේෂාංග සපයයි.
පවුල් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරමින් සිය කොන්දේසි, ප‍්‍රතිපත්ති, පාලනයන්
සහ අධ්‍යාපනික මූලාශ‍්‍ර වැඩිදියුණු කිරීමට සහ ඉහළ නැංවීමට TikTok පසුගිය වසර පුරා
පියවර රැසක් ගෙන ඇත. එහිදී TikTok සිය ප‍්‍රතිපත්ති වඩාත් විනිවිදභාවයෙන් යුතුව සහ
පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි ආකාරයට සකස් කර තිබේ. එහි Safety Center සතුව ඇති
සම්පත් මත ගොඩනැගුණු එහි විශ්වාසය පිළිබඳ සහ ආරක්ෂිත කොන්දේසි සංවර්ධනය
කර තිබෙන අතර ප‍්‍රමුඛ පෙළේ online safety සංවිධාන සමඟ ද අත්වැල් බැඳගෙන ඇත.
TikTok, Family Pairing හඳුන්වා දීමෙන් අපගේ පරිශීලකයින්ගේ ආරක්ෂාව සඳහා ගොඩනගා
ඇති එහි කැපවීම ඉදිරියට ගෙන යයි. එය අන්තර්ජාලය ආරක්ෂිතව භාවිත කරන
ආකාරය සහ අන්තර්ජාලය හා අනෙකුත් ඩිජිටල් තාක්ෂණයන් ඵලදායී හා වගකීමෙන්
යුතුව භාවිත කිරීමට ඇති හැකියාව පිළිබඳව දරුවන්ට අවබෝධයක් ලබා දෙන අතරතුර
දෙමාපියන්ට සිය දරුවන්ගේ online තාක්ෂණය පිළිබඳ අත්දැකීම් නිරීක්ෂණය කිරීමට
ඔවුන්ට මගපෙන්වීම සඳහා වන TikTok හි අඛණ්ඩ ප‍්‍රයත්නයන්වල තවත් වැදගත්
කොටසක් ලෙස පෙන්වා දිය හැකිය.
TikTok හි ආරක්ෂිත විශේෂාංග පවුල්වල ආරක්ෂාව සහතික කිරීම සඳහා වන එහි
ප‍්‍රයත්නයන් මත ගොඩනගා ඇති අතර සිය ප‍්‍රජාවේ ආරක්ෂාව, පෞද්ගලිකත්වය සහ
යහපැවැත්ම ආරක්ෂා කිරීමේදී එයට සීමාවක් නොමැත. මෙම වේදිකාව තවදුරටත්
නව්‍යකරණය කිරීම සඳහා යෞවනයින්, ප‍්‍රජා සංවිධාන, දෙමාපියන් සහ
නිර්මාණකරුවන් සමඟ කටයුතු කරමින් පුද්ගලයින්ට විනෝද වීමට, ඔවුන්ගේ එදිනෙදා
ජීවිතය සතුටින් ගත කිරීමට වැදගත් වන දේවල් සඳහා සහ ඔවුන්ගේ නිර්මාණශීලීත්වය
අන් අය සමඟ බෙදාහදා ගැනීමට ජීවිතයේ සෑම තරාතිරමකම පුද්ගලයින් TikTok වෙත
අඛණ්ඩව පැමිණේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *