HNB ගැබිණි මව්වරුන් සඳහා ‘ඔබ වෙනුවෙන් අපි’ පෝෂණ වැඩසටහන දියත් කෙරේ

කුඩා දරුවන් අතර බහුලව දක්නට ඇති පෝෂණ ඌණතාවයක් වන මන්දපෝෂණයට
එරෙහිව සටන් කරමින්, ශ‍්‍රී ලංකාවේ වඩාත්ම පාරිභෝගිකයා කේන්ද්‍රකොට ගත් බැංකුව
වන හැටන් නැෂනල් බැංකුව සිය ප‍්‍රධානතම ආයතනික සමාජ සත්කාරයක් වන ‘ඔබ
වෙනුවෙන් අපි’ වැඩසටහනේ තවත් එක් පියවරක් ලෙස අත්‍යවශ්‍ය පෝෂණ
වැඩසටහනක් පසුගියදා දියත් කළේය.
පවතින ආර්ථික අර්බුදය හමුවේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දී මුහුණ දෙන
අභියෝග සැලකිල්ලට ගෙන පීඩාවට පත් ප‍්‍රජාවන් අතර සිටින ගැබිනි මව්වරුන්ට
සහාය වීම මෙම කාලෝචිත මැදිහත් වීමේ අරමුණයි. දිවයින පුරා පිහිටි තෝරාගත්
පාරිභෝගික ඒකක 56ක් වෙත ගැබිනි මව්වරුන් දහසක් කැඳවා බැංකුව මෙම
වැඩසටහන උත්සවාකාරයෙන් දියත් කළේය.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී, CHRO/CTO, එල්. චිරන්ති
කුරේ මහත්මිය පැවසුවේ ”ඔබ වෙනුවෙන් අපි අරමුදල අප පිහිටුවනු ලැබුවේ කොවිඞ්-
19 වසංගතයෙන් පීඩාවට පත් ශ‍්‍රී ලාංකිකයන්ට උපකාර කිරීම සඳහායි. මෙම අරමුදල
සහ එහි අරමුණු වසර පුරාවට සෑම තරාතිරකම පුද්ගලයින් සමඟ කටයුතු කිරීමට සහ
ඔවන්ට හැකි සෑම විටම සහයෝගය ලබා දීම සඳහා ක‍්‍රමයෙන් වර්ධනය වී තිබෙනවා.
එනිසා විශේෂයෙන්ම දකුණු ආසියාවේ වයස අවුරුදු 5 ට අඩු ළමුන් අතර ඇති උග‍්‍ර
මන්දපෝෂණ තත්වයෙන් දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ශ‍්‍රී ලංකාවයි. මේ නිසා
ගැබිණි මව්වරුන් වෙනුවෙන් මේ අවස්ථාවේදී කටයුතු කිරීම ඉතා වැදගත් බව අපි
විශ්වාස කරනවා. මෙම මුලපිරීම මගින් සෞඛ්‍ය සම්පන්න අනාගත පරපුරක් බිහිවනු
ඇතැයි අපි බලාපොරොත්තු වනවා,” යනුවෙනි.
සැප්තැම්බර් මාසයේ සිට අඛණ්ඩව මාස තුනක් සඳහා පෝෂණ මල්ලක් ලබා දිය යුතු
ගැබිණි මව්වරුන් 1,000ක් තෝරා ගැනීමට බැංකුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල
(MOH), ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල සහ පවුල් සෞඛ්‍ය සේවිකාවන් සමඟ සුහදව කටයුතු
කළේය.
තවද, සෞඛ්‍ය වෘත්තිකයන් සමඟ එක්ව ගර්භණී කාලයේදී කටයුතු කළ යුතු ආකාරය
මෙන්ම අලූත උපන් බිළිඳෙකුගේ අවශ්‍යතාවන් පිළිබඳව සහභාගීවූවන් දැනුවත් කිරීම
සඳහා සම්මන්ත‍්‍රණ ද සංවිධානය කර තිබුණි. එමෙන්ම අලූත උපන් තම දරුවා
වෙනුවෙන් බැංකුව විසින් ලබාදෙන රුපියල් 1,000 ක තැන්පතුවක් සමඟ HNB සිඟිති
කිරිකැටියෝ ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමට ද බැංකුව මෙහිදී ගැබිනි මව්වරුන්
දිරිමත් කළේය.
මෑතකදී බැංකුව රිජ්වේ ආර්යා ළමා රෝහලට සහ දකුණු කොළඹ ශික්ෂණ රෝහලට
ඔබ වෙනුවෙන් අපි වැඩසටහන හරහා අලූත උපන් බිළිඳුන් සහ ගැබිනි මවුවරුන්ට
අත්‍යාවශ්‍ය ඖෂධ පරිත්‍යාග කිරීමෙන් සහාය දැක්වූයේය.
HNB හි තිරසාර පදනම මගින් මෙහෙයවනු ලබන ‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහනට
අරමුදල් සපයනු ලබන්නේ පසුගිය වසරේ වසංගතය ආරම්භයේදී සිය දිනක වැටුප
ස්වේච්ඡාවෙන් ලබාදුන් HNB සේවකයින් විසිනි. මෙම වැඩසටහන ආරම්භ කිරීම සඳහා

කාර්ය මණ්ඩලය පරිත්‍යාග කළ මුදල හා සමාන මුදලක් බැංකුවද පරිත්‍යාග කළ අතර
එතැන් පටන් සෞඛ්‍ය සේවා නගා සිටුවීම අරමුණු කරගත් විවිධ ව්‍යාපෘති සඳහා එම
අරමුදල් වෙන් කෙරිනි.
Image 01 – HNB නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී, CHRO/CTO, එල්. චිරන්ති කුරේ මහත්මිය
නිට්ටඹුවේ ගැබිනි මවකට පෝෂණ මල්ලක් ප‍්‍රදානය කරමින්.
Image 02 – HNB පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම මහතා බණ්ඩාරගම
ගැබිනි මවකට පෝෂණ මල්ලක් ප‍්‍රදානය කරමින්.
Image 03 – මොණරාගල ගැබිණි මව්වරුන්ට පෝෂණ මලූ බෙදා දෙමින්
Image 04 – නුවරඑළිය ගැබිණි මව්වරුන්ට පෝෂණ මලූ බෙදා දෙමින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *