”රට දිනනා සිඟිත්තෝ”

HNB එතෙර කාසියෙන් රට බබලන්නට වෙහෙසෙන ඔබගේ, මෙතෙර කැපවෙන

දරුවන් අගයයි

ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව දශක
ගණනාවක් පුරා ශ‍්‍රී ලාංකීය ආර්ථිකය ශක්තිමත් කිරීමට සිය උපරිම දායකත්වය ලබා
දෙමින් මෙරටට විදේශ පේ‍්‍රෂණ ගලා ඒම ඉහළ නැංවීමටත් විධිමත් මාර්ග හරහා
මෙරටට විදේශ පේ‍්‍රෂණ එවීම දිරිමත් කිරීමටත් මෙන්ම ඒ සඳහා ශ‍්‍රී ලංකා මහ
බැංකුව (CBSL) හඳුන්වා දී ඇති විවිධ වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා ක‍්‍රියාත්මක
කරවීමටත් කටයුතු කර ඇත. එමෙන්ම විදේශයන්හි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින්ගේ
සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් වැඩසටහන් රැසක් ද ක‍්‍රියාත්මක කොට
ඇත.
විදේශයන් හි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින් මෙන්ම ඒ වෙනුවෙන් ඉමහත් කැප
කිරීමක් සිදු කරන ඔවුන්ගේ දරුවන් ඇගයීමත්, විදේශ විනිමය ඉපැයීමේ, ශ්‍රී ලංකා මහ
බැංකුවේ ඉදිරි දැක්ම වෙනුවෙන් සහයෝගය ලබා දීමත්, ජාතික අවශ්‍යතාවයක් ලෙස
සලකා, ‘‘රට දිනනා සිඟිත්තෝ” මැයෙන් විදේශයන් හි සේවයේ නියුතු ශී‍්‍ර
ලාංකිකයින්ගේ මෙරට වෙසෙන දරුවන් දක්වන දක්ෂතා සහ කුසලතා ඇගයීමේ
වැඩසටහනක් හැටන් නැෂනල් බැංකුව දියත් කර තිබේ.
මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර
අධිපති ධර්මසිරි කුමාරතුංග මහතා සහභාගී වූ අතර SLT Mobitel ප‍්‍රධාන විධායක
නිළධාරී චන්දික විතාරණ, SLT Mobitel අංශ ප‍්‍රධානී – විකුණුම්, නලීන් පේ‍්‍රමරත්න, HNB
පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය
සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න, HNB ඇෂුවරන්ස් සාමාන්‍යාධිකාරී – ආයතනික
ව්‍යාපාර සබඳතා, සනේෂ් ප‍්‍රනාන්දු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ
සභාපති, මහේන්ද්‍ර කුමාරසිංහ, අධ්‍යාපන අමාත්‍යංශයේ අතිරේක ලේකම්, ලලිතා
එගොඩවෙල සහ කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ
ලේකම්, නීල් බණ්ඩාර හපුහින්න යන මහත්ම මහත්මීන් ඇතුළු අදාල ආයතන
නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් ද සහභාගී විය.
අධ්‍යාපන අමත්‍යාංශය, කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය,
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති
කාර්යාංශයේ මග පෙන්වීම හා අධීක්ෂණය යටතේ, හැටන් නැෂනල් බැංකුව, දීපව්‍යාප්ත
තරගාවලියක් ලෙස ”රට දිනනා සිඟිත්තෝ” වැඩසටහන සංවිධානය කර ඇත. මෙම
වැඩසටහන හරහා විදේශයන් හී සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින්ගේ දරුවන්, චිත‍්‍ර
කලාව, නර්තනය, ගායනය හා ගද්‍ය රචනා යන කලා සහ සාහිත්‍ය අංශයන්හී දක්වන
දක්ෂතා ඇගයීම සිදුකෙරෙනු ඇත.
විදේශයන් හි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින් මෙන්ම ඔවුන්ගේ දරුවන්ද විදේශ විනිමය
ඉපයීමෙහිලා කරන්නා වූ කැපකිරීම අගය කිරීම හා ඒ වෙනුවෙන් සමාජ කතිකාවතක්
නිර්මාණය කිරීමත්, එවන් දු දරුවන් සතු දක්ෂතා සහ කුසලතා හඳුනා ගැනීමට

අත්වැලක් වීම හරහා ඔවුන් හට වඩාත් යහපත් අනාගතයක් උදාකරදීමට පසුබිම
නිර්මාණය කිරීමත් මෙම වැඩසටහනේ ප‍්‍රධානතම අරමුණ වේ.
විදේශයන් හි සේවයේ නියුතු, ශ‍්‍රී ලාංකිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය
වෙනුවෙන් ශ‍්‍රී ලංකා රජයෙන්, ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් සහ
අනෙකුත් රාජ්‍ය ආයතන මගින් ලබා දෙන විශේෂ වරප‍්‍රසාද හා පහසුකම් පිළිබඳව
වැටහීමක් ලබා දීමත්, එම වරප‍්‍රසාද හා පහසුකම් ලබා ගැනීමට ඔවුන්ව උන්නදු
කරවීමත් මෙම වැඩසටහනේ තවත් බලාපොරොත්තුවකි.
විදේශ විනිමය වැඩි වැඩියෙන් නීත්‍යානුකූල මාර්ගයන් හරහා ශ‍්‍රී ලංකාවට ගෙන්වා
ගැනීම සඳහා ශ‍්‍රී ලංකා මහ බැංකුව ගෙන යන වැඩ පිළිවෙලටත්, විදේශයන් හි
සේවයේ නියුතු, ශ‍්‍රී ලාංකිකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සුබසාධනය වෙනුවෙන් විදේශ
රැකියා අමාත්‍යාංශය සහ ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගෙන යන වැඩ
පිළිවෙලටත් මෙන්ම දේශයේ අනාගතය වෙනුවෙන් නැණවත්, ගුණවත් පරපුරක්
බිහිකිරීමේ රාජ්‍ය අධ්‍යාපන අමාත්‍යංශයේ වැඩ පිළිවල සඳහාත්, මෙම වැඩසටහන
හරහා සිය සහයෝගය උපරිම අයුරින් ලබා දිය හැකි වෙතැයි හැටන් නැෂනල් බැංකුව
විශ්වාස කරයි.
මෙම වැඩසටහන සඳහා ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ජාතික තොරතුරු හා සන්නිවේදන
සම්පාදක වන SLT මොබිටෙල් ආයතනයත්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම බැංකු රක්ෂණ සේවා
සපයන්නා වන HNB ඇෂුවරන්ස් ආයතනයත්, නිල සන්නිවේදන සහකරු සහ නිල
රක්ෂණ සේවා සහකරු ලෙස මෙම වැඩසටහන සඳහා හැටන් නැෂනල් බැංකුව සමඟ
එක්වී කටයුතු කරයි.


තම මව හෝ පියා හෝ මව හා පියා යන දෙදෙනාම හෝ විදේශයක සේවයේ නියුතු
ලංකාවේ වෙසෙන, පූර්ව ළමා වියේ (පෙර පාසල් හා වයස අවුරුදු 5 න් පහළ) හෝ
පාසල් වියේ පසු වන (13 වන ශ්‍රේණියේ හෝ ඉන් පහළ ශ්‍රේණිවල ඉගෙනුම ලබන) දු
දරුවන්හට මෙම තරගාවලිය සඳහා සහභාගී විය හැක. ප‍්‍රධාන වයස් කාණ්ඩ 6 ක් සහ
ප‍්‍රධාන තරග කාණ්ඩ 4 ක් යටතේ මෙම තරඟ පැවැත්වෙන අතර එක් එක් වයස්
කාණ්ඩ යටතේ තරගකරුවන් සඳහා තරඟ අවස්ථා හිමිවන ආකාරය මෙසේය. පෙර
පාසල් වියේ පසුවන සහ 1 ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන දු
දරුවන්ට චිත‍්‍ර, නර්තනය හා ගායනා යන තරඟ කාණ්ඩ 3 යටතේ මෙම තරගාවලිය
සඳහා ඉදිරිපත් විය හැකි අතර 3 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම
ලබන දු දරුවන්ට සිංහල, දෙමළ සහ ඉංගී‍්‍රසි යන මාධ්‍යන් ත‍්‍රිත්වයෙන් උප තරග
කාණ්ඩ යටතේම වෙන වෙනම ගද්‍ය රචනා නිර්මාණ ඉදිරිපත් කළ හැකිය.
ඉහත වයස් කාණ්ඩ යටතේ පැවැත්වෙන සෑම තරඟ අවස්ථාවක් සඳහාම සමස්ත ලංකා
හා දිස්ති‍්‍රක් මටට්මින් වෙන වෙනම ප‍්‍රථම, දෙවන හා තුන්වන ස්ථාන ලබා ගන්නා දු
දරුවන්ට හැටන් නැෂනල් බැංකුව ත්‍යාග සහ සහතික පත‍්‍ර පිරිනමනු ලබයි.
සියලූම නර්තන හා ගායනා නිර්මාණ පටිගත කරන ලද වීඩියෝ දර්ශනයක් ලෙස 071
600 7778 අංකයට වට්ස් ඇප් (WhatsApp) යෙදුම හරහා හැටන් නැෂනල් බැංකුව වෙත
යොමු කළ හැක. සියලූම චිත‍්‍ර සහ ගද්‍ය රචනා නිර්මාණ ලියාපදිංචි තැපෑලෙන්, සහකාර
සාමාන්‍ය අධිකාරී – ශාඛා ජාල කළමනාකරණ හා ව්‍යාපාර ප‍්‍රවර්ධන, ව්‍යාපාර ප‍්‍රවර්ධන
අංශය, 19 වන මහල, අංක 479, HNB ප‍්‍රධාන කාර්යාලය, T B ජයා මාවත, කොළඹ 10

යන ලිපිනය වෙත එවීමෙන් හෝ ඔබට ළඟම පිහිටි HNB ශාඛාව වෙත වෙත භාර දීමෙන්
හැටන් නැෂනල් බැංකුව වෙත යොමු කළ හැක.
සියලූම නිර්මාණ 2023 මාර්තු 15 වන දිනට පෙර නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්
පත‍්‍රයක් සමඟ හැටන් නැෂනල් බැංකුව වෙත එවිය යුතුය.
මෙම තරගාවලියේ තරඟ නීති රීති හා කොන්දේසි සහ නිර්මාණ යොමු කළ යුතු
ආකාරය ඇතුළු තරගාවලිය පිළිබඳ වැඩි විස්තර අවශ්‍ය වේ නම් පාසලේ විශය භාර
ගුරුතුමා හෝ ගුරුතුමියගෙන් හෝ www.hnb.net වෙබ් අඩවියෙන් www.hnb.net >
Promotions > Rata Dinana Singiththo Competition 2022) 2022 අපේ‍්‍රල් 21 දිනැති, ‘‘රට
දිනනා සිඟිත්තෝ – විදේශයන් හි සේවයේ නියුතු ශ‍්‍රී ලාංකිකයින්ගේ මෙරට වෙසෙන
දරුවන් දක්වන දක්ෂතා සහ කුසළතා ඇගයීම” මැයින්, අධ්‍යාපන අමාත්‍යංශය මගින්
නිකුත් කර ඇති චක‍්‍ර ලේඛනය පරිශීලනය කරන්න.


නැතිනම් ඔබට ළඟම පිහිටි HNB ශාඛාව හෝ 011 2 462 462 අංකයෙන් අප
පාරිභෝගික සේවා මධ්‍යස්ථානය අමතන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *