HNB, CMTA හි වාර්ෂික ආයතනික ලීසිං හවුල්කරුවකු ලෙස එක්වෙයි

ශ‍්‍රී ලංකාවේ වඩාත් පාරිභෝගික හිතකාමී බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ‍්‍රී
ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නියෝජිත ආයතනය වන Ceylon Motor Traders
Association (CMTA) හි නිල ලීසිං සහකරුවා ලෙස පසුගියදා අවබෝධතා ගිවිසුමකට
අත්සන් තැබුවේය.
HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය
සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න සහ CMTA සභාපති චරක පෙරේරා යන
මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ඇති කරගත් මෙම නව හවුල්කාරීත්වය තුළින්
ආයතන දෙක අතර පවතින උපාය මාර්ගික සබඳ තාව මත CMTA සාමාජිකයින් හට HNB
හි පුළුල් පරාසයක විහිදුණු ලීසිං පහසුකම් ලබා ගැනීමට හැකියාව ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු
පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න මහතා පැවසුවේ ‘‘වත්මන් ආර්ථික
තත්වය මගහරවා ගැනීම සඳහා මෝටර් රථ කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය නව
ක‍්‍රියාකාරකම් රැසක් ආරම්භ කිරීමට අපි කටයුතු කර තිබෙනවා. මෙය එහි එක්
වැඩසටහනක් ලෙස පෙන්වා දිය හැකියි. මේ වන විට අභියෝගාත්මක කාලයකට මුහුණ
දෙමින් සිටියද මෙම හවුල්කාරීත්වය තුළින් සාමාජිකයින්ට සහ ඔවුන්ගේ
ගනුදෙනුකරුවන්ට වඩාත් පුළුල් ලීසිං විසඳුම් ලබා දීමට හැකියාව උදා වනවා’’ යනුවෙනි.
මෙහිදී අදහස් දැක්වූ CMTA සභාපති චරක පෙරේරා මහතා සඳහන් කර සිටියේ
‘‘නිෂ්පාදනයක කාර්යක්ෂමතාවට බොහෝ විට බලපානු ලබන ප‍්‍රාග්ධන භාණ්ඩයක්
ලෙස ප‍්‍රවාහනය සඳහන් කළ හැකියි. තවද රටේ වත්මන් තත්වය අනුව ආනයන
තහනම පවතින විටත් කර්මාන්තය මුහුණ දෙන බාධාවන්ට අවශ්‍ය සහයෝගය ලබා
දීමට හා ඒවා විසඳීමට මේ ආකාරයේ සහයෝගීතාවයන් තුළින් අත්‍යාවශ්‍ය මැදිහත්වීමක්
සිදු කළ හැකියි’’ යනුවෙනි.
1919 වසරේදී පිහිටුවන ලද Ceylon Motor Traders Association යනු ලංකා වාණිජ මණ්ඩලය
හා සම්බන්ධ මෙරට මෝටර් රථ කර්මාන්තයේ නියෝජිතයා ලෙස පිළිගනු ලබයි.
කලාපයේ ජ්‍යෙෂ්ඨතම මෝටර් රථ සංගමය වන එය තම නියෝජිතයින් හරහා සියලූ
ප‍්‍රධාන ජාත්‍යන්තර මෝටර් රථ නිෂ්පාදකයින් නියෝජනය කරයි.

HNB පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය
සාමාන්‍යාධිකාරී, සන්ජේ විජේමාන්න (වමේ සිට පස් වැන්නා) සහ CMTA සභාපති, චරක
පෙරේරා යන මහත්වරුන් (දකුණේ සිට දවැන්නා) අදාල අවබෝධතා ගිවිසුම් හුවමාරු
කරගනිමින්. (වමේ සිට) HNB හි පුද්ගලික මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම, HNB
ලීසිං ප‍්‍රධානී සුසිත් පෙරේරා, HNB සහකාර කළමනාකාර – ලීසිං රොෂාන් ද සිල්වා,
ව්‍යාපාර සංවර්ධන සහකාර කළමනාකාර – ලීසිං මහේෂ් රත්නායක, CMTA ජ්‍යෙෂ්ඨ උප
සභාපති විරාන් ද සොයිසා සහ CMTA උප සභාපති ඇන්ඩෲ පෙරේරා යන මහත්වරුන්ද
ඡායාරූපයේ වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *