මහජන සෞඛ්‍ය නිලධාරීන් සඳහා සුවිශේෂී සන්නිවේදන විසඳුම් පිරිනැමීමට එයාර්ටෙල් GMOA සමඟ අත්වැල් බැඳගනී

ශ‍්‍රී ලංකාවේ දේශීය ආයතන සමඟ සමීපව කටයුතු කිරීමේ සිය කැපවීම අඛණ්ඩව
පවත්වා ගනිමින් එයාර්ටෙල් ලංකා සමාගම, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට
(GMOA) සහ එහි 23,000 ක් වන සාමාජිකයින්ට සුවිශේෂී සන්නිවේදන විසඳුම් සැපයීම
සඳහා එම සංගමය සමඟ පසුගියදා අත්වැල් බැඳගත්තේය.
මෙම අවස්ථාව සනිටුහන් කිරීම සඳහා පැවති විශේෂ උත්සවයකට GMOA නියෝජනය
කරමින් එහි සභාපති, වෛද්‍ය දර්ශන සිරිසේන, ලේකම්, වෛද්‍ය හරිත අලූත්ගේ, උප
සභාපති, වෛද්‍ය චන්දික එපිටකඩුව, සහකාර ලේකම්, ආචාර්ය ප‍්‍රභාත් සුගතදාස
සමඟින් එයාර්ටෙල් ශ‍්‍රී ලංකා ප‍්‍රධාන විධායක නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ්
චන්ද්‍රා, විකුණුම් ප‍්‍රධානී, අතුල දිසානායක, ප‍්‍රධාන අලෙවි නිලධාරී, ශාන්ත ප‍්‍රනාන්දු,
ප‍්‍රධාන සේවා නිලධාරී, ෆවාස් නිසාම්ඞීන් සහ කළමනාකාර, පසුගෙවුම් පැකේජ
විකුණුම්, ඉඳුනිල් සඳරුවන් යන මහත්වරුන් සහභාගී විය.
මෙම හවුල්කාරීත්වය හරහා, දිවයින පුරා ඇති ජාතික රෝහල් 126 සිටින GMOA හි
සාමාජිකයින් සියලූ දෙනාට වසර 1 ක කාලයක් සඳහා අසීමිත ඇමතුම් ලබා ගැනීමට
හැකියාව ලැබේ. එමෙන්ම එයාර්ටෙල් හි ව්‍යවසාය විසඳුම් සහ අමතර අගය එකතු
කිරීමේ සේවාවන් හරහා එයාර්ටෙල් විසින් GMOA වෙත කාර්යාලීය සම්බන්ධතා සහ
අනෙකුත් සේවාවන් ද සපයනු ඇත. එයාර්ටෙල් හි නව්‍ය ව්‍යවසාය සේවා මගින් වැඩි
කාර්යක්ෂමතාවයක් සහ ඵලදායිතාවයක් ලබා ගැනීම සඳහා පුළුල් පරාසයක විහිදුනු
ව්‍යාපාර සවිබල ගන්වනු ලබයි. මේවා සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ තීරණාත්මක අවශ්‍යතාවයන්
ලෙස මූලිකව පිළිගැනේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ශ‍්‍රී ලංකා ප‍්‍රධාන විධායක
නිලධාරී/කළමනාකාර අධ්‍යක්ෂ, අශීෂ් චන්ද්‍රා මහතා පැවසුවේ ‘‘එයාර්ටෙල් හි අපගේ
සේවාවන් සහ ජාලය ඔබගේ ප‍්‍රියතම විදුලි සංදේශ සැපයුම්කරුවෙකු ලෙස තෝරා
ගැනීමට අප කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව අප GMOA වෙත කෘතඥ වෙනවා.
සෞඛ්‍ය සේවාව යනු ඉතා අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවත්. එබැවින් රජයේ වෛද්‍ය නිලධාරීන්ට
ඔවුන්ගේ රාජකාරිය ඉටු කිරීමට සහාය වීම අප ගෞරවයක් ලෙස සලකනවා. දීප
ව්‍යාප්තව සෞඛ්‍ය සේවාවන් තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා වන ජාතික
ප‍්‍රමුඛතාවයන් සමඟ පෙලගස්වමින් සහ GMOA හි සුවිශේෂී අවශ්‍යතා මත පදනම්ව
මෙම සහයෝගීතාවය ගොඩනැගීමට එයාර්ටල් හි ඇති කැපවීම නැවත අවධාරණය
කිරීමට අපි මෙය අවස්ථාවක් කර ගන්නවා.’’ යනුවෙනි.
මූලික සෞඛ්‍ය සේවා ඩිජිටල්කරණය කිරීමට සහාය වීම සඳහා එයාර්ටෙල් හි
ජාත්‍යන්තර තාක්ෂණ විශේෂඥ සහාය ලබා ගනිමින්, GMOA සමඟ ඇති සහයෝගීතාවය
සැලකිය යුතු ලෙස තවදුරටත් ශක්තිමත් කිරීමට ඇති හැකියාව පිළිබඳව ද මෙහිදී ඔහු
වැඩිදුරටත් සඳහන් කළේය.
පරිශීලකයින් සඳහා පරිපූර්ණ වටිනාකමක් ලබා දෙන අතරම උසස් තත්වයේ විදුලි
සංදේශ සේවා අත්දැකීම් වෙත පුළුල් ප‍්‍රවේශය ලබා දීම අරමුණු කරගත් සමාගමේ
පුරෝගාමී මුලපිරීම්වල නවතම අවස්ථාව ලෙස එයාර්ටෙල් සහ GMOA ඇති කරගත්
මෙම සහයෝගීතාවය පෙන්වා දිය හැකියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *