ගමන් Pele

(ඔමාලි සේනානායක)

පාද දෙකෙන් නිවැරදි සහ ප්‍රබල පහරකින් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙය වූ ඉදිරිපෙල ක්‍රීඩකයකු වූ ඔබ ක්‍රීඩාවද කලාවක් බව ලොවට පසක් කල ක්‍රීඩකයෙකි.

එම ආකර්ශනීයත්වය 1970 ලෝක කුසලානයේ බ්‍රසීලය එදිරිව එංගලන්ත තරඟයේදි කැපි පෙනුනි. ඔබගේ උණුසුම් වැලඳ ගැනීම ක්‍රීඩාශීලිත්වයේ ප්‍රතිමූර්තිය ලෙස එදා සලකනු ලැබීය, නිව් යෝර්ක් ටයිම්ස් ඔබගේ රූපය සමග හරි අපූරුවට එය වාර්තා කරනු ලැබීය.

වරක් ජයග්‍රහණ සම්මානයක් පිරිනමමින් හිටපු දකුණු අප්‍රිකානු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා පැවසුවේ, “ඔහු ක්‍රීඩා කිරීම නැරඹීම යනු මිනිසෙකුගේ අසාමාන්‍ය කරුණාව සමඟින් සම්පූර්ණ වූ දරුවෙකුගේ ප්‍රීතිය නැරඹීමයි.” යනුවෙනි.

2000, පාපන්දු ඉතිහාසය සහ සංඛ්‍යාලේඛන පිළිබඳ ජාත්‍යන්තර සම්මේලනය (IFFHS) ඔබට සියවසේ ලෝක ක්‍රීඩකයා ලෙස ඡන්දය දුන්නේය. 1999 දී, ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ඔබව සියවසේ මලල ක්‍රීඩකයා ලෙස තෝරාගන්නා ලදි. Timemagazine 20 වන සියවසේ වැදගත්ම පුද්ගලයන් 100 දෙනාගෙන් කෙනෙකු ලෙස නම් කරන ලදී. ඔබ කාලයක් ලෝකයේ වැඩිම වැටුප් ලබන ක්‍රීඩකයා විය.

මේ ඔබ ලැබු වත්කම්වලින් අල්පයකි. ඔබව වැලදගැනීමට ලෝකයම බලාසිටියේය. ඔබ ඇවිද ගිය තණ පලස සිප ගැනීමට ඔවුන්ට අවශ්‍ය විය. ඔබ ගමන් ගත් මාර්ගයේ ගමන් කිරිමට ඔබව අනුකරණය කිරීමට පාපන්දු ක්‍රීඩාවට අවශ්‍ය විය.
සියල්ල මතකයක් බවට කරමින් ලෝකයක් හඩවමින් ඔබ අද නික්ම ගොස් ඇත.

ඉතින් පෙලේ ඔබට සුබ ගමන්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *