2022 වසරේ ශ‍්‍රී ලංකාවේ හොඳම ආයතනික පුරවැසියා ලෙස HNB කිරුළු පළඳියි

 2022 වසරේ සමස්ත හොඳම ආයතනික පුරවැසි සම්මානය දිනා ගනී
 එක් ආයතනයක් ජයග‍්‍රහණය කළ වැඩිම සම්මාන ගණනට හිමිකම් කියමින්
සම්මාන 5ක් දිනා ගනී
 හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා අතරට ශ්‍රේණිගත වෙයි
 පාලන කාණ්ඩයේ ජයග‍්‍රාහකයා
 ‘තිරසාර ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය දිනා ගනී
 COVID-19 වැළැක්වීමට අදාල පිළිවෙත් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් එම
කාණ්ඩයේ තෙවන ස්ථානය දිනා ගනී

තිරසාරභාවය, යහපාලනය සහ ආයතනික විශිෂ්ටත්වය පිළිබඳ වූ සැබෑ නායකත්වය
පිළිබිඹු කරමින්, ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන්
නැෂනල් බැංකුව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මගින් සංවිධානය කරනු ලබන කීර්තිමත්
හොඳම ආයතනික පුරවැසි තිරසර සම්මාන උළෙල 2022 (CCC BCCSA) හිදී මෙරට හොඳම
ආයතනික පුරවැසියා ලෙස සම්මානයට පාත‍්‍ර විය.
2022 වසරේ හොඳම ආයතනික පුරවැසි තිරසාර සම්මානයේ සමස්ත ජයග‍්‍රාහකයා ලෙස
කිරුළු පැළඳි HNB, BCCSA 2022 හි සිය ආධිපත්‍යය පැතිරවීමට සමත් වීම කැපී පෙනිණි.
එහිදී HNB 13 වසරක් සිය අභිමානය රැන්දු හොඳම ආයතනික පුරවැසියන් 10 දෙනා
අතරට ශ්‍රේණිගත වීම ද ඇතුළුව තවත් සම්මාන හතරක් දිනා ගැනීම සුවිශේෂත්වයකි.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී
ජොනතන් අලස් මහතා පැවසුවේ ”පසුගිය වසර තුන අපට අභියෝගාත්මක කාල
පරිච්ෙඡ්දයක්. එහිදී මෙරට ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ අපගේ
ජනතාවගේ ආත්මය කෙබඳුදැයි නැවත නැවතත් පරීක්ෂා කර බලනු ලැබුවා. එහෙත්,
අපගේ ආයතනික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා අප දරන උත්සාහයේදී, අප
බෙදහදා ගත් වටිනාකම් සහ විශේෂයෙන් ශ‍්‍රී ලංකා ආර්ථිකයේ බිම් මට්ටමින් තිරසාර
වර්ධනයක් ඇති කිරීම සඳහා වූ අපගේ සාමූහික වගකීම කිසි විටෙකත් අත්
නොහැරීමට අපි සැමවිටම උත්සාහයක් ගනු ලැබුවා.
”ඉදිරියේදී තවත් අභියෝග රැසක් තිබෙනවා. එහෙත් අප හා සම්බන්ධ වී සිටින
ප‍්‍රජාවන්ට, ජීවිතවලට සහ ජීවනෝපායන්වලට අත්වැලක් සපයන අතරම, අඛණ්ඩව
මෙහෙයුම් විශිෂ්ටත්වය කරා යන අපගේ කැපවීමෙහි අපි නොසැලී සිටිනවා. හොඳ සහ
නරක කාලවලදී ශ‍්‍රී ලංකාවේ ප‍්‍රගතියේ සහකරු ලෙස අපි අපගේ සේවය අඛණ්ඩව
ලබා දීමට බලාපොරොත්තු වනවා.” යනුවෙනි.
ශ‍්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තිය කරා මාරු වීමට සහාය වීම සඳහා බැංකුව ලබා
දෙන සමස්ත දායකත්වය, බිම් මට්ටමේ ආර්ථික සංවර්ධනය මෙන්ම HNB තිරසාර පදනම

විසින් මෙහෙයවනු ලබන විවිධ පාරිසරික සහ සමාජීය වැඩසටහන් අගයමින් ‘තිරසාර
ශුරතා’ සම්මාන යටතේ මූල්‍ය අංශයේ සම්මානය දිනා ගැනීමට HNB හට හැකි විය.
දිවයින පුරා සිටින අපහසුතාවලින් පෙළෙන ප‍්‍රජාවන්ට උපකාර කිරීම සඳහා 2020 දී
ආරම්භ කරන ලද බැංකුවේ ‘HNB ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන මෙයට ඇතුළත් වේ.
එතැන් සිට හැට්නා පවුල ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට අත්‍යාවශ්‍ය ඖෂධ
සහ වෛද්‍ය උපකරණ ලබා දීමෙන් සහයෝගය ලබා දී ඇත. ඊට අමතරව, අත්‍යාවශ්‍ය
ආහාර ද්‍රව්‍ය සපයා ගැනීමේ දී මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගෙන පීඩාවට පත්
ප‍්‍රජාවන් අතර සිටින ගැබිනි මව්වරුන් දහසකට සහාය වීම සඳහා පෝෂණ
වැඩසටහනක් ද ඔවුන් දියත් කළේය. එමෙන්ම බැංකුව විසින් ලබාදෙන රුපියල් 1,000 ක
තැන්පතුවක් සමඟින් HNB සිඟිති කිරිකැටියෝ ඉතුරුම් ගිණුමක් ආරම්භ කිරීමට බැංකුව
ගැබිනි මව්වරුන් දිරිගන්වමින් ඔවුන්ගේ දරුවන්ට මුදල් අතින් සුරක්ෂිත අනාගතයක්
ලබා දීම සඳහා HNB තවදුරටත් කැප වී සිටී.

‘ඔබ වෙනුවෙන් අපි’ වැඩසටහන මගින් රුපියල් මිලියන 25.1 ක මුදලක් රැස් කර
ගැනීමට ද හැකි වූ අතර එය ක්ෂුද්‍ර මූල්‍ය ගනුදෙනුකරුවන් 251 දෙනෙකු අතරේ බෙදා
දුන්නේය. මෙම අරමුදල් මගින් COVID වසංගතයෙන් සහ පවතින ආර්ථික අර්බුදයෙන්
පීඩාවට පත් ක්ෂුද්‍ර ව්‍යවසායකයින් නැවත නගා සිටුවීමට කටයුතු කරන ලදී.
ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ මතුවන අපහසුතා සැලකිල්ලට ගනිමින් HNB
විසින් මධ්‍යම පළාතේ දේශීය ගොවීන් සමඟ එක් වෙමින් සිය පුරෝගාමී ‘සරු ගෙවත්ත’
වැඩසටහන ආරම්භ කරන ලදී. මෙහිදී පසුගිය වසරේ පැවති උග‍්‍ර ඉන්ධන අර්බුදයේදී
ගොවීන්ට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමට නව වෙළඳපොළවල් සහ අවස්ථාවන්
නිර්මාණය කිරීම සඳහා බැංකුවේ පුළුල් ශාඛා සහ පාරිභෝගික ජාලය උපයෝගී කර
ගත්තේය. මීට අමතරව, නාගරික ප‍්‍රදේශවල ගෙවතු වගාව ප‍්‍රවර්ධනය කිරීමට සහ
ප‍්‍රාදේශීය වශයෙන් ආහාර සුරක්ෂිතතාව ඉහළ නැංවීමට ද බැංකුව ද්‍රව්‍යමය ආධාර ලබා
දුන්නේය.
මීට අමතරව, HNB හි Project LIFE හරහා විනාශයට පත් වී ඇති හෙක්ටයාර 2.5ක වැසි
වනාන්තර බිම් කොටස ප‍්‍රතිස්ථාපනය කර කළමනාකරණය කිරීම මගින් තිරසාර
සංවර්ධනය සඳහා ආයෝජනය කිරීම සඳහා ඇති බැංකුවේ කැපවීම තවත් ශක්තිමත්
කර ඇත. මෙය පසුගිය වසර හතර බැංකුව සිය සහයෝගය ලබා දුන් ප‍්‍රධාන
මුලපිරීමකි. මීට සමානව, HNB සිය සේවකයින් අතර පරිසර හිතකාමී ප‍්‍රවාහන ක‍්‍රමවේද
ප‍්‍රවර්ධනය කරමින් HNB Walk The Talk වැනි නව මුල පිරීම් ද ආරම්භ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *