Samsung ශ‍්‍රී ලංකා Galaxy S23 සහ S23 Ultra වෙළෙඳපොලට හඳුන්වාදෙයි

නවතම Samsung Galaxy S මාදිලි පෙළ සමඟ පරිසර හිතකාමී නිමාවකින් හා විශිෂ්ට gaming හැකියාවන්ගෙන් මෙන්ම වඩාත් දියුණු කැමරාවක් සහිත Samsung Galaxy S23 Ultra අසමසම අත්දැකීමක් එක් කරයි

අසමසම විශිෂ්ටත්වයක් සමඟින් ස්මාර්ට් ජංගම දුරකතන ඉතිහාසයේ නවමු සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්
Samsung Electronics ශ‍්‍රී ලංකා සමාගම විසින් කොළඹ මැරියට් හෝටලයේදී නවතම Galaxy S23 Ultra සහ
Galaxy S23 ස්මාර්ට් ජංගම දුරකතන කාණ්ඩය එළි දක්වන ලදී. Samsung Galaxy සතු epic කැමරාව තුළින්
පරිවර්තනීය AI තාක්ෂණය සමඟින් සැබෑ සිනමාත්මක Nightography වීඩියෝ ලබා ගැනීමේ අවස්ථාව හිමි කර
දෙමින් තමන්ගේ නිර්මාණශීලීත්වය ඔප් නංවා ගැනීමේ අවස්ථාව පරිශීලකයන් වෙත ලබා දීමට මෙම නවතම
smartphones සමත්ව ඇත. එසේම පෙරළිකාර AI තාක්ෂණය, අනාගතයට අවැසි තාක්ෂණයෙන් යුත් ජංගම
දුරකතන, gaming විශේෂාංග සහ ලොව වේගවත්ම ජංගම දුරකතන ග‍්‍රැෆික් තාක්ෂණය සමඟින් එන
නියමාකාරයෙන් ක‍්‍රීඩා කිරීමේ හැකියාව අති ප‍්‍රබල gaming තාක්ෂණය ඇතුළු Galaxy සඳහාම හඳුන්වා දී ඇති 8
Gen ජංගම දුරකතන වේදිකාව වන Snapdragon® වැනි අත්දැකීම් රැසක් මේ තුළින් අත්විඳිය හැකිය. තවද බොහෝ
කාලයක් තිස්සේ Samsung Galaxy භාවිත කරනු ලබන පරිශීලකයින් වඩාත් ප‍්‍රිය කරන ඵලදායීතාව, සටහන්
තබා ගැනීම, විනෝදාංශ හා තවත් බොහෝ දේ සඳහා බෙහෙවින් වැදගත් වනු ඇත. මෙහි ඇති තවත් විශේෂත්වයක්
වනුයේ වෙනත් ඕනෑම ජංගම දුරකතනයකටත් වඩා ප‍්‍රතික‍්‍රීකරණය කරන ලද ද්‍රව්‍ය භාවිතයෙන් වැඩි
කොටසක් නිර්මාණය කරමින් සමාගමේ පරිසරය පිළිබඳ තිරසාර කැපවීම තවදුරටත් ඉදිරියට ගෙන යනු ලබන
සුවිශේෂී සැලසුමක් අනුව නිෂ්පාදන පෙළෙහි නවතම ප‍්‍රමිති සැකසුම් නවෝත්පාදනයන් නිර්මාණය කර තිබීමයි.
මේ සම්බන්ධයෙන් අදහසු දැක්වූ Samsung ශ‍්‍රී ලංකාහි කළමනාකාර අධ්‍යක්ෂ සන්ග්වා සොන්ග් මහතා සඳහන්
කර සිටියේ ‘බලපෑම් සහගත තාක්ෂණයේ වටිනාකම අද මිනිසුන්ට ලබා දෙන දේ මත පමණක් නොව එය
අනාගතයට දායක වන ආකාරය මත මනිනු ලබනවා. Galaxy S23 මාදිලි පෙළ විශ්වාසදායී අතිවිශිෂ්ට smartphones
අත්දැකීම්වල නවතම ප‍්‍රමිතියේ හිමිකරුවා ලෙස සඳහන් කළ හැකියි. අපි ඉතා ප‍්‍රබල, කල් පවත්නා නව්‍ය
නිෂ්පාදනයන් හා තිරසාරත්වය යන දෙකම එකට පාරිභෝගිකයා වෙත ලබා දීම තුළින් උපරිම කාර්යසාධනය
යන්න යළි යළිත් සනාථ කිරීමේ සුවිසල් මෙහෙවරක යෙදී සිටිනවා.’’ යනුවෙනි.
ඕනෑම තරාතිරමක ඡුයාරූප ශිල්පියෙකු හට අති විශිෂ්ට ආකාරයෙන් අන්තර්ගතයන් ග‍්‍රහණය කර ගැනීමේ
හැකියාව ලබා දෙන Galaxy S23 මඟින් Samsung Galaxy හි වඩාත්ම දියුණු කැමරා පද්ධතිය ඔබ වෙත ගෙන එනු
ලබයි. විශේෂයෙන් ඕනෑම ආලෝක තත්වයකට ගැලපෙන ඇදහිය නොහැකි ආකාරයේ විස්තර ඉදිරිපත් කිරීමට සැලසුම්
කර ඇති එහි වැඩි දියුණු කරන ලද Nightography හැකියාවන් තුළින් පුළුල් පරාසයක පරිසර තත්වයන් තුළ
ඡුායාරූප හා වීඩියෝ ඉහළ මට්ටමින් ග‍්‍රහණය කරගන්නා ආකාරය පරිවර්තනය කිරීමට Galaxy S නිෂ්පාදන පෙළ
සමත් වේ. එහිදී ප‍්‍රසංගයක තමන් කැමතිම ගීතයක් වීඩියෝ කිරීම, මින් මැදුරක සෙල්ෆියක් ගැනීම හෝ රාත‍්‍රී
භෝජන සංග‍්‍රහයේදී මිතුරන්ගේ ඡායාරූප ලබා ගැනීම වැනි අවස්ථාවන්හිදී වඩාත් සුපැහැදිලි ඡායාරූප හා
වීඩියෝ පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව ඇත. රූපයේ සුපැහැදිලි බව අඩු කරන අවම ආලෝක තත්වයන් හා
අනවශ්‍ය ශබ්ද නව AI බලයෙන් ක‍්‍රියාත්මක රූප සංඥා සැකසුම් algorithm මඟින් නිවැරදි කරනු ලබන අතර එය
රූපගත කරන වස්තුවේ විස්තර හා වර්ණ පරාසයන් ඉහළ නංවනු ලබයි.
ප‍්‍රථමයෙන් Samsung Galaxy හි 200MP Adaptive පික්සල් sensor එකකින් සමන්විත Galaxy S23 අතිවිශිෂ්ට
අවස්ථාවන් අසමසම නිවැරදිතාවයකින් යුතුව ග‍්‍රහණය කර ගැනීමට ඉඩ සලසන එය බහුවිධ අධි විභේදන
සැකසුම් සඳහා සහාය දැක්වීම වෙනුවෙන් පික්සල් binning භාවිත කරනු ලබයි. අන් කවරදාටත් වඩා සෙල්ෆි
කැමරාවන් තුළින් අද වන විට අප සන්නිවේදනය කරන ආකාරය කෙසේද යන්න වඩාත් වැදගත් වන බැවින් ඒ
වෙනුවෙන් Galaxy S23 නිෂ්පාදන පෙළ වේගවත් ස්වයංක‍්‍රීය නාභිගත කිරීමේ තාක්ෂණය හඳුන්වා දී ඇති අතර
30fps සිට 60fps දක්වා කැපී පෙනෙන සුපැහැදිලි ඉදිරිපස හා පිටුපස රූප හා වීඩියෝ සඳහා Galaxy හි ප‍්‍රථම
Super HDR සෙල්ෆි කැමරාව මීට ඇතුළත් කර ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ Samsung ශ‍්‍රී ලංකා හි නිෂ්පාදන කළමනාකරණ ප‍්‍රධාන කළමනාකාර තුෂාර
රත්නවීර මහතා ‘‘අති නවීන නිමාවකින් යුත් Galaxy S23 නිෂ්පාදන මාලාවේ ඉහළ කාර්ය සාධනය සහ තිරසාර බව
යන සාධකයන් තුළින් ප‍්‍රදර්ශනය කරනු ලබන්නේ නවෝත්පාදනය ඉහළ සුවපහසු අත්දැකීමක් පරිශීලකයා වෙත
ලබා දෙන බවයි. මෙතෙක් අලංකාර ආකාරයෙන් ආකර්ෂණීය ඡායාරූප ලබා ගැනීම ඉතා දුෂ්කර කටයුත්තක් වුවත්
වැඩි දියුණු කරන ලද Galaxy S23 Ultra මාදිලි පෙළෙහි ක‍්‍රියාකාරීත්වය හේතුවෙන් එය පහසු කටයුත්තක් බවට
පත්ව තිබෙනවා. එහි ඇති Nightography තාක්ෂණය හේතුවෙන් අඳුරු පරිසර තත්වයකදී පවා ඡායාරූප ගැනීමටත්,
ආකර්ෂණීය සෙල්ෆි හා අවම ශබ්දයක් සහිතව සිනමා වීඩියෝ පට රූගත කිරීමටත් හැකියාව උදා වනවා’’ යනුවෙන්
පවසා සිටින ලදී.
තවද පරිශීලකයින් හට තමන්ගේ අවසන් නිර්මාණය හසුරුවා ගැනීම හා තමන්ට අවශ්‍ය ආකාරයෙන් වෙනස් කර
ගැනීම සඳහා ඕනෑම ඡායාරූප අන්තර්ගතයක් කැමති පරිදි වෙනස් කිරීමට හැකි මෙවලම් කට්ටලයක්ද Galaxy S23
නිෂ්පාදන පෙළ තුළින් ලබා දී තිබීම විශේෂත්වයකි. Samsung Galaxy තුළින් පමණක් පරිශීලකයා වෙත ලබා දෙන
Expert Raw යෙදවුම මගින් විශාල කැමරා උපකරණ භාවිතයකින් තොරව DSLR ආකාරයේ ඡායාරූප ලබා ගැනීමට
හා RAW සහ JPEG සංස්කරණය සිදු කර ගැනීමට අවස්ථාව සළසා දෙනු ලබයි. තවද පුළුල් ඡායාරූප කලාව
අත්හදා බැලීමට හෝ Astrophoto සැකසුම් සමඟින් සුපැහැදිලි දසුන් ග‍්‍රහණය කර ගැනීමට හැකියාව උදා වේ.
Expert RAW විශේෂාංගය Galaxy S23 download කර ගැනීම තුළින් Samsung හි සම්බන්ධ කැමරා යෙදුම් තුළට
ප‍්‍රවේශ වීමට හැකි වීමද තවත් සුවිශේෂී අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකිය.
එසේම සුවිශේෂී Samsung Galaxy කැමරාව හේතුවෙන් ආකර්ෂණීය නව පෙනුමක් Galaxy S23 ට එක් කරන අතරම
එහි නව මානයක් සනිටුහන් කර එහි නිමාවෙහි අලංකාර බව තව දුරටත් ඉස්මතු කිරීම වෙනුවෙන් contour housing
ඉවත් කර තිබීමද විශේෂත්වයකි.
Game නිර්මාණකරුවන්ට මෙන්ම ක‍්‍රීඩකයින්ටද තමන්ගේ සීමාවන් පුළුල් කරමින් තමන්ගේ හැකියාවන් ඉහළ
නංවා ගැනීමේ අරමුණු අභිබවා යාමට තාක්ෂණය නිසැක වශයෙන්ම අත්‍යාවශ්‍ය වේ. ඒ සඳහා Samsung සහ
Qualcomm එක්ව වර්තමානයේ වේගවත්ම Snapdragon වන Galaxy සඳහා අලූතින්ම හඳුන්වා දුන් Snapdragon®
8 Gen 2 Mobile Platform තාක්ෂණය තුළින් අසමසම අත්දැකීමක් නිර්මාණකරුවන් හා ක‍්‍රීඩකයින් වෙත ලබා
දීමට කටයුතු කර ඇත්තේ Samsung Galaxy ස්මාර්ට් ජංගම දුරකතනයක මෙතෙක් පැවති වඩා ප‍්‍රබලම හා
කාර්යක්ෂම වේදිකාවද නිර්මාණය කරමිනි.
ඩිජිටල් තාක්ෂණික මහිමයේ අනාගත අරමුණු mobile gaming ප‍්‍රධාන ධාරාව වෙත සමීප වන විට තත් කාලීන
අවස්ථාවන් සොයා ගැනීම වෙනුවෙන් සහාය වීමට නිරන්තරයෙන් සූදානමින් සිටින Galaxy S23 හි සෑම ආලෝක
කිරණයක්ම අනුකරණය කරන හා ඒවා හඹා යන තාක්ෂණය හේතුවෙන් වඩා ජීවමාන දර්ශනයන් සමඟ සිය
gaming අත්විඳීමේ අවස්ථාව හිමි වනු ඇත. තවද Samsung Galaxy S23 සෑම මාදිලියකම ඇති වඩා විශාල ඩ්චදර
vapor chamber මගින් gaming ට්පසබට තරග අඛණ්ඩව පවත්වා ගැනීමට අවස්ථාව සලසා දෙනු ලබයි.
පරිසරයට ඇති බලපෑම අවම කිරීම වෙනුවෙන් වැඩි කාර්යභාරයක් ඉටු කරන Galaxy S23 මාදිලි පෙළ Samsung
Galaxy හි ගුණාත්මක බව හා අලංකාරත්වය ඒ අයුරින්ම පවත්වා ගෙන යාමට කටයුතු කර ඇති අතර ඒ වෙනුවෙන්
අඩු පාරිසරික බලපෑමක් ඇති කරන බවට සහතික කර ඇති Galaxy S23″ UL ECOLOGO® සහතිකය හිමි කර ගැනීමට
ද සමත්ව ඇත.
ස්මාර්ට් ජංගම දුරකතනය සඳහා අමතර ආරක්ෂාව සලසා දීම වෙනුවෙන් Galaxy S21 මාදිලිය සඳහා ප‍්‍රථම වරට
හඳුන්වා දී ඇති Knox Vault තාක්ෂණය මෙන්ම OS ඇතුළු පෞද්ගලික තොරතුරු අනෙකුත් devices වලින් වෙන්
කරමින් අමතර ආරක්ෂාවක් Galaxy S23 වෙත ලබා දීමට කටයුතු කර තිබීම හේතුවෙන් පරිශීලකයාට තවත් ඉමහත්
පහසුවක් අත්වනු නොඅනුමානය.
Phantom Black සහ Green ලෙස ස්වාභාවික matte වර්ණ දෙකකින් Galaxy S23 Ultra එන අතර Galaxy S23
Phantom Black, Green සහ Cream යන වර්ණවලින් ඔබ වෙත පැමිණේ.

තවද ඔබගේ නව Galaxy S23 5G ස්මාර්ට් ජංගම දුරකතන කාණ්ඩය පෙර ඇණවුම් කරනු ලබන පාරිභෝගිකයින්ට
Dialog වෙතින් මාස 2ක් සහ Mobitel වෙතින් මාස 3ක් සඳහා නොමිලේ 300GB ද, OneDrive වලට මාස 6ක් සඳහා
නොමිලේ 100GB දල මාස 3ක් සඳහා Spotify premium subscription ද හිමි කරගත හැකිය. ඔබගේ නව Galaxy
S23 පෙර ඇණවුම් කර රු. 128,000ක් ඉතිරි කරගන්න. (*කොන්දේසි සහිතයි)
පහසුවෙන් හඳුනාගත හැකි Samsung වෙළෙඳ සලකුණ සහිත දිවයින පුරා පිහිටි බලයලත් අලෙවි නියෝජිතයන්
වන John Keells Office Automation හා Softlogic Mobile Distribution වෙතින් මෙරට පාරිභෝගිකයින්ට S23
කාණ්ඩය මිලදී ගත හැකිය. එමෙන්ම එය Samsung හි බලයලත් හවුල්කරුවන් වන Softlogic Retail, Singer,
Singhagiri වෙතින් මෙන්ම සන්නිවේදන හවුල්කරුවන් වන Dialog සහ Mobitel මගින් ද ලබා ගත හැකිය. එමෙන්ම
දබකසබැ වෙළෙඳ වෙබ් අඩවි වන Samsung EStore (samsungsrilanka.lk), MySoftlogic.lk, Daraz.lk මගින් ද
ඔබට මිලදී ගත හැකිය.
ඔබ කොහේ, කොතැන සිටියත් ඕනෑම විටෙක ඔබට අවශ්‍ය සේවය ලබා දීමට අප සූදානම්. Samsung Galaxy
smartphone එකක් මිලදී ගැනීමට ඔබ තීරණය කර ඇත්නම් එයින් ඔබේ සිතට සැහැල්ලූවක් දැනෙනු ඇත. ගැටළු
හඳුනා ගැනීමට හා ප‍්‍රශස්තකරණය සඳහා ඇති අන්තර් ක‍්‍රියාකාරී Samsung Members app එක මගින් ඔබගේ
දුරකතනයේ කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට පහසු වන අතරම ඔබට අමතර සහායක් අවශ්‍ය වූ විට අපගේ
උපකාරක සේවාව ඔබගේ ගැටළු නිරාකරණය කිරීමට සහාය ලබා දෙයි.
Samsung අඛණ්ඩව වසර තුනක් ශ‍්‍රී ලංකාවේ ‘Most Loved Electronics Brand’ ලෙස Brand Finance Lanka
විසින් මෙරට වඩාත් වටිනාම වෙළඳ නාමයන් පිළිබඳව සිදු කළ විශ්ලේෂණයකට අනුව සම්මානයන්ට පාත‍්‍ර වී ඇත.
මෙරට අංක 1 smartphone වෙළෙඳ නාමය වන Samsung සෑම වයස් කාණ්ඩයකම, විශේෂයෙන් නව යොවුන් හා
තාරුණ්‍යයේ පාරිභෝගික පදනමක් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *