22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සැප්තැම්බරයේදී අවසන් කිරීමට ශ්‍රී ලංකාව සූදානම්

මේ වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත IMF හි පළමු සමාලෝචනයට අනුකූලව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීමට ශ්‍රී ලංකාව අදහස් කරන බවමුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඔස්ට්‍රේලියාවේ CPA ආයතනය ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කිරීම සම්බන්ධ සමාරම්භක උත්සවයට සහභාගි වෙමිනි.

“අපි ආරම්භ කර ඇති පුළුල් හා දිගුකාලීන ප්‍රතිසංස්කරණ, ආර්ථික ස්ථාවරත්වයේ පැහැදිලි ලකුණු පෙන්නුම් කරනවා. රාජ්‍ය වියදම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීම සඳහා රජය දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබුවා. කෙසේ නමුත් අපි ඉදිරියේ තවත් දිගු ගමනක් තිබෙනවා.” රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ආර්ථිකය ස්ථාවර කිරීමට සහ ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික කටයුතු ආරම්භ කර ඇති බවට ජාත්‍යන්තර ආයෝජකයින්ට පැහැදිලි පණිවිඩයක් ලබා දීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන ප්‍රධාන සාධකයක් වූ බව ඔහු වැඩිදුරටත් පැවසීය. ජාත්‍යන්තර වශයෙන් අවධානය යොමු කළ, තිරසාර, පුද්ගලික අංශයෙන් මෙහෙයවන සහ විචිත්‍රවත් ඩිජිටල් ආර්ථිකයක් ලෙස ශ්‍රී ලංකාවේ විභවය විවෘත කිරීමට රජයේ දැක්ම පදනමක් වන ආකාරය ඔහු පැහැදිලි කළේය.

අවසාන වශයෙන්, ශ්‍රී ලංකාව, සාදරයෙන් පිළිගන්නා ජනතාවක් සිටින ආරක්ෂිත සහ සාමකාමී රටක් බවත් එහි සුන්දරත්වය අත්විඳීමට සහ එහි ආයෝජනය කිරීමට නැවතත් ලෝකයට විවෘත වී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන් මහතා, CPA Australia හි ප්‍රධාන විධායක නිලධාරී ඇන්ඩෘ හන්ටර්මහතා මෙම අවස්ථාවට එක්ව සිටියහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz