22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

කෙල්ලන් පරදා මුහුදේ පිහිනූ අත්තම්මා

යාපනයේදී සංවිධානය කළ කාන්තා පිහිනුම් තරගාවලියකදී වයස අවුරුදු 56ක කාන්තාවක මුහුදු සැතපුමක් දුර පීනා පෙරේදා (17) තුන් වැනි ස්ථානයට පැමිණ තිබේ.

මෙලෙස ජය ලබා ඇත්තේ දරුවන් හය දෙනකුගේ මවක හා මුනුපුරන් පස් දෙනකුගේ ආච්චි අම්මා කෙනකු වන එස්. සෙල්වරානී නමැති කාන්තාවයි.

යාපනය වඩමාරච්චි කාන්දීපන් ක්‍රීඩා සමාජය විසින් වඩමාරච්චි මුහුදේ සංවිධානය කොට තිබූ මේ පිහිනුම් තරගාවලියට ක්‍රීඩිකාවන් 27 දෙනකු සහභාගි වී ඇති අතර, මේ කාන්තාව ඉන් 3 වැනි ස්ථානයට පත්ව ඇත්තේ ළාබල ක්‍රීඩිකාවන් රැසක් පරාජයට පත් කරමිනි. කෙසේ වෙතත් තරගාවලියේ පළමු හා දෙවැනි ස්ථාන හිමි කරගෙන ඇත්තේ ඉතා අඩු වයස්වල ක්‍රීඩිකාවෝය. සෙල්වරානීට තුන් වැනි ස්ථානයට හිමි ත්‍යාගය ප්‍රදානය කළ අවස්ථාවේ තරගාවලිය නැරඹීමට පැමිණ සිටි ජනකාය අතුරින් විශාල පිරිසක් ඇයට මුදල් ත්‍යාගද පිරිනමා ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz