MPI සිනමා මණ්ඩලයේ සමූහ කලමනාකාර
අධ්‍යක්ෂකවරු ලෙස චිත්‍රපට නිෂ්පාදක සුනිල් ටී ප්‍රනාන්දු සහ ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු යන මහත්වරු පත්කොට ඇත.
MPI සිනමා මණ්ඩලයට දිවයින පුරා පිහිටි සිනමා ශාලා තිස් හතරක් අයත් වන අතර MPI මණ්ඩලය මගින් ඉංග්‍රීසි, හින්දි හා දමිළ චිත්‍රපට ආනයනය කොට ප්‍රදර්ශනය කිරීම සිදුකරනු ලබයි.
පසුගියදා කොළඹ වාණිජ මහාධිකරණයේ පැවති නඩු තීන්දුවක නියෝගය මත සුනිල් ටී ප්‍රනාන්දු හා අරෝෂ ප්‍රනාන්දු මෙම තනතුරු සඳහා පත්විය.
සුනිල් ටී ප්‍රනාන්දු මහතා මේ වන විට චිත්‍රපටය 75 ක් නිෂ්පාදනය කර ඇති අතර ආචාර්ය අරෝෂ ප්‍රනාන්දු මහතා චිත්‍රපට 17 ක්, ටෙලි නාට්‍ය පහක් සහ වේදිකා නාට්‍ය දෙකක් නිෂ්පාදනය කර ඇත. එමෙන්ම ඒ මහතා සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියගේ පුද්ගලික ලේකම් ලෙසත් කටයුතු කරනු ලබයි.