HEINEKEN Lanka හි විකුණුම් සහ අලෙවි අධ්‍යක්ෂ ලෙස චමින්ද රාජපක්ෂ මහතා පත් වෙයි

HEINEKEN Lanka හි විකුණුම් හා වෙළෙඳ
අලෙවිකරණ අධ්‍යක්ෂවරයා ලෙස, චමින්ද රාජපක්ෂ මහතා පත් කළ බව
පසුගියදා නිවේදනය කරන ලදී. එම පත් කිරීමත් සමඟ චමින්ද රාජපක්ෂ මහතා
HEINEKEN හි කළමනාකාර අධ්‍යක්ෂිකා Maud Meijboom-van Wel විසින්
මෙහෙයවනු ලබන කළමනාකරණ කණ්ඩායමට එක් වනු ඇත.
මෙම පත් කිරීම පිළිබඳ අදහස් දැක්වූ HEINEKENහි කළමනාකාර අධ්‍යක්ෂිකා
Meijboom-van Wel මහත්මිය සඳහන් කර සිටියේ “චමින්ද රාජපක්ෂ HEINEKEN
Lanka කළමනාකරණ කණ්ඩායමට සාදරයෙන් පිළිගනු ලබනවා. සාර්ථකත්වය
වෙනුවෙන් වෙහෙසී කටයුතු කිරීම හා භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් ඔහු
දක්වා ඇති විශිෂ්ටත්වය, අපගේ HEINEKEN EverGreen උපාය මාර්ගය තව දුරටත්
ඉදිරියට ගෙන යාමට දායක වනු ඇත. විශේෂයෙන් දිගු කාලීන තිරසාර
වටිනාකමක් නිර්මාණය කිරීම සඳහා පාරිභෝගිකයින් වෙත සතුටක් ලබා දීමට
අප කටයුතු කරන බැවින් ඒ සඳහා ඔහුගේ නායකත්වය යටතේ උසස් හා සමබර
වර්ධනයක් පවත්වාගෙන යනු ඇතැයි මම විශ්වාස කරනවා” යනුවෙනි.
ක්ෂේත්‍රය තුළ දශක දෙකක අත්දැකීම් සහිත පළපුරුදු විකුණුම් ප්‍රවීණයකු වන
චමින්ද විකුණුම් අංශයේ ප්‍රධාන ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්ව තනතුරු රැසක්
හොබවා ඇති අතර, විශාල කණ්ඩායම් සඳහා නායකත්වය ලබා දෙමින්, විකූණුම්
වෙළෙඳපොල මනාව කළමනාකරණය කිරීමට කටයුතු කොට ඇත.

අවසන්

HEINEKEN Lanka Limited පිළිබඳව
නෙදර්ලන්තය ප්‍රධාන කොට ගත් HEINEKEN සමාගමේ පූර්ණ අනුබද්ධිත
සමාගමක් ලෙස HEINEKEN Lanka සමාගම හඳුන්වා දිය හැකිය. ලෝකයේ වඩාත්
ජනප්‍රිය සන්නාමයක් වන HEINEKEN ලොව හොඳම බියර් හා සයිඩර්
සන්නාමයන්හි නිෂ්පාදකයා හා අලෙවිකරුවා වේ. මාවතගමදී සිය නිෂ්පාදන සිදු
කරනු ලබන HEINEKEN Lanka සමාගම 370 කට අධික පිරිසක් වෙත ඍජු රැකියා
අවස්ථා උරුම කර දී ඇති අතර පිළිගත් සන්නාම 5ක් බෙදාහරිනු ලබයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *