සී රග්බි තරඟ යළිත් ඇවිත්! සතුටින් විනෝදයෙන් ඒ සමඟ ගතකරන්න ඔබ සූදානමින්ද ?

රග්බි ලෝලීන් පුන පුනා බලාසිටි එක් පිළකට ක‍්‍රීඩකයන් 7 දෙනා බැගින් ක‍්‍රීඩා කරන C Rugby Tag Rugby Tournament තරඟාවලිය සැප්තැම්බර් 16 සෙනසුරාදා කොළඹ ලොන්ඩන් පෙදෙසේ එෆ්ආර් ඇන්ඞ් සීඑෆ් පිටියේදී පැවැත්වෙයි. මෙය රග්බි ලෝලී ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සිය පාසල් ධජ සෙවනේ මෙම ක‍්‍රීඩාව පූර්ණකාලීනව අවසන් නොවන බවට මතු බලාපොරොත්තු සහිතව වසරකදී යළිත්වරක් එකට මුණගැසෙන සුන්දර මොහොත උදාවීමක් ලෙස සැලකේ.

මෙය සොයුරු සොයුරි පාසල්වල ආදි ශිෂ්‍ය කණ්ඩායම් එකම ක‍්‍රීඩාපිටියක් කරා ගෙනෙන, ඔවුන් තුළ පවතින මිත‍්‍රත්වය යළි පුබුදුකරන, පසුගිය වසරවල චමත්කාරය සිහිගන්වන, මුළු පවුලටම සතුටින් විනෝදයෙන් පිරීගිය ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධවෙමින් රග්බි තරඟ නැරඹීමට අවස්ථාව උදාකරන  එකම තරඟාවලියයි.

සොයුරු සොයුරි පාසල්වල ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කණ්ඩායම් දහසයක් ඒකාබද්ධ වෙමින් පෙර වසරවල රග්බි තරඟවල මහිමය සිහියට නගමින් , ආහාරපාන කුටි,ළමයින්ට ක‍්‍රීඩාකිරීමට ප‍්‍රදේශයක් සහ නොනවතින සංගීතයෙන් හදවත් මුසපත් කිරීමට සමත්වන ආකාරයට සැනකෙළියක ස්වරූපයෙන් මෙම දිනය සැලසුම් කර ඇත. මෙම දිනය වර්ණවත් කරන Slipping Chairs, Magic Box Mixup and Jam Lab යන ජනප‍්‍රිය දේශිය සංගීත කණ්ඩායම්වලට මෙරට ජන හද දිනා සිටින Lunatics ඇතුලූ DJs කණ්ඩායම් ද එක්වෙති. 

පස්වරු 1 ට ආරම්භවී මධ්‍යම රාත‍්‍රිය තෙක් පැවැත්වෙන මෙම තරඟාවලියට රාත‍්‍රි 7.30ට කුසලාන සඳහා අවසන් තරඟ ඇරඹීමට පෙර පවත්වන ප‍්‍රදර්ශන තරඟ ද සමගින් තරඟ 44 ක් ඇතුළත්ය. ප‍්‍රදර්ශන තරඟවලින් පසුව Plate Finals and Cup Finals තරඟ පැවැත්වේ.

එක් එක් කණ්ඩායමට අවුරුදු 25 වැඩි වයස් කාණ්ඩවලින්  ක‍්‍රීඩකයන් දෙදෙනෙකුටත්, වයස අවුරුදු 35 ට වැඩි කාණ්ඩයෙන් ක‍්‍රීඩකයන් තිදෙනෙකුටත්, පිරිමි කණ්ඩායමේ සොයුරි  පාසලෙන් ක‍්‍රීඩිකාවක් දෙදෙනෙකුටත් අවසර දෙනුු ඇත. එම සංයෝගයෙන් එකිනෙකට වෙනස් කාලවල ක‍්‍රීඩකයන්ට එකට ක‍්‍රීඩාවේ යෙදීමට අවස්ථාව සැලසීම සහතික කෙරෙයි. මෙම තරඟාවලියට සහභාගිවීමට දැනටමත් කණ්ඩායම් 16ක් ලියාපදිංචී සිටීමෙන් ඒ කෙරෙහි දක්වන උනන්දුව මනාව පැහැදිලි වෙයි.

ආදි සිසුන්ගෙන් සමන්ත එම කණ්ඩායම් නම් – රාජකීය/විශාඛා, ඉසිපතන/ශාන්ත පාවුළු, ශාන්ත ජෝශප්/ශාන්ත බ‍්‍රිජට්, කිංස්වුඞ්/ මහනුවර උසස් බාලිකා විද්‍යාලය, වෙස්ලි/මෙතෝදිස්ත, ඞී.එස්. සේනානායක/සිරිමාවෝ බණ්ඩාරනායක, ආනන්ද/මියුසියස්, ට‍්‍රිනිටි/හිලිවුඞ් සහ බාලිකා, ශාන්ත තෝමස්/බිෂොප්, ශාන්ත අන්තෝනි/මහනුවර යහපත් එෙඬ්රාගේ කන්‍යාරාමය, ශාන්ත සිල්වෙස්ටර්/ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය, ධර්මරාජ/මහාමායා, ශාන්ත බෙනඩික්/ යහපත් එෙඬ්රාගේ කන්‍යාරාමය, විද්‍යාර්ථ/පුෂ්පදාන බාලිකා විද්‍යාලය, ශාන්ත පීතර/ බම්බලපිටියේ ශුද්ධවූ පවුලේ කන්‍යාරාමය සහ තර්ස්ටන්/රත්නායක බාලිකා විද්‍යාලය. 

C Rugby Cup 2022 ධර්මරාජ/මහාමායා ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් හිමි කරගත් අතර ට‍්‍රිනිටි/හිල්වුඞ් Plate Champions විය. ශාන්ත බෙනඩික්/යහපත් එෙඬ්රාගේ කන්‍යාරාමය Bowl Championships ජයගත්තේය.

හත් වැනි වරට මෙම තරඟාවලිය සංවිධානය කරන්නේ ඉසිපතන විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන CR&FC  සහ ජාතික රග්බි ක‍්‍රීඩක හා ප‍්‍රවීන රග්බි තීරක නායකත්වය දරන AGOAL International විසිනි.

මෙම තරඟාවලිය සංවිධානයේ දී නිල ගමන් හවුල්කරු Pickme,එලිෆන්ට් හවුස් නිල ආහාරපාන හවුල්කරු,  YES 101  නිල ගුවන් විදුලි හවුල්කරු වශයෙන්  සහ Papare.com  සහ Frimeහවුල්වෙයි. ධජ ගුවනේ ලෙලදෙන, දසත පැතිරයන ප‍්‍රීතිඝෝෂා මධ්‍යයේ තවත් වසරක මහා විනෝදාස්වාදයකින් යුක්තව තවත් මහා රග්බි තරඟාවලියක් පැවැත්වීමට සංවිධාකයෝ සූදානමින් සිටිති.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *