22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ශ්‍රී ලාංකිකයින් 566කට ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා අවස්ථා

රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ඊශ්‍රායලයේ PIBA ආයතනය අතර ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රි ලාංකිකයින් 566 දෙනෙකු ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත් කර යවා තිබේ.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රදානත්වයෙන් හෙට(12) ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා පිටත්ව යාමට නියමිත තවත් ලාංකිකයින් 05 දෙනෙකු වෙත ගුවන් ටිකට්පත් ප්‍රදානය කිරීම පසුගියදා(08) විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදුකෙරුණි.

මෙම පිරිසත් සමග 2023 වසරේ ගතවූ කාලය තුළ ශ්‍රි ලාංකිකයින් 566 දෙනෙකු සඳහා ඊශ්‍රායලයේ රැකියා අවස්ථා හිමිව තිබේ.

ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් පිටත් කර යැවීම වේගවත් කිරීම සදහා එරට පීබා ආයතනය සමග කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පසුගිය පෙබරවාරි මාසයේදී සාකච්ඡා කරනු ලැබූ අතර ලංකාවෙන් ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටද සහතික විය.

ඒ අනුව අප්‍රේල් මාසයේ සිට ඊශ්‍රායලයේ සාත්තු සේවක රැකියා සදහා ශ්‍රමිකයින් බදවාගැනීම වේගවත් කිරීමට හැකියාව ලැබී තිබේ.

ඊශ්‍රායල් රජය හා ශ්‍රි ලංකා රජය අතර ඇති කරගන්නා ලද අවබෝධතා ගිවිසුම අනුව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මගින් පමණක් ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා ශ්‍රි ලාංකිකයින්ට හිමිවන අතර, ඊශ්‍රායලයේ රැකියා ලබාගැනීම සඳහා කිසිඳු බාහිර පුද්ගලයෙකුට මුදල් හෝ ගමන් බලපත්‍රය ලබාදීමෙන් වලකින ලෙස කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz