අවුරුදු සිරිතට මුල් තැන දෙමින් ‘සම්පත් සිරිත’ උත්සව සමයට අසමසම වට්ටම් සමඟින් ප්‍රතිලාභ ලබා දෙයි

ලොවට ජීවය දෙන සූර්යයා ප්‍රමුඛ කොට ගනිමින් සමරන සිංහල – දෙමළ අලුත් අවුරුද්ද ශ්‍රී ලංකාවාසී සියලු දෙනාට එකසේ වැදගත් වන සංස්කෘතික මංගල්‍යයකි. සිරිත් – විරිත්වලට මුල් තැන දෙන සංස්කෘතියකින් පෝෂණය වෙමින් මානව හා පාරිසරික බැඳීම් අලුත් කරන සිංහල – දෙමළ අලුත් අවුරුද්දේ තමන්ගේ මෙන්ම තම ආදරණීයයන්ගේ ද අවශ්‍යතා වෙනුවෙන් මුල්තැන ලබා දීමට සෑම දෙනාම කටයුතු කරති. එවන් සුභවාදී අරමුණකින් යුක්තව යමක් නැවත නැවත සිදු කරයි නම් එය ‘සිරිතක්’ ලෙස අරුත් ගැන්විය හැකිය. පුරා දශකයකට වැඩි කාලයක් තිස්සේ උත්සව සමය වෙනුවෙන් තම ගනුදෙනුකරුවන් වෙත අසමසම වට්ටම් ගෙන එන සම්පත්කාඩ්ස්හි නිරන්තර කැපවීම සිරිතක් බවට පත් වන්නේද එහෙයිනි. ඒ ‘සම්පත් සිරිත’යි. වෙසෙසින්ම වගකීමක් ඇති තේරීමක් ලෙස සිය පාරිභෝගික අවශ්‍යතා පහසුවෙන් සපුරා ගැනීමේ අවස්ථාව නොපිරිහෙලා ඉටු කර දෙන සම්පත්කාඩ්ස් මේ අවුරුදු සමයේදීද ශ්‍රී ලංකාව පුරා හවුල්කරුවන් සමඟ එක් වෙමින් සිය ගනුදෙනුකරුවන් වෙත සුවිශේෂී ප්‍රතිලාභ ලබා දීමට සැලසුම් කර ඇත්තේ අවුරුදු සැමරුමේ ‘සම්පත් සිරිත’ තව දුරටත් යථාර්තයක් බවට පත් කරමිනි. මේ උත්සව සමයේදී සිය ගනුදෙනුකරුවන් වෙත මහත් අස්වැසිල්ලක් ගෙන ඒමට කටයුතු කර ඇති ‘සම්පත් සිරිත’ ඔවුන්ගේ සතුට බෙදා හදා ගැනීමේ වටිනාම සිරිත බවට පත්වනු නිසැකය.

සෑම උත්සව සමයකදීම සම්පත්කාඩ් හිමියන් වෙත විශේෂ වට්ටම් යටතේ භාණ්ඩ හා සේවා සපයා ගැනීමේ පහසුකම ලබා දෙන සම්පත් කාඩ්ස් මෙවර උත්සව සමයේදීද තෝරාගත් අලෙවිසැල් මඟින් ලබා ගන්නා ඇඳුම් පැළඳුම් සඳහා 25%ක් දක්වාද, ආභරණ සඳහා 50%ක් දක්වා වට්ටම් සමඟින් පොලී රහිත පහසු ගෙවීමේ අවස්ථාව උදාකර දී ඇත්තේ අලුත් ඇඳුමක් මිලදී ගැනීමේ සිරිත, ‘සම්පත් සිරිත’ සමඟ එක් කරමිනි. සමඟ නව වසරේ සතුට ඔවුන් වෙත තිලිණ කරමිනි. තවද සම්පත්කාඩ්ස් සමඟ කටයුතු කරන අලෙවිසැල් තුළින් මිලදී ගන්නා පාවහන් සඳහා 25%ක් දක්වාද, අත් ඔරලෝසු, සුවඳ විලවුන් හා රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා 30%ක් දක්වාද, කුඩා දරුවන් හා ළමයින්ගේ ඇඳුම් සහ තෑගි භාණ්ඩ සඳහා 25%ක් දක්වාද වට්ටම් හිමි කර දීමට කටයුතු කර ඇති සම්පත් කාඩ්ස් පොත් පත් සඳහා 30%ක් දක්වා වට්ටම්ද, ගෘහ හා විදුලි උපකරණ මිලදී ගැනීමේදී මාස 40ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ අවස්ථාවද මේ උත්සව සමයේදී සිය කාඩ්පත් හිමියන් වෙනුවෙන් උදා කර දී ඇත. තවද සුපිරි වෙළෙඳසැල් තුළින් භාණ්ඩ මිලදී ගැනීමේදී 30%ක් දක්වා වට්ටම් හිමි කරදීමට කටයුතු යොදා ඇති සම්පත්කාඩ්ස් ඇස් කණ්ණාඩි හා ශ්‍රවණාධාර මිලදී ගැනීමේදී 50%ක් දක්වා වට්ටම්ද හිමි කර දීමටද සූදානම්ව සිටියි. ඊට අමතරව රථවාහන සේවා, අධ්‍යාපන, රෝහල් හා රක්ෂණ ගෙවීම් සඳහා පහසු ගෙවීමේ සැලසුම් ලබා ගැනීමේ අවස්ථාවද මේ උත්සව සමයේදී කාඩ්පත් හිමියන් හට උදාකර ගත හැකිය.

උත්සව සමයේදී සිය ගනුදෙනුකරුවන් වෙනුවෙන් ප්‍රතිලාභ ලබා දීම පුරුද්දක් බවට පත් කරගෙන සිටින සම්පත් කාඩ්ස් එය සිරිතක් ලෙස ඉදිරියට ගෙන යමින් මේ වසරේදීද සිය ගනුදෙනුකරුවන් හට සහනයක් සලසාදීමට කටයුතු කිරීම පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – කාඩ් මධ්‍යස්ථාන, ශිරාන් කොස්සින්න මහතා “සෑම විටම වගකීමක් ඇති තේරීමක් බවට පත් වෙමින් ගනුදෙනුකරුවන් වෙත අවශ්‍යම මොහොතේ ප්‍රතිලාභ හිමි කර දීමට කටයුතු කරන සම්පත්කාඩ්ස් මෙවර සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයේදීත් ඒ අවස්ථාව ඔවුන් වෙත ලබා දීමට කටයුතු කර තිබෙන බව සතුටින් දැනුම් දීමට කැමතියි. මින් පෙර වසරවලට වඩා වැඩි හවුල්කාර අලෙවිසැල් ජාලයක් තුළින් අපගේ කාඩ්පත් හිමියන්ට භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී මෙන්ම ආදරණීයයන් සමඟ සතුට බෙදා හදා ගැනීමේදී රිසි සේ කටයුතු කිරීමේ අවස්ථාව උදා කර දී ඇති අප ඔවුන්ගේ විශ්වසනීය මිතුරකු බවට පත්ව ඇති බව අපගේ විශ්වාසයයි. අවුරුදු සමයේ අප ගනුදෙනුකරුවන් හට මුල් තැන ලබා දෙමින් අසමසම වට්ටම් සහ දීමනා ලබා දීමේ වගකීම වසරක් පාසා ඉටුකර දීම නිසාම එය ‘සම්පත් සිරිත’ බවට පත්ව ඇති බව අපට වැටහුණා. එම නිසා සම්පත් කාඩ්ස් වෙතින් ගෙනෙන ‘සම්පත් සිරිත’ අවුරුදු සිරිත් ගොන්නට එක්වනු ඇතැයි අප විශ්වාස කරනවා” යනුවෙන් පවසා සිටින ලදී.

ඒ අනුව උදාවන සිංහල – දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් අලුත් ඇඳුම් මිලදී ගැනීමේදී Nolimit, Arienti, Cool Planet, Fashion Bug, Kelly Felder, Beverley Street, Spring & Summer, CIB, ASB, Zig Zag, Monday, Hameedia, Emerald, Crocodile, House of Fashion, The Factory Outlet, Dilliganz යනාදී අලෙවිසැල් තුළින් 25%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමේ අවස්ථාව උදා කරදී ඇති සම්පත්කාඩ්ස් භදකසපසඑ වෙතින් ඇඳුම් මිලදී ගැනීමේදී ඩෙබිට්කාඩ් සඳහා 10%ක වට්ටමක්ද හිමිකර දීමට කටයුතු කර ඇත.

තවද නව වසරේදී තමන් හෝ තම ආදරණීයයන් වෙනුවෙන් රන් භාණ්ඩ මිලදී ගැනීමට බලාපොරොත්තු වන සම්පත් කාඩ්පත් හිමියන් හටAbdeen Jewellers, Alankara Jewellers, Aminra, Arthur De Silva, Chamathka Jewellers, Diamond Dreams, Mallika Hemachandra Jewellers, Radella, Raja Jewellers, Ravi Jewellers, Tiesh yd Vogue Jewellers වෙතින් 50%ක් දක්වා වට්ටම් හිමිකර ගත හැකි අතරම මාස 24ක් දක්වා පොලී රහිත පහසු ගෙවීම් ක්‍රමයන් සලසා ගැනීමට හැකිවීමද ඉමහත් සහනයක් වනු ඇත.

නව වසරේදී නවීන විලාසිතාවලින් යුත් පාවහන් මිලදී ගැනීම සඳහා Bata, DSI, DSI Premier, Genelle, Tony Pelle iy Helanka වෙත පිවිසෙන සම්පත් කාඩ්පත් හිමියන් හට 25%ක් දක්වා වට්ටම් හිමිකර ගත හැකි අතරම Wiiliam Penn, Toss, British Cosmetics, Royal Cashuews තුළින් තෑගි භාණ්ඩ හා ඔරලෝසු මිලදී ගැනීමේදීද 30%ක වට්ටම් හිමිකර ගැනීමට අවකාශ උදා වේ.

එසේම තමන්ගේ දරුවන් වෙනුවෙන් ත්‍යාග හා වෙනත් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී Arista, Velona, The Kids Warehouse, Nesh Kids, Tiny Toys යන අලෙවිසැල් තුළින් 25%ක් දක්වා වට්ටම් හිමි කර ගැනීමේ අවස්ථාව සළසා දී ඇති සම්පත් බැංකුව නව වසරේ නිවසේ අලංකරණය පිළිබඳ අවධානය යොමු කරන කාඩ්පත් හිමියන්ට JAT, Celcius, Multilac, Lalanka Water , Home mart, Dankotuwa, Hunter තුළින් භාණ්ඩ මිලදී ගැනීමේදී 40%ක් දක්වා වට්ටම් හිමිකර ගැනීමේ අවස්ථාවද උදා කර දී ඇත.

Abans, Arpico Furniture, Browns, Ceylon Furniture, Damro, Dialog, Dinapala,  Eser Marketing International, Singer, Yamaha Music Centre, Sinhagiri, Metropolitan  ඇතුළු අලෙවිසැල් රැසකින් නිවසට අවශ්‍ය විදුලි උපකරණ හා ගෘහ භාණ්ඩ මිලදී ගැනීමේදී සම්පත්කාඩ්ස් වෙතින් පොලී රහිතව මාස 40ක් දක්වා පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමේ අවස්ථාව උදාකර දී ඇති සම්පත් බැංකුව Atlas.lk, Promateoworld.com, ProMate Outlets වෙතින් පොත්පත් මිලදී ගන්නා ගනුදෙනුකරුවන්ට 30%ක වට්ටමක් හිමිකර දීමට කටයුතු කර ඇත්තේ විශාල ප්‍රතිලාභයක් අත්කර දෙමිනි.

විශේෂයෙන් උත්සව සමයේදී අත්‍යාවශ්‍ය භාණ්ඩ මෙන්ම අනෙකුත් සියලු පාරිභෝගික භාණ්ඩ මිලදී ගැනීම සඳහා Arpico, Cargills, Glomark, Keells iy Laugfs වෙත සපැමිණෙන සම්පත් කාඩ්පත් හිමියන්ට 25 %ක් දක්වා වට්ටම් ලබා ගැනීමට හැකි වන අතරම Cargills හිදී ගෙවිය යුතු සම්පූර්ණ බිල සඳහාද 10%ක වට්ටමක් ලබා ගත හැකි වේ.

ඇස් කණ්ණාඩි හා අව් කණ්ණාඩි මිලදී ගැනීමට අපේක්ෂා කරන සම්පත් කාඩ්පත් හිමියන් වෙතDS Jayasinghe, Vasan Eye Care iy Wickramarachchi Opticians වෙතින් 50%ක් දක්වා සුවිසල් වට්ටමක් ලබා දෙන සම්පත් කාඩ්ස් උත්සව සමයේ එදිනෙදා වියදම්වලට අමතරව තවත් බොහෝ අවස්ථාවන් සඳහා සිය ගනුදෙනුකරුවන්ට ඉමහත් පහසුවක් අත්කර දීමට සමත්ව සිටී.

ඒ අනුව අධ්‍යාපන ගෙවීම්, රෝහල් ගාස්තු මෙන්ම රථ වාහන සේවා සඳහා වන ගාස්තු ගෙවීමේදී වාරික වශයෙන් පහසු ගෙවීමේ අවස්ථාව සළසා දී ඇත්තේ කාඩ්පත් හිමියන්ට ඉමහත් අස්වැසිල්ලක් වෙමිනි. ඒ අනුව Associated Motorways, Access Motors, DIMO Autolab, KIA, Pit & Drive, Volvo, Porsche, Carepoint, Stafford Motor Company, Toyota Lanka, United Motors වෙතින් රථ වාහනවලට අදාල සේවාවන් සපයා ගැනීමේදී මෙම ප්‍රතිලාභ අත් විඳිය හැකිය. ශ්‍රී ලංකාවේ ඕනෑම රක්ෂණ ආයතනයක් සමඟ සිදු කරන ගනුදෙනුහිදී වාරික සැලසුම් යටතේ ගෙවීමේ පහසුවද මෙහිදී ඔවුන් වෙත ලැබෙන තවත් සුවිසල් වාසියක් වනු නිසැකය. 1332 ඇමතීම තුළින් අදාළ ගෙවීම් පහසු වාරික ගෙවීම් සැලසුම් බවට පත්කර ගැනීමට හැකියාව උදා වේ. ඊට අමතරව Toyota, Pit Drive, Bara Stereos, The Pink Auto iy Mclarens Lubricants වෙතින් අමතර රථ වාහන සේවා වට්ටම් ද අත් විඳිය හැකිය.

නව වසරේ සතුට තව තවත් ඉහළ නංවා ගනිමින් පවුලේ සමාජිකයින්, නෑදෑ හිත මිතුරන් සමඟ ජනප්‍රිය අවන්හලකදී සිදු කරන භෝජන සංග්‍රහයක් වෙනුවෙන් 25%ක් දක්වා වට්ටම් භුක්ති විඳීමේ අවස්ථාව සම්පත් කාඩ්පත් හිමියන් හට උදාකර දීමට කටයුතු කර ඇති සම්පත්කාඩ්ස් Cinnamon Grand Colombo, Cinnamon Lakeside Colombo, Cinnamon Red Colombo, Water’s Edge, Movenpick Hotel, Blue Orbit by Citrus යන ස්ථානයන්හිදී 20%ක වට්ටම් සහිතව ආහාර රස විඳීමේ අවස්ථාව උදාකර දී ඇත්තේRadisson Hotels, Sizzle, Ramada Hotel ඇතුළු තවත් ස්ථාන රැසකදීද සුවිශේෂී වට්ටම් ලබා ගැනීමේ අවස්ථාව සහතික කරමිනි.

 Atlas, Catchme.lk cooplanet.lk, Daraz, Dsifootcandy.lk, wasi.lk, Lassana.com, wishque.com, Hemas e-store, Nolimit.lk, Promateworld.com iy Takas.lk ඇතුළු ඔන්ලයින් වේදිකාවන් වෙතින් භාණ්ඩ මිලදී ගැනීමේදීද සම්පත් කාඩ්පත් හිමියන්ට අසමසම වට්ටම් හිමිකර ගත හැකිය.

මේ සියළු ප්‍රතිලාභ 2024 අප්‍රේල් මාසය අවසන් වනතුරු ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු http://www.sampath.lk වෙබ් අඩවියෙන් හෝ 1332 අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.

සම්පත් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරී – කාඩ් මධ්‍යස්ථාන, ශිරාන් කොස්සින්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *