22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

හෂීම් ඔමාර් පදනම විසින් පාසල් සිසුන් සදහා ලැප්ටොප් පරිගණක ලබා දීම


හෂීම් ඔමාර් පදනම විසින් අධ්‍යාපනික සහ තොරතුරු තාක්‍ෂණය පිළිබදව සිසුන් ගේ දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට සහය දීමේ අරමුණින් පාසල් සිසුන් සදහා නොමිලේ ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීමේ වැඩ සටහනක් දියත් කර ඇත.
එහි පළමු අදියර පසුගිය ජුනි මස 07 වැනි දින ආරම්භ වූ අතර දෙවන අදියර ඊයේ දින (12) කොළඹ කොල්ලුපිටියේ හෂීම් ඔමාර් පදනමේ මූලස්ථානයේදී සිදු විය.
හෂීම් ඔමාර් පදනමේ නිර්මාතෘ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ උපදේශක හෂීම් ඔමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණි.

ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා අයදුම් කල අයදුම්කරුවන් අතරින් ජූරි සභාව විසින් තෝරාගත් පස් දෙනෙකුට අනුශාසක හෂීම් ඔමාර් විසින් ලැප්ටොප් පරිගණක බෙදා දෙන ලදී.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz