22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ට්‍රම්ප් රැලියට වෙඩි තැබීම ඝාතන තැතක් බවට සැක කෙරේ

මෙයට පැයකට පමණ පෙර පෙන්සිල්වේනියාවේ බට්ලර් හි පැවති මැතිවරණ ප්‍රචාරක රැලියක් අතරතුර රයිෆලයක් අතැතිව පුද්ගලයෙකු ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීමෙන් පසු ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට උත්සාහ කළ බවට සැක කරන බවත් අදාල විමර්ශනය මේ වනවිට සිදුකරමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

රහස් සේවා නිලධාරියෙකු ප්‍රකාශ කළේ වෙඩි හඬවල් දොලහකට වඩා ඇසුණු බවත් හිටපු ජනාධිපතිවරයා මේ වන විට ආරක්ෂිතව සිටින බවයි. මෙම වෙඩි තැබීමෙන් පසු එක් නරඹන්නෙකු මිය ගිය අතර තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇත. වෙඩි තැබූ පුද්ගලයා මේ වන තෙක් හඳුනාගෙන නොමැත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz