ගෝලීයව සිදුවන සෑම මරණ පහෙන් එකකටම හේතුව ශ්වසන රෝග තත්වයන් වන අතර, මේ
සතියේ ලොව පුරා සිටින ශ්වසන රෝග පිළිබඳ සෞඛ්‍ය විශේෂඥයින් කොළඹදී රැස්වීමට නියමිතය.
මෙහිදී, ආසියානු කලාපයේ රටවල් අතර සහයෝගීතාව වැඩි දියුණු කරගනිමින්, ශ්වසන රෝග
වලින් පීඩාවට පත්වන පිරිස අවම කරගැනීමට සිදු කරන ලද පර්යේෂණ ඉදිරිපත් කර සාකච්ඡා
කිරීමට අපේක්ෂා කරයි.
ශ්වසන සෞඛ්‍ය පිළිබඳ NIHR ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ ඒකකය (RESPIRE) විසින් 2024
අගෝස්තු මස 27 සිට 29 දක්වා වාර්ෂික විද්‍යාත්මක රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර, 2016
වසරේ පර්යේෂණ ඒකකයේ ආරම්භයේ සිට ශ්‍රී ලංකාවේ ශ්වසන සෞඛ්‍ය පර්යේෂණ සඳහා
තවදුරටත් ආයෝජනය කිරීමේ ඇති අවශ්‍යතාවය අවධාරණය කරමින් රට තුළ සමුළුවක් කැඳවන
පළමු අවස්ථාව මෙය වේ.
මෙම තෙදින රැස්වීමට 2024 අගෝස්තු මස 27 වන දින සමාරම්භක උත්සවයක් සහ බාහිර
ප්‍රදර්ශණයක් ඇතුළත් වන අතර, එහිදී සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ශ්‍රී ලංකා
පෙනහළු විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවලට අනුබද්ධ සෞඛ්‍ය පීඨවල
ගෞරවනීය අමුත්තන් මුලසුන හොබවනු ඇත. පර්යේෂණ කණ්ඩායම් ඔවුන්ගේ අධ්‍යයනවලින්
අනාවරණය කරගත් නවතම තොරතුරු ඉදිරිපත් කරන අතර ගෝලීය ශ්වසන සෞඛ්‍ය වැඩිදියුණු
කිරීමට ගත යුතු ඉදිරි ක්‍රියා මාර්ග පිළිබඳවද සාකච්ඡා කරනු ඇත.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය පද්ධතියට මූලිකවම බලපාන රෝග අතරේ ශ්වසන රෝග ප්‍රධාන තැනක්
ගනියි.
20171 වසරේදී ශ්‍රී ලංකාවේ රෝහල් මරණවලින් වැඩිම සංඛ්‍යාවක් (18%) නිදන්ගත ශ්වසන රෝග
(CRD) සහ නියුමෝනියාව හේතුවෙන් සිදුවිය. පසුගිය දශකය තුළ, මෙම තත්ත්වයන් හේතුවෙන්
රෝහල් මරණ ප්‍රවණතාවය ඉහළ යාමක් පෙන්වූ අතර, ඇදුම සහ නිදන්ගත Obstructive
Pulmonary Disease (COPD) යන රෝග දෙක මෙම මරණ වලට ප්‍රධාන වශයෙන් හේතු වන ලදී.
ළමා කාලයේ හුස්ම හිරවීම ළමුන් පාසලට නොපැමිණීමට ප්‍රධාන හේතුවක් වේ. එමෙන්ම
වැඩිහිටියන් අතර, ඇදුම සහ COPD යන රෝග 11% සහ 10.5% යන ව්‍යාප්තියක් සහිතව ඉහළ
මට්ටමක පවතියි.
දූෂිත වාතය, පිළිකා ඇතුළු බොහෝ ශ්වසන රෝග සඳහා හේතු වන බව අනාවරණය වී ඇත.
නාගරීකරණය සහ මෝටර් වාහන ප්‍රමාණය ඉහළ යාම, රට පුරා වාතයේ ගුණාත්මකභාවය අඩු වීමට
හේතු වී ඇත. එළිමහන් වායු දූෂණය හේතුවෙන් නගරාශ්‍රිත ප්‍රදේශ වල බොහෝ ගැටළු පැන නගියි.
එමෙන්ම දුර්වල වාතාශ්‍රය සහිත මුළුතැන්ගෙවල් තුල ආහාර පිසීම සඳහා දර භාවිතය නිසා සිදුවන
ගෘහස්ථ වායු දූෂණය ග්‍රාමීය ජනතාවට තර්ජනයක් වී ඇත. මේ හේතුවෙන් දුම් පානය නොකරන
ග්‍රාමීය කාන්තාවන්ට පවා කල්යත්ම හුස්ම හිරවීම වැනි රෝග ඇතිවන බව බහුලව දක්නට ලැබේ.
ශ්‍රී ජයවර්ධනපුර, පේරාදෙණිය සහ වයඹ විශ්වවිද්‍යාලවල ශ්‍රී ලාංකික පර්යේෂකයන්, RESPIRE
සහයෝගීත්වයෙන්, ගෘහස්ථ වාතයේ ගුණාත්මකභාවය පිළිබඳව අධ්‍යනය කිරීම පර්යේෂණයේ
කේන්ද්‍රස්ථානය ලෙස තෝරාගෙන ඇත. ජෛව ස්කන්ධ ඉන්ධන පරිභෝජනය හේතුවෙන් වන
ගෘහස්ථ වායු දූෂණයෙන් ගැබිණි මවුවරුන්ට සහ දරුවන්ට ඇ වන සෞඛ්‍යමය බලපෑම් කොළඹ
සහ මහනුවර ප්‍රධාන දිස්ත්‍රික්ක දෙක කේන්ද්‍ර කොට ගෙන අධ්‍යයනය කෙරේ. වායු දූෂණය සහ
දුම්කොළ සම්බන්ධයෙන් පවතින නීති රීතිද ඔවුන් විසින් අධ්‍යනයට ලක් කරනු ඇත. මෙම කාර්ය
ශ්‍රී ලංකාවේ ශ්වසන සෞඛ්‍ය ඉහළ නැංවීම සඳහා භාවිතා කළ හැකි වැදගත් සොයා ගැනීම් රැසක්
ජනනය කරනු ඇති බව පර්යේෂකයන්ගේ විශ්වාසයයි.
2019 වසරේදී, ගෝලීය වශයෙන් මරණ සඳහා තුන්වන ප්‍රමුඛතම හේතුව වූ නිදන්ගත ශ්වසන රෝග
(CRD), රෝගීන් මිලියන 454.6 ක ව්‍යාප්තියක් සහිත මරණ මිලියන හතරකට වගකිව යුතුය.
කොරෝනා වෛරස් වසංගතය ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටළුවක් ලෙස ශ්වසන සෞඛ්‍යට බලපෑම්
එල්ල කළ අතර එතුලින් යහපත් සෞඛ්‍ය පුරුදු සහ ආරක්ෂක උපක්‍රම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය
මඟ පෙන්වීම දේශීය සහ කලාපීය පර්යේෂණයන්හි අවශ්‍යතාවය විය. RESPIRE වැනි
සහයෝගීතාවන්ගේ සහාය, රජයට සහ ප්‍රතිපත්ති සම්පාදකයින්ට ජනතාවගේ ශ්වසන සෞඛ්‍ය වැඩි
දියුණු කිරීම සඳහා ප්‍රතිපත්තිමය මඟ පෙන්වීමක් ලබා දී ඇත.
1 100 000 ජනගහනයකට මරණ 218.5 න් 39.3 කි.
ශ්වසන සෞඛ්‍ය පිළිබඳ NIHR ගෝලීය සෞඛ්‍ය පර්යේෂණ ඒකකය(RESPIRE)
වෙබ් අඩවිය: www.ed.ac.uk/usher/respire
ඊමේල්: RESPIRE@ed.ac.uk