දේශපාලන භූමියේ තොරතුරු අනුව සජිත් ප්‍රේමදාස මහතා තුන්වැනි ස්ථානයට ඇවිත් තියෙනවා…

• විපක්ෂ නායක භූමිකාව සාර්ථකව නොකරපු සජිත් විපක්ෂයේම තරඟකරුවෙක් නිර්මාණය කර ගත්තා..
• ජනාධිපතිතුමා කෘෂිකර්ම නවීකරණ ව්‍යාපාරය පටන් අරන් ඉවරයි.
• අනුර කුමාර 2004 කෘෂිකර්ම ඇමති වුණාට පස්සේ ඉදිරිපත් කරපු සැලැස්ම කුමක්ද?.
• රනිල් වික්‍රමසිංහ අවුරුදු දෙකක කාලයක් ඇතුලේ බංකොලොත් රටක් මොනතරම් පරිවර්තනයක් කළාද.
• කෘතිමව නිර්මාණය කරන දේශපාලන රැළි හරහා ගෝල්ෆේස් අරගලය ඇතුලෙ නිර්මාණය කරන්න හදපු පාර්ලිමේන්තුවෙන් පිටත ආණ්ඩුවක් හදන මිෂන් එක ක්‍රියාත්මක කරන්න උත්සහ කරනවා..
• මේක අරගලයකින් බැරිවුණ දේ ඡන්දයෙන් ක්‍රියාත්මක කිරීමක්.

  • වරුණ රාජපක්ෂ මහතා

කෘතිමව නිර්මාණය කරන දේශපාලන රැළි හරහා ගෝල්ෆේස් අරගලය තුළ නිර්මාණය කිරීමට උත්සහ කළ පාර්ලිමේන්තුවෙන් පිටත ආණ්ඩුවක් හදන මිෂන් එක ක්‍රියාත්මක කරන්න උත්සහ කරන බව වරුණ රාජපක්ෂ මහතා පවසයි.
අද (2024.09.10) කොළඹ පැවැති ‟පුළුවන් ශ්‍රී ලංකා” මාධ්‍ය හමුවට එක්වෙමින් වරුණ රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ අරගලයකින් බැරිවුණ දේ ඡන්දයෙන් ක්‍රියාත්මක කිරීමට ඇතැමුන් උත්සහ කරන බවයි.
මෙහිදී අදහස් දැක් වූ ඒ මහතා –
ජනාධිපතිවරණයට අපේක්ෂකයෝ තිස් අටක් ඉදිරිපත් වෙලා ඉන්නවා. නමුත් ජයග්‍රහණය වෙනුවෙන් තරඟ කරන අපේක්ෂකයෝ තුන්දෙනයි. ඒ නිසා මේ මැතිවරණය තුන්කොන් සටනක් බවට පත්වුණා. මෙතෙක් ලංකාවේ පැවැත්වුණේ ප්‍රධාන අපේක්ෂකයෝ දෙදෙනෙකුගේ මැතිවරණ. එතකොට දිනන්නේ කවුද? පරාජය වෙන්නේ කවුද? කියන දේ නිරීක්ෂණය කරගන්න පහසුයි. නමුත් මේ මැතිවරණය තුන්කොන් සටනක් බවට පත්වුණා. මේ නිසාම දෙවැනි මනාපය ගනින්න වෙයිද, එක්කෙනෙකුට සීයට පනහ ගන්න බැරි වෙයිද වගේ දේශපාලන සාකච්ඡා ඇති වුණා.
නමුත් ජනාධිපතිවරණය අවසාන අදියරට එනකොට නැවත වතාවක් මැතිවරණය අපේක්ෂකයෝ දෙදෙනෙකුගේ සටනක් බවට පත්වෙමින් තිබෙනවා. ඒ කියන්නේ එක්කෙනෙක් තුන්වෙනියා බවට පත්වෙමින් සිටිනවා.
දේශපාලන භූමියේ තියෙන තොරතුරු අනුව පැහැදිලිවම ප්‍රේමදාස මහතා තුන්වැනි ස්ථානයට ඇවිත් තියෙනවා. මම නියෝජනය කරන ගම්පහ ආසනයේ ප්‍රතිඵලය ගැන කියන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ මහතා පළවෙනි ස්ථානයට එනකොට අනුර කුමාර දිසානායක දෙවැනි ස්ථානයට එනවා. ඔහු විසින් නිර්මාණය කරගත්ත දේශපාලන අර්බුදය විසින් ඔහු තුන්වෙනි තැනට ඇවිත්.
මේ යථාර්ථය මත පිහිටා දේශපාලනය කිරීම සිදුවෙනවා. ඒ නිසා සජිත් ප්‍රේමදාස මහතාගේ සටන කෙරෙහි වැඩි අවධානයක් යොමු කරනවාට වඩා රනිත් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක කියන අපේක්ෂකයෝ ගැන කතා කරනවා.
විපක්ෂ නායක භූමිකාව සාර්ථක නොකරපු ඔහු විපක්ෂයේම තරගකරුවෙක් නිර්මාණය කර ගත්තා. අදත් ඔහු නායකත්වයේ ලක්ෂණ අදහස් ප්‍රකාශ කරන්නේ නැති බව පැහැදිලියි. වේදිකාවට ඇවිත් කියන්නේ මම ඔබේ සේවකයෙක් වෙන්නම්. වහලෙක් වෙන්නම් මිස මම ඔබේ නායකයා වෙනවා කියන එක ස්ථිරසාර ව කියාගන්න බැරි වුණා.
ජනාධිපතිවරණයකදී දෙන පොරොන්දුද?, ඒවා කළ හැකිද? ඔවුන් මීට කලින් දී තිබෙන දේශපාලන පොරොන්දු රැකල තිබෙනවාද? කියන දේ ගැන අවධානය යොමු කරන්න වෙනවා. මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අධ්‍යාපනයට 6%ක්,සෞඛ්‍යයට 3%ක් වෙන් කරන බව. ඒ කියන්නේ දළ දේශීය නිෂ්පාදිතයින් 9%ක්. 2025 දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 30000 ඉක්මවන බව අපි උපකල්පනය කරනවා. ඒකෙන් 9% කියන්නේ බිලියන 2800 ක්. සෞඛ්‍යයට අද වෙන් කරනවා වගේ දෙගුණයක් ඔවුන් යෝජනා කරනවා. නමුත් ඒ මුදල කොහෙන්ද හොයා ගන්නේ? කියන දේ ඔවුන් ඉදිරිපත් කරන්නේ නැහැ. මාලිමාවෙ ප්‍රතිපත්ති සම්පාදක වන අනිල් ජයන්ත සමග රූපවාහිනී වැඩසටහනකදිත් මම මේ ගැන අභියෝග කළා.
සුරංගනා කතා කියන්න පුළුවන්. ඒවා ප්‍රායෝගිකව කරන්න ඕනේ. මේ ඡන්දෙන් පස්සේ එන ඕනම ආණ්ඩුවක් ඔක්තෝම්බර් මාසයේ අයවැය ඉදිරිපත් කරන්න ඕනේ. අයවැය ඉදිරිපත් කරන්න සූදානමක් තියෙන්න ඕනෑ. රජය ඒ සඳහා අවශ්‍ය ආනුමැතිය අරගෙන කෙටුම්පත් සම්පාදනය කරමින් ඉන්නේ.
පොරොන්දු දුන්නට බැහැ. ඒ පොරොන්දු ක්‍රියාත්මක කරන ආකාරය ගැන කියන්න ඕනේ. තඹුත්තේගම ගිහින් අනුර කුමාර දිසානායක කතාවක් කළා. ඔහු කියනවා එක හරකෙක් ඉන්න කෙනෙකුට ගව පට්ටියක් නිර්මාණය කරගන්න පුළුවන් ආර්ථිකයක් හදන බව. ඔහු මැතිවරණ ව්‍යාපාරය ඇතුලේ ඩිමෙන්ශියා තත්ත්වයට පත්වෙලාද කියන්න මං දන්නේ නැහැ. එතුමා ලංකාවේ හිටපු කෘෂිකර්ම ඇමතිවරයෙක්. මීට කලින් ඒ අය ආණ්ඩුවක අමාත්‍ය දුර හතරක් දැරුවා. සංස්කෘතික අමාත්‍යාංශයේ විජිත හෙරත් මහත්තයා හිටියා. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඇමතිවරයා විදිහට අනුර කුමාර හිටියා.
ඔහු තඹුත්තේගම සිනමා කර්මාන්තය කඩාවැටීම ගැන කතා කරනවා. ලංකාවේ සිනමා ශාලා කීයක් තිබුණද? ඒ සිනමා ශාලා වැහුනේ ඇයි?කියන දේ ගැන විශ්ලේෂණයක් නැතුව කියනවා මං ඒ කාලේ චිංචි නෝනා බැලුවා සිනමා ශාලාව නෑලු. සාමාන්‍යයෙන් ලංකාවේ සිනමාසවලා 350ක් තිබුණා. ඒවායෙන් වැඩි ප්‍රමාණයක් වැහුනේ 88/89 භීෂණ කාලයේ.
ලංකාවේ සිනමාවත් ලෝක සිනමාවත් ඩිජිටල් යුගයට ගියා. ඒ අනුව පරිවර්තනය වෙන්න බැරි වුණු සිනමා ශාලා විශාල ප්‍රමාණයක් වැහිලා තියෙනවා. මේකට සංස්කෘතික හේතු බලපාලා තියෙනවා. මිනි සිනමා බිහිවුණා. ආලින්දයේ සිනමා බිහි වුණා. හැබැයි ඒ වෙනස්කම් කරගන්න නොහැකි වීම නිසා සිනමා කර්මාන්තය පසුබෑමකට ලක්වූ බව අපි පිළිගන්නවා. සිනමා කර්මාන්තය ගැන කතා කරලා සිහිනය දෙනකොට ඔහුට අමතක වෙනවා ඒ අය සංස්කෘතික අමාත්‍යාංශය දැරුවා කියලා. මේ අමාත්‍යාංශ දෙකෙන් උදාහරණය අරන් අපිට කතා කරන්න පුළුවන්.
කෘෂිකර්ම අමාත්‍යංශයේ මූලිකම උපක්‍රමය ඉඩම් සහ ජලය ලබාදීම. ගල්ඔය ව්‍යාපාරයේ සිට මහවැලි ව්‍යාපාරය දක්වාම තිබුණු අභියෝගය. 1992 දී සැලැස්මක් තිබුණා කෘෂිකර්ම නවීකරණය කියලා. නමුත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. මේ වෙනකොට ජනාධිපතිතුමා කෘෂිකර්ම නවීකරණ ව්‍යාපාරය පටන් අරන් තියෙනවා. අව්වේ වැස්සේ වගා කරනවා වෙනුවට පාලිත තත්වයක් යටතට ගේන්නේ කොහොමද කියන එක පටන් අරගෙන. අනුර කුමාර 2004 කෘෂිකර්ම ඇමති වුණාට පස්සේ වැව් නවීකරණයෙන් එහාට ගිහින් ඉදිරිපත් කරපු සැලැස්ම කුමක්ද?. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඇමැති ධූර දරලා තියෙනකොට කලේ මොනවද කියන එක කියන්න පුළුවන්. ශ්‍රී ලංකා විවෘත විශ්ව විද්‍යාලය, උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය, මහරගම අධ්‍යාපන ආයතනය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලය, රුහුණු විශ්වවිද්‍යාලය, නැගෙනහිර විශ්ව විද්‍යාලය, කළමනාකරන පශ්චාත් උපාධි ආයතනය, විද්‍යා පීඨ නවයක්, ඉසුරු පාය, ජර්මන් ටෙක් වගේ ලයිස්තුවක් කියන්න පුළුවන්.
ඔහු කර්මාන්ත ඇමති වෙලා හිටියා. මහ කොළඹ ආර්ථික කොමිෂන් සභාව පිහිටෙව්වේ ඔහු. කටුනායක බියගම කොග්ගල වෙළඳ කලාප ඇතුළු දැවැන්ත කර්මාන්ත ප්‍රමාණයක් බිහි කරා. යෞවන කටයුතු ඇමතිවරයා විදිහට තරුණ සේවා සභාව, කාර්මික පුහුණු මධ්‍යස්ථානය, බෙලිහුල් සංස්කෘතික නිකේතනය, ජාතික ආධුනිකත්ව මණ්ඩලය, ජාතික ක්‍රීඩා උළෙල වගේ ලයිස්තුවක් කියන්න පුළුවන්. එතකොට අනුර කුමාර දිසානායක හිටපු කෘෂිකර්ම ඇමතිවරයා විදියට මොනවද කළේ? විජිත හේරත් ඇමතිතුමා සංස්කෘතික අමාත්‍යවරයා විදිහට මොනවද රටට ඉතුරු කරලා තියෙන්නේ?
අත්හදා බැලීමක් කිව්වට ඒගොල්ලෝ අත්හදා බලලා ඉවරයි. මොනවද කරලා තියෙන්නේ. සුරංගනා සිහින කිව්වට කමක් නෑ. මෙන්න මේ දේවල් අපි කරලා තියෙනවා කියලා කියන්න පුළුවන් නම්. අවුරුද්දයි එකහමාරයි අපි හිටියේ කියන එක උත්තරයක් නෙමෙයි. අවුරුද්දක් ඇති රටක් ගොඩනංවන්නත් රටක් බිම දාන්නත්. රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු දෙකක කාලයක් ඇතුලේ බංකොලොත් රටක මොනතරම් පරිවර්තනයක් කළාද. අනුරු කුමාර දිසානායක කෘෂිකර්ම ඇමති කරනකොට රට බංකොලොත් වෙලා තිබුණෙ නැහැ. සිනමා කර්මාන්තය කලාව වෙනස් කරන්න ගත්ත එක ප්‍රතිපත්තිමය තීන්දුවක් තියෙනවද?. කෘෂිකර්ම නවීකරණය වෙනුවෙන් ගත්ත ප්‍රතිපත්ති තීන්දුවක් පිහිටවපු ආයතනයක් තියෙනවද? එහෙමනම් අපිට කියන්න පුළුවන් පරිවර්තනය කරන්න පුළුවන් කියලා රටක් හදන්න අවුරුදු ගණන් ඕන් නෑ.
දීලා බලමු කියන අයට හොඳම උදාහරණයක් තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ගෙනල්ලා වෙච්ච දේ අපි දන්නවා. 225 නැති ආණ්ඩුවක් හදන්න ඕන කියපු එක පහුගිය කාලේ කිව්වා. ලංකාවේ ඒ ස්ක්‍රිප්ට් එක මෙහේ අවසන් නොවුනට ඒක බංගලාදේශය වුණා. නොබෙල් සම්මාන සම්මාන ලාභියෙක් ගෙනල්ලා අන්තර්වාර පාලනයක් හැදුවට ඒකෙ ප්‍රතිඵලය මොකක්ද? මාසයක් යනකොට බංගලාදේශයේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා බැංකු පද්ධතිය කඩා වැටිලා උද්ධමනය වේගෙන් ඉහළ යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ නැහැ. ඊයේ වෙනකොට මිනිස්සු තෙල් බවුසර් ගිනි තියෙනවා. ලංකාව එතනට ගියේ නෑ. පෙට්‍රසෙඩ් ගිනි තිබ්බේ නැහැ. මෙහෙ බහුසරයක් ආවම අත්පොඩි ගැහුවා. ඒක නිර්මාණය කරගන්නද මේ හදන්නේ. එක්තරා විදිහට කෘතිමව නිර්මාණය කරන දේශපාලන රැළි හරහා උත්සාහ කරමින් ඉන්නේ ගෝල්ෆේස් අරගලය ඇතුලෙ නිර්මාණය කරන්න හදපු පාර්ලිමේන්තුවෙන් පිටත ආණ්ඩුවක් හදන්න ගිය මිෂන් එක එක්තරා විදිහකින් ක්‍රියාත්මක කරන්න. අරගලයකින් බැරිවුණ දේ ඡන්දයෙන් ක්‍රියාත්මක කිරීමක්.
මාලිමාවේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් අවුරුදු දෙකක් තිස්සේ පොම්ප කරන මුදල් කන්දරාව පේන්න තියෙනවා. මේ පිටුපස දේශපාලන බලවේගයක් නැහැ කියලා ඒ අය කියනවා නම් ඔප්පු කරන්න ඕනේ ඔවුන්ට කොහොමද මුදල් ලැබෙන්නේ කියලා. අවුරුදු දෙකක් තිස්සේ ලක්ෂ ගණන් වියදම් කරලා කොහොමද මේ ටික කරන්නේ අපි දැක්කා කැස්බෑවේ ඩිපෝවෙන් බස් අරන් ගාල්ලේ ගිහින් තිබුණා. ඒ විදියට රුපියල් හැටදහ පනස්දහ දී ද බස් අරගෙන රට පුරා යන්න මේසා විශාල මුද්‍රදල් කන්දරාවක් පොම්ප කරන්නේ කවුද. අපේ රට බංගලාදේශයක් මාලදිවයිනක් කරගන්නේ නැතුව අවුරුදු දෙක හමාර ඇතුළත ඉතාමත් දුෂ්කර තත්ත්වයන් යටතේ ගොඩදාපු රට සුදුසුකම තියෙන නායකයෙකුට මැතිවරණයේදී ඡන්දය දෙන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *