බටහිර බෙංගාල රජය තොරතුරු හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කරන 30 වන වරටත් පැවැත්වෙන කොල්කටා ජාත්‍යන්තර චිත්‍රපට උළෙල දෙසැම්බර් 04 වනදා සිට 11 වැනිදා දක්වා බටහිර බෙංගාලයේ නන්දන් චිත්‍රපට මධ්‍යස්ථානයේදී ආරම්භ විය.
එම සම්මාන උළෙල නියෝජනය කරමින් ආසියානු අංශයෙන් ම දේශීය සිනමා ශිල්පීන්ගේ සන්ධානයේ උපලේකම් මාගම් සෝලි චිත්‍රපටයේ අධ්‍යක්ෂක චමින්ද ඉලුක්වෙල සහ එම උළෙලේම ජාත්‍යන්තර අංශයේ නියෝජනය කරමින් මගේ පන්තියේ ළමයෙක් අධ්‍යක්ෂක ශාම් ප්‍රනාන්දු සහභාගි විය.
30 වරටත් පැවැත්වෙන මෙම සම්මාන උළෙල සඳහා ලොව පුරා චිත්‍රපට 2049 කින් ජාත්‍යන්තර අංශයෙන් 14 ක්ද, ආසියානු අංශයෙන් 09, ඉන්දියාවේ ප්‍රදර්ශනය කරන ලද 12 ක්, බෙංගාලි 07ක්, ඉන්දියානු කෙටි චිත්‍රපට 20, වාර්තාමය 10, මේ වන වි ප්‍රදර්ශනය ආරම්භ කර ඇති අතර එහිදී තෝරා ගනු ලබන හොඳම චිත්‍රපට 11 වන දින ප්‍රදර්ශනය කිරීමට නියමිතය.
මාගම් සෝලි සිනමා පටය මේ වන විටත් ශ්‍රීලංකාව තුළ මතභේදයට තුඩු දී ඇති අතර, එයට ප්‍රධාන කාරණා වී ඇත්තේ වැඩිහිටියන්ට පමණක් සීමා කරමින්ර රැගුම් පාලක මණ්ඩලය විසින් අනුමත කර තිබීම පිළිබඳවයි.
මේ පිළිබඳව දිගින් දිගටම හි අධ්‍යක්ෂක චමින්ද ඉලුක්වෙල අදාල සියලුම පාර්ශ්වයන් දැනුවත් කර ඇති අතර, නව රජයේ පත්වීමෙන් පසු ස්ථාපිත කර ඇති ප්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය වෙත තමාට සිදුවූ අසාධාරණය පිළිබඳව දැනුවත් කර ඇති අතර ඉදිරියේදී එම චිත්‍රපටය සඳහා සුදුසු වර්ගීකරණය ලබා ගැනීම සඳහා අවශ්‍ය යා කටයුතු යි සම්පාදනය වනු ඇතැයි මාගම් සෝලි අධ්‍යක්ෂක චමින්ද ඉලූක්වෙල ම ප්‍රකාශ කරයි.
බංගාලි රජය විසින් සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල සඳහා දේශීය චිත්‍රපට දෙකක් නිර්දේශ වීම සිනමාවේ ප්‍රගමනයට හේතු වනු ඇතැයි අපගේ අපේක්ෂාවයි.
අපගේ නිර්මාණකරුවන් දෙදෙනාට ම උළෙලේදී විශිෂ්ට සම්මාන ලබා ගැනීම සඳහා අපගේ උණුසුම් සුභ පැතුම්..
