22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

හෂීම් ඔමාර් පදනමෙන් පාසල් සහ විශ්ව විද්‍යාලීය සිසුන් ට නොමිලේ ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීමේ හත්වන වැඩ සටහන

හෂීම් ඔමාර් පදනම විසින් 2024 වසරේ දී ආරම්භ කරන ලද අධ්‍යාපනික සහ තොරතුරු තාක්‍ෂණය පිළිබදව සිසුන් ගේ දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට සහය දීමේ අරමුණින් දිවයින පුරා විසිරී සිටින පාසල් සහ විශ්ව විද්‍යාලීය සිසුන් සදහා නොමිලේ ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීමේ වැඩ සටහන මාසිකව සංවිධානය කරන අතර එහි හත්වන ( 07) අදියර 13.12.2024 දින කොළඹ කොල්ලුපිටියේ හෂීම් ඔමාර් පදනමේ මූලස්ථානයේදී සිදු විය.
හෂීම් ඔමාර් පදනමේ නිර්මාතෘ, ස්වාධීන රූපවාහිනි සේවයේ හිටපු අධ්‍යක්‍ෂක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු උපදේශක හෂීම් ඔමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්විණ. තිනකරන් දමිල පුවත් පතේ ප්‍රධාන කතෘ සෙන්තිල් වල්වර් මහතා, වසන්තම් රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ නිෂ්පාදක සිද්දික් හනිෆා මහතා හෂීම් ඔමාර් පදනමේ නිලධාරින් සහ සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගිවිය.

ලැප්ටොප් පරිගණක ලබා ගැනීම සඳහා අයදුම් කල අයදුම්කරුවන් අතරින් ජූරි සභාව විසින් කල්මුණේ, පුත්තලම, ගම්පහ සහ පොතුවිල් යන ප්‍රදේශවලින් තෝරාගත් සිසු දරු දැරියන් හට අනුශාසක හෂීම් ඔමාර් මහතා ප්‍රධානත්වයෙන් ලැප්ටොප් පරිගණක බෙදා දෙන ලදී.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz