නව රැල්ල කලා කවය සංවිධානය කරන ලද කලාමිත්‍ර සම්මාන උළෙල ඊයේ ( 30) සවස කොළඹ හෙට්ටි වීදියේ කල්‍යාණ මුරුගන් මහල් ශාලාවේදී හෂීම් ඔමාර් පදනමේ නිර්මාතෘ, ස්වාධීන රූපවාහිනි සේවයේ හිටපු අධ්‍යක්‍ෂක, ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු උපදේශක හෂීම් ඔමාර් මහතා සහ එම මැතිණිය, නව රැල්ල කලා කවයේ සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රාධා මෙහෙතා මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.
නව රැල්ල කලා කවය සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලද නර්තනයන්, ගායනයන් සහ නාට්‍යමය ජවනිකාවලින් අලංකාර වූ සම්මාන උළෙලේ දී මාධ්‍යවේදීන්, කලාකරුවන් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන විශිෂ්ටයන් රැසක් සම්මානයෙන් පිදුම් ලැබීය.



