22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඔබේ පරිසර ප්‍රශ්න දැනුම්දෙන්න පරිසර අමාත්‍යංශයෙන් WhatsApp අංකයක්

පාරිසරික ප්‍රශ්න සඳහා කඩිනමින් විසඳුම් සෙවීමට පරිසර අමාත්‍යංශයෙන් WhatsApp අංකයක්- ඔබේ පරිසර ප්‍රශ්න අපට දැනුම්දෙන්න

පරිසර අමාත්‍යංශය විසින් පරිසර සංරක්ෂණය උදෙසා ජනතා සහභාගීත්වය ලබා ගැනීමේ අරමුණෙන් පාරිසරික ගැටලු අමාත්‍යවරයාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට යොමු කිරීම උදෙසා හා එම ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දීම සඳහා නව WhatsApp අංකයක් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, 076- 6412029 යන දුරකථන අංකයට කෙටි පණිවුඩ වශයෙන් පමණක් පරිසර ප්‍රශ්න යොමු කිරීමෙන් පරිසර අමාත්‍යංශය විසින් එම ප්‍රශ්න අදාළ ආයතන වෙත යොමු කිරීමෙන් කඩිනම් සහ තිරසාර විසඳුම් සොයා ගැනීමටත් පසු විපරම් ක්‍රියාවලිය ඔස්සේ විමර්ශන කටයුතු සිදු කිරීමටත් මෙමගින් අපේක්ෂා කෙරේ.

සෑම මසකම සතියේ දින 5 එනම් සඳුදා දින සිට සිකුරාදා දින දක්වා පෙරවරු 7.00 සිට පස්වරු 7.00 දක්වා මෙම සේවාව සක්‍රීය වන අතර 2025.02.14 (අද) දින සිට මෙම ක්‍රියාවලිය ආරම්භ වනු ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz