හෂීම් ඕමාර් පදනම 9 වන වරටත් උසස් අධ්‍යාපනය හදාරන සිසුන්ට ලැප්ටොප් පරිගණක බෙදා දෙයි

හෂීම් ඔමාර් පදනම විසින් 2024 වසරේ දී ආරම්භ කරන ලද අධ්‍යාපනික සහ තොරතුරු තාක්‍ෂණය පිළිබදව සිසුන් ගේ දැනුම ප්‍රවර්ධනය කර ගැනීමට සහය දීමේ අරමුණින් දිවයින පුරා විසිරී සිටින පාසල් සහ විශ්ව විද්‍යාලීය සිසුන් සදහා නොමිලේ ලැප්ටොප් පරිගණක පරිත්‍යාග කිරීමේ වැඩ සටහන මාසිකව සංවිධානය කරන අතර එහි නවවන ( 9) වන අදියර කොළඹ කොල්ලුපිටියේ හෂීම් ඔමාර් පදනමේ මූලස්ථානයේදී ඊයේ ( 16.02.2025 වන ඉරිදා ) දින පැවැත්විණ.

මෙම උළෙලට සහභාගී වූ කොළඹ හිටපු නාගරික මන්ත්‍රී සබ්වාන් මහතා සඳහන් කළේ හසිම් ඕමාර් පදනම විසින් කරනු ලබන මෙම සත්කාරය මිල කළ නොහැකි බවයි. මෙතුමා විශ්ව විද්‍යාලීය සහ පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඔවුන්ගේ උසස් අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යවශ්‍යම වන පරිගණක ලැප්ටොප් 45ක් මේ වනවිට ලබා දී ඇති බවත්, වසරකටත් අඩු කාලයක් තුළ ලක්ෂ පනහකට අධික මුදලක් වැය කරමින් කරන්නාවූ මේ සත්කාරය අඛණ්ඩව කරගෙන යෑම සඳහා අපි දෙවියන් වහන්සේගෙන් එතුමාට ආශිර්වාදය ඉල්ලා සිටින බවත්, මා දන්නා පරිදි සිසුන්ට පමණක් නොව විවිධ හේතූන් මත අපහසුතාවට පත් වී සිටින පවුල්වල විසන්ධියට ලක්වූ විදුලි බිල්පත් සහ ජල බිල්පත් සිය පෞද්ගලික ධනයෙන් ගෙවීම් කර එම පවුල් සඳහා පිහිට වූ බව අප කවුරුත් දන්නා කරුණක් බවත් වැඩි දුරටත් සදහන් කර සිටින ලදි.

මෙම අවස්ථාව ට සහභාගි වූ දිනකරන් පුවත්පතේ ප්‍රධාන කර්තෘ වත්මන් සමස්ත ශ්‍රී ලංකා දෙමළ මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති සෙන්තිල් වේලවර් මහතා කියා සිටියේ හසිම් ඕමාර් මහතා අධ්‍යාපන කටයුතු වෙනුවෙන් කරනු ලබන විශිෂ්ට කාර්යය එතුමාගේ මෙම නිහතමානි පරිත්‍යාගශීලිභාවයට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරන බවයි.

එදින රජරට විශ්ව විද්‍යාලයේ ඒම්.එස්. එෆ්. සුමයියා, කැලණිය විශ්ව විද්‍යාලයේ කේ.ඩී.ආර් ශෙහානි පෙරේරා, අග්නිදිග විශ්ව විද්‍යාලයේ ටී.එච් තවුෆික් සහ උසස් අධ්‍යාපනය හදාරන තිහාරියේ ඒම්.එන්.එෆ්. ආශා යන ශිෂ්‍යාවන් වෙත පරිගණක ලැප්ටොප් යන්ත්‍ර පරිත්‍යාග කරන ලදී.

මෙම අවස්ථාවට මෙට්‍රෝ නිර්මාතෘ අමීර්, සමාජ ක්‍රියාකාරික රෆික්, සහ සමාජ සේවක ඒ.සී.එම්. ඉර්ෂාඩ් ඇතුළු පිරිසක් සහභාගී වූහ.