22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ඉහළ ම වැටුප් තල 10න් 07වන ස්ථානය විදුහල්පතිවරුන්ට…08වන ස්ථානය ගුරුවරුන්ට…

  • අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ගුරුවරුන්ගේ වැටුප් ඉහළ ම ශ්‍රේණි 10 අතරට ගේන බව පොරොන්දු වුණත් එය ඉටු නොවී ඇති බව ඇතැම් මන්ත්‍රීවරු චෝදනා කරනව. නමුත් ඒක එහෙම නොවෙයි. විදුහල්පතිවරුන්ගේ වැටුප රු. 30,105කින් සහ ගුරුවරුන්ගේ වැටුප රුපියල් 25,360කින් වැඩි කරලා තියෙනවා. ඒ අනුව එම වැටුප් ශ්‍රේණි අතර 07වන ස්ථානය විදුහල්පතිවරුන්ටත් 08වන ස්ථානය ගුරුවරුන්ටත් ලබා දී තිබෙනවා. යැ යි අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මැතිනිය 2025/02/25වන දින පාර්ලිමේන්තුවේ දී පැවසුවා ය.

එමෙන් ම පූර්ව ළමාවිය සංවර්ධනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනයේ සංවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 6,019ක් වැඩිපුර වෙන්කොට තිබෙනවා. සමාජ ආරක්ෂණය සඳහා විශේෂ අවධානයක් යොමු කරල තිබෙනවා. යනුවෙන් ද වැඩිදුරටත් පැවසී ය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz