22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

ජීවමාන වූ ඇහැ­ලේ­පොළ වලව්ව

සිංහලයේ අව­සන් රාජ­ධා­නිය හා බැඳුණු ප්‍රතා­ප­වත් චරිත 36ක ගේ ජීව­මාන ප්‍රමා­ණයේ අනුරූ ප්‍රති­නි­ර්මා­ණය කර­මින්, සෙංකඩගල ඇහැ­ලේ­පොළ වලව්ව පරි­ශ්‍රයේ ස්ථාපිත කෙරුණු මෙරට ප්‍රථම ඓතිහාසික ඉටි රූ කෞතු­කා­ගා­රය (ජූලි 17) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසා­නා­යක මහතා අතින් විවෘත කරන ලදී.

ප්‍රදීප් නිලංග දෑල ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේගේ සංකල්පයක් මල්ඵල ගන්වමින් ඉදි වූ මේ කෞතුතාගාරය, මහනුවරට පැමිණෙන දහස් ගණනක් වූ දෙස් විදෙස් සංචාරකයින් වෙත නවමු අත්දැකීමක් එකතු කරනු ඇත.

පොත පතට, ඉතිහාස කතාන්දරවලට සීමා වූ කන්ද උඩරට රාජධානියේ සුවිශේෂී තතු විත්ති, ඇහැලේපොල ඉටි රූ කෞතුකාගාරය තුල දැන් ජීවමාන වී තිබේ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz