22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පාකිස්ථාන හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති හමුව

ශ‍්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත පාකිස්ථාන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරල් සයිඩ් ආමර් රාසා, ඉහළ පෙළේ හමුදා දූත පිරිසක් සමඟ 2025 ජූලි 22 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

එහිදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව උත්තමාචාර පෙළපාලියකින් අනතුරුව ශ්‍රී ලංකා හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම සංචාරය අතරතුර දෙපාර්ශවයේ අන්‍යෝන්‍ය සහයෝගීතාවයෙන් කලාපීය ආරක්ෂාව, ස්ථාවරත්වය සහ සාමය වර්ධනය කිරීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡාවක නිරත විය.

ඒකාබද්ධ හමුදා පුහුණු වැඩසටහන්, බුද්ධි අංශ සහයෝගීතාවය සහ ආරක්ෂක කටයුතු සඳහා ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවද වැඩි දුරටත් මෙහිදී සාකච්ඡා කෙරිණ.

මෙම අවස්ථාව සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් ඇතුලු පිරිසක් සහභාගී විය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz