22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මධ්‍යම පළාතේ ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන

මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් ව්‍යවසායකත්ව සහ තාක්ෂණ පුහුණු වැඩසටහන යටතේ අලෙවිකරණ උපායමාර්ග පුහුණු වැඩමුළුවක්.

මධ්‍යම පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුවේ ව්‍යවසායකත්ව සහ තාක්ෂණ පුහුණු වැඩසටහන යටතේ අලෙවිකරණ උපායමාර්ග පුහුණු වැඩමුළුව පසුගිය දිනවල් මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරය පැවත්විණ.

මෙහිදී පුහුණුලාභීන් 50 දෙනෙක් මෙම වැඩසටහන සදහා සහභාගී වූ අතර ව්‍යාපාර සැලැස්ම සකස් කිරීම APPIT ආයතනයේ කථිකාචාර්ය දසුන් රත්නායක මහතාද, මිලකරණය,ඇසුරුම්කරණය සහ ලේබල්කරණය සදහා කාර්මික සංවර්ධන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සංජය ගුණරත්න මහතාද, අන්තර්ජාලය මගින් අලෙවිකරණය – කර්මාන්ත දෙපාර්තමේන්තුවේ බාහිර උපදේශක අමිල රත්නායක මහතාද සම්පත්දායකත්වය ලබාදී තිබිණ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz