ශ්‍රී ලංකාවේදී කෘතිම බුද්ධිය ( Artificial Intelligence ) ඇසුරින් නිර්මාණිත ප්‍රථම වෘත්තාන්ත සිනමා නිර්මාණය ළඟදීම ප්‍රේක්ෂකයා හමුවට පැමිණීමට නියමිතව ඇත.
තම අධිරාජ්‍යයේදී අනපේක්ෂිත ලෙස අතුරුදහන් වන තම සොයුරා සොයා යන නිර්භීත යුවතියක් වටා මෙම කෘතිය නිර්මාණය වී ඇත . එසේම මෙය සත්‍ය ජීවිත, හැඟීම් සන්නිවේදන මෙනෙහි කිරීම් මගින් අභාෂිත නිර්මාණයකි.
මේ සඳහා රංගනයෙන් උදානි බණ්ඩාර , පසිඳු ලක්ෂාන් , මධුශාන් එල් බණ්ඩාර , ශ්‍රැති කාව්‍යා, මලීෂ සස්මික ඇතුළු පිරිසක් එක්වී ඇත.
සහය අධ්‍යක්ෂණයෙන් වේළු නවනීදන්, අංග රචනයෙන් ගයාන් ඉන්දික , සංස්කරණය , වර්ණ සංයෝජනය හා කැමරාකරණ අධීක්ෂණයෙන් විරාජ් නාරසිංහ එක්ව ඇති මෙම නිර්මාණය භාෂා ද්විත්වයකින් තිරගත වීමට නියමිත ඇත .
“සෝල් වෝකර් ” අධ්‍යක්ෂණය , නිෂ්පාදනය , කෘතිම බුද්ධි දෘශ්‍ය නිර්මාණකරණය , ප්‍රොම්පට් උපදෙස් , නිර්මාණ අධීක්ෂණය හා දෘශ්‍ය ඉංජිනේරු ලෙස පසිඳු ලක්ෂාන් කටයුතු කර ඇත .
- ඇන්ටන් ජේ ප්‍රනාන්දු
