විපක්ෂ කණ්ඩායම් එකතු වීමට එයාලා බය වෙලා

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (29) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ සමගි ජන බලවේග ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා, වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා මෙසේද පැවැසීය,

‘‘විපක්ෂයේ කණ්ඩායම් එකට එකතු වී වැඩ කටයුතු සිදු කිරීම සම්බන්ධයෙන් විශාල බියක් ඇති කරගෙන තිබෙනවා. විපක්ෂයේ කණ්ඩායම් හොරුන් ලෙස නම් කර එම පිරිස එකට එකතු වුණ බවට වන පණිවිඩය ආණ්ඩුවට සහාය දක්වන මාධ්‍ය කණ්ඩායම් සමාජ ගත කරන්න උත්සහ ගනිමින් සිටිනවා.

කෙසේ නමුත් ආණ්ඩුව ආරම්භ කර තිබෙන මර්දනයට විරුද්ධව සහ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ආණ්ඩුව ගන්න පියවරයන්ට විරුද්ධව විපක්ෂයේ සියලු දේශපාලන කණ්ඩායම් එකතු වී තිබෙනවා.

ඒ වගේම ජාතික ජනබලවේග ආණ්ඩුව බලයට පත් වී මේ වනවිට වසරක පමණ කාලයක් ගත වී තිබෙනවා. නමුත් ආණ්ඩුව කටයුතු කරන්නේ රටේ ජනතාවට වුණ පොරොන්දු ඉටු කිරීමට නෙවෙයි. දේශපාලන පිලිගැනිම් ගැනීමට සහ වෛරී දේශපාලනය පැතිරවීමට.

ඒ වගේම මෙම කාලය තුළ ජනතාව මුලාවට පත් කිරීම සඳහා ආණ්ඩුව විවිධ උපායමාර්ග ගනිමින් සිටිනවා. ඒ නිසා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ මර්දනයට එරෙහිව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකට වැඩකටයුතු කළ යුතු බවට තිරණය කරනු ලැබුවා.

ඒ වගේම වසර 15 ක්වත් රටක් පාලනය කළහොත් එම රට දියුණු කිරීමට හැකි බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම වසර 20 ක්වත් රට පාලනය කළහොත් රට ගොඩගැනීමට හැකි බව බිමල් රත්නායක ඇමැතිවරයා සහ නලින්ද ජයතිස්ස ඇමැතිවරයා ඇතුළු ආණ්ඩුවේ පාර්ශ්ව ගණනාවක් ප්‍රකාශ කර තිබුණා.

නමුත් මාස 6 ක කාලයක් තුළ රට ගොඩගන්න හැකි බව ජාතික ජනබලවේගයේ පිරිස් බලය ලබා ගැනීමට පෙර ප්‍රකාශ කළා. කෙසේ නමුත් ජාතික ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ යන්න උත්සහ කරන ගමන පිළිබඳව පැහැදිලි වෙනවා.

ඒ වගේම හිට්ලර් බලය ලබාගත්තෙත් මේ ආකාරයටමයි. ඔහුත් සිදුකළේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කටයුතු කිරීමයි. ඒ වගේම විරුද්ධ මතදාරින් මර්දනය කරන්නත් හිට්ලර් කටයුතු කළා. ඒ වගේම අවසානයේ ඒකාධිපති පාලකයෙක් බවට හිට්ලර් පත්වුණා.

ආණ්ඩුවත් හිට්ලර් ගමන් ගත් මාර්ගයේමද මේ ගමන් කරන්න උත්සහ කරන්නේ. කෙසේ නමුත් ආණ්ඩුවේ මර්දනකාරී ප්‍රතිපත්තිවලට විරුද්ධව ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන සියලුම දේශපාලන පක්ෂ
සමඟ සමගි ජනබලවේගය එකතු වෙලා වැඩකරන්න කැමැතියි.

ඒ නිසා විපක්ෂ නායක සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් මෙම අරමුණ වෙනුවෙන් සියලුම දෙනා එකතු වී සිටිනවා.

ඒ වගේම පසුගියදා රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ නඩුව විභාග වන අවස්ථාවේදී අධිකරණ භුමියට පැමිණි පිරිස් අත්අඩංගුවට ගැනිමට ආණ්ඩුව සුදානම් වන බවක් පෙනෙන්න තිබෙනවා. කෙසේ නමුත් එදින රටේ හදිසි නීතිය ක්‍රියාත්මක වුණේ නෑ , අධිකරණය තුළ වැරදි ආකාරයට ජනතාව හැසිරුණේ නෑ. ආණ්ඩුව එදින උසාවිය අවට ඇති සියලුම පාරවල් වසා දමා මහජනතාවගේ මූලික අයිතිවාසිකම පොලිසිය විසින් උදුරාගෙන තිබුණා.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ නඩුව විභාගවන අවස්ථාව දැක ගැනීමට විශාල ජනතාවක් පැමිණිම සම්බන්ධව ආණ්ඩුව උරණ වී තිබෙනවා. කෙසේ නමුත් එම අවස්ථාවට සහභාගි වුණ ගෞරවනීය ස්වාමින් වහන්සේලා ඇතුළු මහජනතාව මර්දනය කිරීමට ආණ්ඩුවට සුදානම් වන බවක් පෙනෙන්න තිබෙනවා.

රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට බාධා වන ක්‍රියාදාමයක් ආණ්ඩුව සිදු කරන්න උත්සහ කරනවානම් ඒ සඳහා විරෝධය පල කරන්න විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ ඒකරාශි වෙනවා.

ඒ වගේම ගුවන් යානයක් වෙන් කරගෙන ජනාධිපතිවරයා ගමන් බිමන් යනවානම් සාවද්‍ය මුදල් භාවිතය අදාල වන බවත් ගොඩබිමෙන් විදේශ ඇමැති විජිත හේරත් මහතා ජනාධිපතිවරයා ගමන් බිමන් යනවානම් එය අදාල නොවන බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරනවා. මේක පුදුම සහගත අර්ථ නිරුපණයක්. එවැනි අර්ථ නිරුපණ ලබාදිය යුත්තේ ඇමැතිවරුන් නෙවෙයි. අණ පනත් අනුව , ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තමයි මෙවැනි අර්ථ නිරුපණ ලබාදිය යුත්තේ.

කෙසේ නමුත් වර්තමාන ජනාධිපති අනුර දිසානායක මහතා නිල නොවන ගමන් බිමල් විශාල ලෙස රට තුළ සිදුකරලා තිබෙනවා. ඒ අනුව අනාගතයේදී ඔහු සම්බන්ධයෙනුත් නිතිය ක්‍රියාත්මක වෙන්න පුලුවන්. ඒ වගේම රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ නඩුව සම්බන්ධයෙන් වන ලිපිගොනු නිතිපතිවරයාට යොමු කරන්න අවශ්‍යතායක් නැති බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරනවා.

අදාල ලිපිගොනු නිතිපතිවරයාට නොයවා අධිකරණයට කරුණු වාර්තා කරන්න හැකි බව විදේශ කටයුතු ඇමැති විජිත හේරත් මහතා ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් ආණ්ඩුව පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙන් වෙන් වශයෙන් තමයි නීතිය ක්‍රියාත්මක කරන්නේ. ආණ්ඩුව මේ සියල්ල සිදුකරන්නේ දේශපාලන පලිගැනිම් සඳහායි. මේ සඳහා අපගේ විරෝධය දක්වනවා.

ඒ වගේම ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට එරෙහිව මුදල් අවභාවිතා කිරීමේ චෝදනා රැසක් එල්ල වී තිබෙනවා. රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ මැති ඇමැතිවරුන්ට එල්ල වන චෝදනා පිළිබඳව සමාජය තුළ දැඩි කතාබහක් ඇතිවී තිබෙනවා. පසුගිය කාලයේ රිලා සංගණනය සඳහා විශාල මුදලත් ආණ්ඩුව වැයකළා. වනසතුන්ගෙන් වන හානි වළක්වා ගැනීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන බව තමයි ආණ්ඩුව ප්‍රකාශ කළේ. නමුත් රිලා සංගණනය සඳහා විශාල මුදලක් වෙන් කරලා සංගණනයක් සිදුකළත් එයින් නිසි ප්‍රතිඵලයක් ගන්න ආණ්ඩුව කටයුතු කරලා නැහැ. රිලා සංගණනයට විශාල මුදලක් වැයකලත් එයින් ප්‍රතිඵලයක් අත්කර නොගැනීමෙන් මුදල් අවභාවිතාවයක් සිදුවී තිබෙනවා. ඒ වගේම කතානායකවරයා නිල නිවාස දෙකක් භාවිතා කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනාවක් එල්ල වෙනවා.

ඒ වගේම ආණ්ඩු බලය ගැනිමට පෙර ලාල් කාන්ත ඇමැතිවරයා මාදිවෙල මන්ත්‍රි නිවාස සංකීර්ණයේ නිවසක් භාවිතා කළ බවට චෝදනාවක් එල්ල වුණා. රජයට අයත් නිවසක් ලාල් කාන්ත මහතා බලය ගැනිමට පෙර භාවිතා කිරීම අවභාවිතාවක්. ඒ වගේම වෙළද ඇමැති වසන්ත සමරසිංහ , මහින්ද සමරසිංහ නියෝජ්‍ය ඇමැතිවරයාට ගල්කිස්ස අධිකරණයේ නඩුවක් විභාග වෙනවා. ඒ අනුව එකිනෙකාට වෙනස් ආකාරයෙන් නිතිය ක්‍රියාත්මක කරන බව මෙයින් පැහැදිලි වෙනවා.

ඒ වගේම ජනාධිපතිගේ ලේකම්වරයාගේ නිල රථය ඔහුගේ බිරිද භාවිතා කරමින් සිටියද් අනතුරකට පත්ව තිබෙනවා. ජනාධිපතිගේ ලේකම්ගේ නිල රථය ඔහුගේ බිරිද ලබාදිමත් වරදක්. මේවාටත් දඩුවම් ලැබිය යුතුයි. ඒ වගේම රතු නිවේදන නිකුත් කළ බහලුම් 323 ක් නිදහස් කිරීම පිළිබඳව තවම ආණ්ඩුව කිසිදු පියවරක් ගෙන නැහැ. ඒ සඳහාත් ආණ්ඩුව නිතිය ක්‍රියාත්මක කළ යුතුයි. නමුත් ඒ සම්බන්ධයෙන් නිහඩ පිලිවෙතක් තමයි අනුගමනය කරන්නේ.

ඒ වගේම නාස්තිය හොරකව අනවශ්‍ය වියදම් කපා හරින බව ජාතික ජනබලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණු ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණා. කෙසේ නමුත් ආණ්ඩුව මේ වනවිට රුපියල් බිලියන 1225 ක මුදල් අච්චු ගසා තිබෙනවා. ආණ්ඩුව මුදල් අච්චු ගැසීම සිදුනොකළ බවත් මහ බැංකුව මුදල් අච්චු ගසා ඇති බවත් ආණ්ඩුව ප්‍රකාශ කරනවා.

මහබැංකුවට අවශ්‍ය පරිදි රටක මුදල් අච්චු ගැසිමට නොහැකියි. මෙය ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකඟතාවයන්ටත් පටහැනියි. මේ හරහා සිදුවන්නේ මුදල් සංසරණය වැඩි වීමයි. මෙය ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය එකඟතා මතයි ක්‍රියාත්මක කරන්නේ. මුදල් අච්චු ගැසිම මහ බැංකුවට තනිවම සිදුකළ නොහැකියි. ඒ වගේම පසුගිය කාල සිමාව තුළ විදේශ ණය බර බිලියන 905 කින් වැඩි වී තිබෙනවා.

මෙය ඉතාම බරපතල තත්ත්වයක්. කෙසේ නමුත් ආණ්ඩුව ආර්ථික අභියෝග ජයගන්න කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වනතුරු ගෙන නැහැ. 2028 සිට ණය ගෙවීමට තිබෙනවා. ඒ සඳහා මුදල් අච්චු ගැසිම විසදුමක් නෙවෙයි. රටේ ආදායම් මාර්ග වැඩි කරගැනිම තමයි ආණ්ඩුව සිදුකළ යුත්තේ. ඒ සඳහා ආණ්ඩුව කිසිදු ක්‍රියාමාර්ගයක් ගන්න ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ. ඒ වගේම රටේ සංචිත ප්‍රමාණයත් විශාල ලෙස බිදවැටෙමින් තිබෙනවා. කෙසේ නමුත් රටේ මුල්‍ය වෙළඳපොල මේ හරහා කඩාවැටිමකට ලක්වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *