2025 වර්ෂයේ ලෝක ළමා දිනය වෙනුවෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිතුමියගේ පණිවිඩය.

“ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” යන තේමාව යටතේ 2025 වර්ෂයේ ඔක්තෝබර් මස 01 වන දිනට යෙදෙන ලෝක ළමා දිනය උත්කර්ශවත් ලෙස සැමරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු කටයුතු සූදානම් කර ඇත.රටේ ජීවනාලිය බඳු ළමයින් ආරක්ෂා කරගැනිම ඔබ අප සැමගේ යුතුකම මෙන්ම වගකිම ද වේ. මේ සඳහා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මේ වන විටත් ලෝක ළමා දින ජාතික වැඩසටහනට සමගාමීව වැඩසටහන් රැසක් සිදු කරමින් පවති. මේ තුළින් සියළු ආකාරයේ අපයෝජනයන්ගෙන්, හිංසනයන්ගෙන් මෙරට සියලු ළමුන් ආරක්ෂා කිරීම සදහා  අප සැමගේ කාර්යභාරය සමාජය වෙත ගෙන යාමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිතැනින්ම කටයුතු කරමින් සිටි.

පසුගිය කාල පරිච්ජේදය තුළ විශේෂයෙන්ම ළමා හිංසනයන් වර්ධනය වීම, ළමයින් පාසල් හැරයන තත්වයන් උද්ගතවීම,අඛණ්ඩව පාසල් නොයැවීම ඉහලයාම,මව්වරුන් විදේශගතවීම, පවුල් ආරවුල් සහ දෙමාපියන් දික්කසාද වීම වැනි ගැටළු ඉහලයාමේ  ප්‍රවණතාවය මත ළමා අපයෝජන වර්ධනය වීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නිරීක්ෂණය කරයි. ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම පාර්ශවකරුවන් ඒකාබද්ධව ළමා අපයෝජන සිදුවීම් වලක්වමින් ළමයාගේ සතුට සහ උපරීම ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අප්‍රමාදීව කටයුතු කිරිම අත්‍යවශ්‍ය වේ. මෙහිදී පවුල මූලික ළමා ආරක්ෂාව තහවුරු කිරීමට අවධානය යොමු කිරීමට අත්‍යවශ්‍ය බව පෙනී යයි.

තාක්ෂණය සමග ඉදිරියට යන ළමුන්,තාක්ෂණයේ ගොදුරක් බවට පත් නොවිය යුතු බව අප තරයේ විශ්වාස කරමු. අන්තර්ජාලය මගින් සිදුවන ළමා අපයෝජන වල යම් පමණක වර්ධනයක් ද දැකිය හැකිය. එහෙයින් තාක්ෂණයේ නියම ඵල නෙලා ගැනීමට අන්තර්ජාලය තුළ ළමයින් සුරක්ෂිත කිරීමට කඩිනමින් පියවර ගතයුතුව ඇත.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ළමා අපයෝජන සිදුවීමක් අප්‍රමාදිව වාර්තා කිරිමට සහ ළමා අපයෝජන පිළිබඳ වඩාත් සංවේදීව කටයුතු කිරිමට කැපවෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටී.

“ආදරෙන් සුරකින්න – අපට ලොව දිනන්නට” යන බව තහවුරු කරමින් සියලුම දෙමාපියන්, වැඩිහිටියන්, ගුරුවරුන්,භාරකරුවන් ඇතුළු සියලු පුරවැසියන් මේ පිළිබඳ දැඩි අවධානය යන තේමාව තහවුරු කිරිමට කාලය එළඹ ඇත.වයස අවුරුදු 18 ට අඩු සෑම ළමයෙක්ම ළමා අයිතිවාසිකම් මෙන්ම ශාරීරික, මානසික, ලිංගික හිංසනයන්ගෙන් සහ නොසලකාහැරීම් වලින් තොර සමාජයක ජිවත්විමට අයිතිය තහවුරු කළ යුතු අතර, අනිවාර්ය අධ්‍යාපනය සඳහා යොමු කළ යුතු පොදු සමාජ වගකීම තහවුරු කිරිමට ඔබ, අප සමඟ අත්වැල් බැඳගනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

එසේම ළමා අපයෝජන සිදුවීම් කිසිවිටක සමතයකට පත් කිරීම කිසිම කෙනෙකුට සිදු කළ නොහැකි අතර එවැනි සිදුවීම් නොපමාව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ  1929 ළමා උපකාරක දුරකථන සේවයට දැනුම්දීමට කටයුතු කරන්න.ළමයින් ආරක්ෂා කිරිමේ ප්‍රථම වගකීම තම පවුලෙන් ආරම්භ කරන ලෙස ඉල්ලා සිටින අතර සියලු ළමයින් ආරක්ෂා කිරීමට අප සැම කටයුතු කළ යුතුය.

රටේ සියලුම ළමයින්ට යහපත් වටපිටාවක නිදහසේ සහ සුරක්ෂිතව ජීවත්විමට අවශ්‍ය පරිසරය සකස්කර දීම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ඒකායන පරමාර්ථය වේ. සියලුම ළමයින්ට ලෝක ළමා දිනය සමරන අද දින මාගේ සුභාශිංශන එක් කරමි. දැයේ සියලුම ළමයින් සියලුම ආකාරයේ අපයෝජන වලින් ආරක්ෂා කිරීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය ලෙස මාගේ උපරිම කැපකිරිමෙන් කටයුතු කරන බව සතුටින් දන්වා සිටිමි.

ප්‍රීති ඉනෝකා රණසිංහ

සභාපති

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *