TikTok හි දකුණු ආසියානු රාජ්‍ය ප්‍රතිපත්ති සහ සබඳතා ප්‍රධානී Ferdous Mottakin විසිනි
ඩිජිටල් මාධ්‍ය යනු හුදෙක් විනෝදාස්වාදයේ මාවතක් නොවේ. එය අදහස්, දැනුම සහ අවස්ථා අනෙකුත් අය සමඟ හුවමාරු කර ගන්නා මෙන්ම තරුණ අදහස් එකිනෙකා සමඟ සම්බන්ධ කළ හැකි සුවිශේෂී වේදිකාවක් ලෙසද සඳහන් කළ හැකිය. ශ්‍රී ලාංකේය තාරුණ්‍ය තුළ ඉතා සීඝ්‍රයෙන් ජනප්‍රිය වන සමාජ මාධ්‍ය වේදිකාවන් අද වන විට අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය වෙනුවෙන් දායක වී ඇත්තේ ඒ සතු හැකියාව හා විශිෂ්ටත්වය මනාව විදහා දක්වමිනි.
සැප්තැම්බර් මැද භාගයේදී ශ්‍රී ලංකාවේ TikTok හි දියත් කිරීමේ උත්සවය සඳහා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය හා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නියෝජිතයින් කිහිප දෙනෙකු සමඟ මටද එක් වීමට හැකි විය. මෙම අවස්ථාව තුළින් ගෝලීය වේදිකාවන් හා ජාතික අධ්‍යාපන වැඩසටහන් අතර සහයෝගීතාවයේ වැදගත්කම මනාව අවධාරණය කෙරුණ අතර අධ්‍යානය හා සම්බන්ධ සියලු දෙනා වෙනුවෙන් ඩිජිටල් මෙවලම් භාවිත කිරීම වෙනුවෙන් වැඩි අවස්ථාවක් උදා කර දීමට මේ තුලින් හැකියාව උදා විය. මෙය TikTok සහ ශ්‍රී ලංකා රජය අතර අර්ථවත් හවුල්කාරීත්වයක් නිර්මාණය කිරීමටද අවස්ථාවක් වූ බව සඳහන් කළ යුතුය.
නිරන්තරයෙන් ආරක්ෂිත හා වගකීම් සහගත බව පදනම් කර ගනිමින් කටයුතු කරන TikTok හි ඒ සඳහා වන එක් ප්‍රයත්නයක් ලෙසද STEM Feed පෙන්වා දිය හැකිය. වයස අවුරුදු 13 ට හා ඊට වැඩි පරිශීලකයින්ට භාවිත කළ හැකි මේ තුලින් විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය වැනි අන්තර්ගතයන් ගවේෂණය කිරීමට හැකි වන අතර ඉගෙනීම සතුට සහ ආරක්ෂාව සහිත දෙයක් බවට පත් කරනු ඇත.
STEM සහ ඩිජිටල් ඉගෙනුම් වේදිකාවන්හි කාර්ය භාරය
මීට අවුරුදු ගණනකට පෙර මෙන් නොව වත්මන් පරපුර පොත්පත්, දේශන හෝ ඒකාකාරී ඉගෙනුම් මාර්ග පිළිබඳව උනන්දුවක් නොදක්වන අතර ඒ වෙනුවට විවිධ පහසු අවස්ථාවන් සොයා යමින් කාලය, ශ්‍රමය කාර්යක්ෂම අයුරින් යොදා ගැනීමට කටයුතු කරමින් සිටිති. ඒ වෙනුවෙන් ඔවුන් තෝරා ගන්නේ ඩිජිටල් වේදිකාවන්ය. සංකල්පය කුලින් ඉගෙනීම පමණක් නොව නිර්මාණාත්මක භාවය ඉහළ නංවා ගැනීමටද ඔවුන්ට අවස්ථාව උදා වේ. එමෙන්ම කෙටි වීඩියෝ අන්තර්ගයන් හරහා අධ්‍යාපන දැනුම ඉහළ නංවා ගැනීමටත් නිර්මාණාත්මක අන්තර්ගතයන් ගවේෂණය කිරීමක් හැකියාව උදා වන මෙහිදී විද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ නිර්මාණ ශිල්පීන් ලෙස විවිධ ගැටලු සඳහා තමන්ගේ නවෝත්පාදන හැකියාවන් ඉදිරිපත් කිරීමටද අවකාශ උදා වේ. ඔවුන් එම අත්දැකීම් අනෙකුත් අය සමඟ බෙදා ගැනීමටද පෙළඹෙනු ඇත.
ඔවුන්ගේ කුතුහලය ඉහළ නැංවීමට මෙන්ම නව අත්දැකීම් අත්හදා බැලීමට කදිම අවස්ථාවක් සපයන මෙම වේදිකාවන් තාක්ෂණික කුසලතාවන්ට අමතරව අනාගතයේ වඩාත් වැදගත් වන සන්නිවේදන හැකියාවන්, සහයෝගීතාව සහ ඩිජිටල් සාක්ෂරතාව වර්ධනය කර ගැනීමටද මේ තුලින් හැකි වේ.
නාගරික පාසල් හා තරුණ දරුවන්ට තමන්ගේ අධ්‍යාපන අවස්ථාවන් වර්ධනය කර ගැනීමට කොතෙකුත් පහසුකම් තිබූවද ග්‍රාමීය හා දුෂ්කර පළාත්වල දරුවන්ට ඇති පහසුකම් සීමා දහිතය. සමහරවිට එවන් පහසුකම් නොමැති තරම්ය. එහෙත් මෙම STEM වේදිකාව හරහා සැමට සම අවස්ථාවන් උදා වීම තුලින් නගරයේ මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල දරුවන්ටද දැනුම හඹා යාමේ හැකියාව උදා වන්නේ ඔවුන්ගේ අනාගතයටද සවිමත් අත්දැකීමක් ලබා දෙමිනි. ඒ නිසාම සාමාන්‍ය පන්ති කාමර අධ්‍යාපනයට එහා යමින් නවෝත්පාදනය තුලින් ඉගෙන ගැනීමේ අවස්ථාව ඔවුන් හිමි වනු ඇත.
ආරක්ෂිත ඩිජිටල් අධ්‍යාපනය සහ තාරුණ්‍යය සවිබල ගැන්වීම වෙනුවෙන් TikTok හි කාර්යභාරය
තරුණයින් වෙත තොරතුරු ලබා දෙන හා ඔවුන් තවත් බොහෝ දෙනා සමඟ සම්බන්ධ කරන වේදිකාවක් ලෙස සමාජීය වශයෙන් සුවිසල් කාර්ය භාරයක් ඉටු කරන TikTok අවුරුදු 13 ට වැඩි පරිශීලකයින් සඳහා ආරක්ෂිත ඩිජිටල් අවකාශයක් සපයනු ලබයි. ඒ තුලින් තමන්ගේ නිර්මාණ අනෙක් පිරිස් සමඟ බෙදා හදා ගැනීමට මෙන්ම අත්හදා බැලීම්, ස්වයං ප්‍රකාශන වැඩි දියුණු කර ගැනීමට අවස්ථාව උදා වේ. තමන්ගේ වයසට ගැලපෙන ප්‍රතිපත්ති සහ විෂය කරුණු ඒ සම්බන්ධ විශේෂඥයින් සමඟ ස්නිවේදනය කිරීමට හැකි වීමද විශේෂත්වයකි.
STEM හි විශේෂත්වය වනුයේ එහි සෑම කොටසක්ම නිවැරදි හා සුදුසු අන්තර්ගතයන්ගෙන් යුත්ක බවට දැඩි සහතික කිරීමේ ක්‍රියාවලියක් තිබීමයි. අධ්‍යාපනික ප්‍රමිතීන් සපුරාලීම වෙනුවෙන් අන්තර්ගතයන් සමාලෝචනය කිරීමට හැකි වේ. තවද ඔවුන්ගේ මනසට අනිසි ලෙස බලපෑ හැකි සංවේදී අන්තර්ගතයන් ඉවත් කරමින් ආරක්ෂිත රාමුවක් තුළ ඔවුනට වඩාත් සුදුසු අන්තර්ගතයන් වෙත පමණක් ළඟා වීමට හැකියාව උදා කර දී තිබීමද ඉතා වැදගත් වේ.
හවුල්කාරීත්වය සහ හෙට දවස
ශ්‍රී ලංකාවේ TikTok හි STEM දියත් කිරීමේ සුවිශේෂීත්වය වන්නේ විවිධ පාර්ශවයන් සමඟ ඇති කරනු ගනු ලැබූ සහයෝගීතාවයයි. ගෝලීය වේදිකා, අධ්‍යපානඥයින්, ආයනය හා රජය සමඟ එක්ව වැඩ කිරීම තුලින් වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි වේ.
සහායක හවුල්කරුවකු ලෙස අධ්‍යාපනඥයින්ගේ ප්‍රවේශය ඉහළ නැංවීමට, සිසුන්ට ප්‍රබෝධයක් ලබා දීමට මෙන්ම ඩිජිටල් පරිවර්තනය සැලසුම්වලට අනුකූලව කටයුතු කරන TikTok මෙරට තාරුණ්‍යයට ආරක්ෂිත සහ අර්ථවත් මෙවලම් සහ අවස්ථාව ලබා දෙයි. විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය වැනි විෂයයන් පිළිබඳව කුතුහලයක් මෙන්ම බලාපොරොත්තුවක් ඇති කිරීමට සමත් වන STEM හොඳම තත්වයේ අධ්‍යාපනික අන්තර්තයන් සතුටින් ග්‍රහණය කර ගැනීමේ හැකියාව උදා කර දෙන්නේ ආරක්ෂිත ඩිජිටල් වේදිකාවක් ශ්‍රී ලාංකේය තාරුණ්‍යයට උරුම කර දෙමිනි.
ශ්‍රී ලාංකේය තාරුණ්‍ය මතු හැකියාවන් සහ කුසලතාවයන් අති මහත්ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ එම දක්ෂතාවන් ලෝකය වෙත ගෙන යාම සදඟා අවස්ථාවකි. STEM තුලින් සපුරාලනු ලබන්නේ ඒ අවස්ථාවයි.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය, අධ්‍යපනඥයින් සහ තාරුණ්‍ය සමඟ එක්ව ඩිජිටල් වේදිකාව තුළ මනා හැකියාවෙන් යුත් නවෝත්පාදනයේ විශිෂ්ටයින් පිරිසක් නිර්මාණය කරමින් විශිෂ්ට අනාගත පරපුරක් බිහි කිරීමට අපට හැකි වනු ඇත.