03.11.2025 Weather Forecasts – කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு November 02, 2025 

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )

2025 නොවැම්බර් මස 03 දින සඳහා කාලගුණ අනාවැකිය
2025 නොවැම්බර් මස 03 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල පස්වරු 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මධ්‍යම රාත්‍රියේදී සහ අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 03 NOVEMBER 2025
Issued at 05.30 a.m. on 03 November 2025

Showers or thundershowers may occur at a few places in Sabaragamuwa, Central and Uva provinces after 2.00 p.m. Mainly fair weather will prevail in the other areas of the island.
Misty conditions can be expected at some places in Central, Sabaragamuwa and Uva provinces during the midnight and early hours of the morning. The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.