( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )
2026 පෙබරවාරි මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය
2026 පෙබරවාරි මස 13 දින උදෑසන 05.30 ට නිකුත්කරන ලදි.
මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත් පොලොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඌව පළාතේත් අම්පාර, මඩකලපුව, නුවරඑළිය, මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.
උතුරු පළාතේත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇති වේ.
සෙසු ප්‍රදේශවල ප. ව 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.
සබරගමුව පළාතේත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ට වැඩි තරමක් තද වැසි ඇති විය හැක.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
WEATHER FORECAST FOR 13 FEBRUARY 2026
Issued at 05.30 a.m. on 13 February 2026
Showers will occur at times in Central, Uva, Eastern provinces and in Polonnaruwa and Hambantota districts. Fairly heavy falls above 50 mm are likely at some places in Uva province and in Ampara, Batticaloa, Nuwara-Eliya, Matale and Polonnaruwa districts.
Several spells of showers will occur in Northern province and in Anuradhapura district.
Showers or thundershowers will occur at several places elsewhere after 2.00 p.m. Fairly heavy showers above 50 mm are likely at some places in Sabaragamuwa province, Kaluthara, Galle and Matara districts.
Misty conditions can be expected at some places in Western, Sabaragamuwa and provinces and in Galle and Matara districts during the early hours of the morning.
The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.
