22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සෞඛ්‍යය ගැන වැඩියෙන් හිතන්න පිරිමින්ව පුරුදු කරන ටික්ටොක් දොස්තර

ඔබ පිරිමියෙකුගෙන් සැප දුක් ඇසුවොත් ඔහු නිරන්තරයෙන් හොඳින් ඉන්නවා යැයි පිළිතුරු දෙනු ඇත. එයින් කියවෙන්නේ ඔහු හොඳින් ඉන්න බවම නොවේ. ඒ තුල ඔහුගේ මානසික පීඩනය. ආතතිය, ඔහුට ඇති වගකීම් ප්‍රමාණය වැනි දේ ගැබ්ව ඇති බව රහසක් නොවේ. ඒවා කොතෙක් තමන් සතු වුවද කිසිවකුට නොපවසා සිටීමට පිරිමින් පුරුදුව සිටිති. ඒ ඔවුන්ගේ අභිමානයට, පෞරුෂයට හානියක් වේ යැයි සිතා විය යුතුය. කෙසේ වුවද මෙම තත්වය ගෝලීව සෑම පිරිමියෙක් තුලම දැකිය හැකිය.
මේ නිසාම පිරිමින්ගේ හා පිරිමි දරුවන්ගේ සෞඛ්‍යය යහපත වෙනුවෙන් මේ වන විට Menzs Health Week හඳුන්වා දී ඇත්තේ පිරිමින් තමන් තුළ වූ ගැටලු අන් අය සමඟ බෙදා හදා නොගැනීමේ අභියෝගය ජය ගැනීමටද අවස්ථාව උදා කර දෙමිනි. මේ පිළිබඳව සමාජය දැනුම්වත් කළ හැකි හොඳම වේදිකාව වන්නේ සමාජ මාධ්‍යයයි. එය මනාව අවබෝධ කරගත් ශ්‍රී ලාංකේය වෛද්‍යවරයකු වන සුනෙත් රාජවාසන් මහතා තම TikTok ගිණුම තුලින් පිරිමින්ගේ ඉහත අභියෝගය සම්බන්ධයෙන් සමාජයට අවබෝධයක් ලබා දීමට කටයුතු කරමින් සිටියි.
Doc on the Tok ලෙස බොහෝ දෙනා හඳුනන එම TikTok ගිණුම තුලින් බොහෝ දෙනෙක් කතා කිරීමට කැමැත්තක් නොදක්වන මාතෘකා පිළිබඳව විවෘතව කතා කරමින් සුවිසල් රසික ආදරයක් දිනා ගැනීමට වෛද්‍ය සුනෙත් රාජවාසන් සමත්ව සිටියි.
ටික්ටොක් (TikTok) සමාජ මාධ්‍ය ඔස්සේ දහස් ගණනක් දෙනා Doc on the Tok ලෙස හඳුනන වෛද්‍ය සුනෙත් රාජවාසන්, සෞඛ්‍ය තොරතුරු පහසුවෙන් තේරුම් ගත හැකි අයුරින් ඉදිරිපත් කරමින් සහ බොහෝ දෙනෙකුට කතා කිරීමට අපහසු මාතෘකා ගැන විවෘතව සාකච්ඡා කරමින් විශාල රසික පිරිසක් දිනා සිටී.
2009 වසරේ සිට වෛද්‍ය ක්ෂේත්‍රයේ නියැලී සිටින වෛද්‍ය සුනෙත්, ශ්‍රී ලංකා පවුල් වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (CGPSL) මෙන්ම එක්සත් රාජධානියේ රාජකීය පවුල් වෛද්‍යවරුන්ගේ විද්‍යාලයේ (RCGP) පුහුණුකරුවෙකු සහ පරීක්ෂකවරයෙකු ලෙස කටයුතු කරයි.
අද වන විට, ඔහුගේ වීඩියෝ දහස් ගණනක් නරඹන්නන් වෙත ළඟා වන අතර, අධ්‍යාපනය, නිවැරදි තොරතුරු සහ මානසික සහයෝගය ලබාගැනීමට පරිශීලකයින්ට හැකි වී තිබේ.
පිරිමින් නිශ්ශබ්දව සිටින්නේ ඇයි?
බොහෝ විට ශාරීරික රෝග ලක්ෂණ නොසලකා හැරීම, වෛද්‍ය පරීක්ෂණ කල් දැමීම, මානසික ආතතිය ගණන් නොගැනීම සහ අධික වෙහෙස සාමාන්‍ය දෙයක් ලෙස බාරගැනීමට පිරිමි පුරුදුව සිටිති. මෙලෙස දිගින් දිගටම වැඩ කිරීම තමන්ගේ වගකීමක් යැයි සිතන ඔවුන් ශාරීරික මෙන්ම මානසික පීඩාවන් නිරන්තරයෙන් දරා ගැනීමට වෙහෙස වෙති.
දියවැඩියාව, අධික රුධිර පීඩනය, තරබාරුකම සහ හෘද රෝග වැනි වැරදි ජීවන රටාවන් නිසා ඇති වන රෝග ප්‍රධාන ගැටලු ලෙස පවතින අතර මානසික සෞඛ්‍ය අභියෝග බොහෝ විට සැඟවී පවතින්නේ ඔවුන්ගේ දෛනික රාජකාරි වගකීම් සහ පිටතට පෙන්වන සාමාන්‍ය පෙනුම පිටුපසයි.
“බොහෝ පිරිමින්ට කුඩා කල සිටම උගන්වා තිබෙන්නේ ශක්තිමත් බව කියන්නේ නිශ්ශබ්දව සිටීම කියලයි. පවුල රැකබලා ගැනීමට ප්‍රශ්න විසඳීමට සහ නොසැලී සිටීමට ඔවුන්ට ලොකු පීඩනයක් දැනෙනවා. ඒ නිසා ඇත්තටම මම ඉන්නේ ලොකු අමාරුවක කියලා කියන්න ඔවුන් මැලි වෙනවා. මානසික සෞඛ්‍ය පිළිබඳව සමාජයේ දැන් දැනුවත්භාවය වැඩි වුවද තමන්ගේ සංවේදී හැඟීම් හෝ දුර්වලතා පිටතට ප්‍රකාශ කිරීමට බොහෝ පිරිමින් තවමත් අපොහොසත්. සෑම විටම ශක්තිමත්ව, දක්ෂ ලෙස සහ හැඟීම් පාලනය කරගෙන සිටීමට සමාජයෙන් එල්ල වන බලපෑම නිසා ජීවිතය දරාගත නොහැකි තරම් පීඩාවට පත් වූ විට පවා සත්‍ය පැවසීමට ඔවුන්ට ඉඩක් ඉතිරි නොවේ. මම හිතන්නේ සමාජය බොහෝ විට හැඟීම් පාලනය කිරීම සහ හැඟීම් යටපත් කිරීම යන දෙක පටලවා ගන්නවා. ඒ දෙක කියන්නේ දෙකක් මෙහි ප්‍රතිඵලයක් ලෙස උපකාර පැතීම තමන්ගේ දුර්වලකමක් යැයි සිතන බොහෝ පිරිමින් මානසික ආතතිය, කාංසාව, මානසික බිඳවැටීම සහ ශෝකය රහසිගතව දරා සිටිනවා.” වෛද්‍ය රාජවාසන් පවසයි.
TikTok වේදිකාව හරහා වෛද්‍ය සුනෙත් මහතා සාම්ප්‍රදායික වෛද්‍ය අධ්‍යාපනය ඩිජිටල් අවකාශයට සමීප කරමින්, පිරිමින්ගේ මානසික සෞඛ්‍යය ඇතුළු සෞඛ්‍ය තොරතුරු කෙරෙහි මහජනතාව දැනුවත් කිරීමේ නිරත වේ. #MensMentalHealth වැනි සන්නාම හරහා සහ මානසික සුවතා මෙවලම් (Wellbeing tools) මගින්, මානසික ආතතිය සහ කාංසාව පිළිබඳ විවෘතව කතා කිරීමටත්, සත්‍ය තොරතුරු ලබා ගැනීමටත් පරිශීලකයන්ට අවස්ථාව සලසා දෙයි.
Doc on the Tok වැනි නිර්මාණකරුවන්ට මේ වගේ විවෘත සාකච්ඡා වැදගත් වන්නේ එහෙයිනි. ඔවුන් පළකරන හැම වීඩියෝවක්, කමෙන්ට් එකක් සහ අත්දැකීමක්ම, තවත් කෙනෙකුට තමන්ගේ සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා සූදානම් වීමට, මානසික සහයෝගයක් ලබා ගැනීමට නැත්නම් අවුරුදු ගාණක් තිස්සේ මඟහරිමින් සිටි වැදගත් කතාබහක් ආරම්භ කිරීමට දිරිගැන්වීමක් ලබා දෙයි.
“පිරිමි සෞඛ්‍ය සතිය (Menzs Health Week) අපිට මතක් කරලා දෙන විදියට, මේ වගේ විවෘතව කතා කිරීම් වෙන කවදාටත් වඩා අද වෙද්දී ගොඩක් වැදගත්. ඒ වගේම, TikTok වැනි සමාජ මාධ්‍ය වේදිකා නිසා මේ වැදගත් කතාබහ වෙනදාට වඩා ඉතා විවෘතව, පහසුවෙන් සහ නිරන්තරයෙන්ම මිනිස්සු අතර සිද්ධ වෙනවා.” වෛද්‍ය සුනෙත් රාජවාසන් මහතා පවසා සිටියි.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz