22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

මෙරට තොරතුරු තාක්ෂණ ගුරුවරුන් පිරිසකට දකුණු කොරියාවේ අධ්‍යයන චාරිකාවක්

 දකුණු කොරියාවේ ගුවැන්ජු මෙට්ට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ මෙරට අධ්‍යාපන අමාත්‍යාංශය අතර ඇති අවබෝධතා ගිවිසුමට අනුව තොරතුරු තාක්ෂණ ගුරුවරුන් 24 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමකට සති 02 ක විෂයානුබද්ධ පුහුණුවක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

          ඒ සඳහා අනුග්‍රහය දක්වන්නේ දකුණු කොරියානු ගුවැන්ජු මෙට්ට්‍රොපොලිටන් ආයතනයයි. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ඉල්ලීම මත දකුණු කොරියාව විසින් මෙරට තොරතුරු තාක්ෂණ ගුරුවරුන් සඳහා පුහුණුව ලබාදීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබූ අතර මෙම වැඩසටහන එහි එක් පියවරක්.

          පළාත් නවයම නියෝජනය වන ආකාරයෙන් මේ සඳහා ගුරුවරුන් තෝරා ගෙන ඇති අතර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පවත්වන ලද තොරතුරු තාක්ෂණ ශූරයෝ තරගාවලියේ දී ගුරුවරුන්ගේ තරග ඉසව්ව නියෝජනය කරමින් ප්‍රථම ස්ථානය දිනාගත් ගුරුවරුන්ට ද මෙම අධ්‍යයන සංචාරය සඳහා වරම් ලැබී තිබෙනවා.

          මෙම මස 27 දින සිට සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා මෙම පුහුණු වැඩසටහන කොරියාවේ දී පැවැත්වෙන අතර ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද පිළිබඳ මෙන්ම දකුණු කොරියාවේ සුහුරු පංති කාමර (Smart Class Room)  සහ e අධ්‍යාපන අවස්ථා පිළිබඳව ද හැදෑරීමට එම කණ්ඩායමට ඉඩකඩ ලබා දී තිබෙනවා.

          සංචාරයේ නිරත ගුරුවරුන්ට අදාල සංචාරය සඳහා ගුවන් ටිකට්පත් ලබාදීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අතින් අද (21) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණා.

          මෙහිදී කණ්ඩායමට සුභ පැතූ අධ්‍යාපන අමාත්‍යවරයා, තාක්ෂණය සමඟ ඉදිරියට යන ලෝකය ජය ගත හැකි දරු පිරිසක් නිර්මාණය කිරීම වෙනුවෙන්, ලබා ගන්නා අත්දැකීම් ප්‍රයෝජනයට ගෙන උපරිම කැපවීමෙන් රාජකාරි සිදු කරන ලෙස ද ඉල්ලීමක් සිදු කළා.

          මේ අවස්ථාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ඒ.එස්. හේවගේ මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් ද එක් වුණා.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz