22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ත්‍රිකුණාමල ජංගම වැඩසටහන

( Suratha news reporter arm.saheeeth )

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය ඒකාබද්ධව සංවිධානය කල ඉදිකිරීම් ආරවුල් නිරවුල් කිරීමේ උපදේශන සේවාව, ඉදිකිරීම් ශිල්පී හැඳුනුම්පත හා පෙර දැනුම ආශ්‍රයෙන් NVQ සහතිකය සඳහා ලියාපදිංචි කිරීමේ ජාතික ජංගම වැඩසටහන අද ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතාගේ සංකල්පයකට අනුව දීපව්‍යාප්තව ක්‍රියාත්මක කරන මෙම ජංගම සේවයේ 5 වන අදියර ලෙස ත්‍රිකුණාමල සහ මඩකලපු දිස්ත්‍රික්කයේ සුළු හා මධ්‍ය පරිමාණ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් සඳහා මෙම සේවාව ලබාදීම මෙහි අරමුණයි.

මෙහිදී අදහස් දැක්වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම් චාමින්ද හෙට්ටිආරච්චි මහතා පැවසුවේ පළාතේ ඉදිකිරීම් කර්මාන්තයට මෙය ඉතාමත් වැදගත් වන බවත, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ නිරතවන්නන් හට වටිනාකමක් එක්වීම මෙයින් සිදුවන බවත්ය.

මෙම අවස්ථාවට මඩකලපු දිසාපති හා දිස්ත්‍රික් ලේකම් ජේ.ජේ. මුරලිදරන් මහත්මිය, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ට්‍රෙවින් ප්‍රනාන්දු මහතා, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ඉංජිනේරු පී.ඒ.පී. වීරසේකර මහතා, INSEE සිමෙන්ත ආයතනයේ කලාප කළමනාකරු ධනුෂ්ක රත්නකීර්ති මහතා, ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ඇතුළු පිරිසක් සම්බන්ධ වූහ.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz