22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

වැට් බදු අයකරන්නේ නම් ලියාපදිංචි සහතිකය ප්‍රදර්ශනය කළ යුතුයි. වැට් බදු සීමාව ඉදිරියේදී මිලියන 80 සිට 60 දක්වා පහළට

වැට් බදු අයකරන්නේ නම් වැට් ලියාපදිංචි සහතිකය අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතුයි… වැට් අයකිරීමේ සීමාව ඉදිරියේදී මිලියන 80 සිට මිලියන 60 දක්වා පහළට ගෙන එනබව ඇමැති සියඹලාපිටිය කියයි ..

වර්ෂයකට රුපියල් මිලියන 80 ක පිරිවැටුමක් සහිත සෑම ව්‍යාපාරයක් හෝ කර්මාන්තයක්ම වැට් සඳහා අනිවාර්යයෙන්ම ලියාපදිංචි විය යුතු බවත්, එසේ ලියාපදිංචි වන ව්‍යාපාරිකයින් තමන්ගේ වැට් ලියාපදිංචි සහතිකය ඕනෑම අයෙකුට බලාගැනීමට හැකිවන පරිදි අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.
ඊයේ සවස යටියන්තොට ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ දැනට වැට් බදු ගෙවන සීමාව වාර්ෂිකව මිලියන 80 ක පිරිවැටුම වුවද එය නුදුරේදීම වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 60 දක්වා පහළට ගෙන ඒමට නීතී සම්පාදනය කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.
එසේම 2002 අංක 14 දරණ වැට් බදු පනත අනුව වැට් සඳහා ලියාපදිංචි වූ සෑම අයෙකුම වැට් බදු අයකරන්නේ නම් තම සේවා දායකයාට , පාරිභෝගිකයාට හෝ ඕනෑම අයෙකුට බලාගැනීම සඳහා තම ආයතනයේ වැට් ලියාපදිංචි සහතිකය අනිවාර්යයෙන්ම ප්‍රදර්ශනය කළ යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා , එසේ නොකරන අය සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කළහොත් එම අයට විරුද්ධව නීත්‍යානුකූල පියවර ගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට කිසිදු බාධාවක් නොමැති බවද සඳහන් කළා.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz