22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

නබි නායකතුමාගේ දර්ශනය සමාජ සුබසිද්ධියට යොදා ගනිමු. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්‍රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු මහත් උත්සවාකාරයෙන් ආගමානුකූලව සමරද්දී, එකී දර්ශනය තුළින් සමාජයේ සහජීවනය ඇති කිරීම එතුමන්ට ගෞරව දැක්විය හැකි නිසි මාර්ගයයි.

මිනිස් වර්ගයාට අභිවෘද්ධිය, විමුක්තිය, සාමය, සතුට හා සැනසීම ගෙන දෙන අංග සම්පූර්ණ ජීවන ක්‍රමයක් දායාද කළ නබි නායකතුමාගේ මානුෂීය දර්ශනය අන් කවරදාටත් වඩා වත්මනේ සමාජ සුබසිද්ධියට යොදා ගැනීම කාලෝචිතය.

ලෝක ජනතා ගෞරවයට පාත‍්‍ර නබි නායකතුමාගේ ජීවිතාදර්ශයන්ට ගරු කරන ශී‍්‍ර ලාංකික ඉස්ලාමීය බැතිමතුන් ඇතුළු ලොව ඉස්ලාම් ජනතාවගේ ජීවිත සාර්ථක වේවායි ප‍්‍රාර්ථනා කරමි.

දිනේෂ් ගුණවර්ධන (පා.ම)
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2024 සැප්තැම්බර් 16 දින

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz