22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

හිටපු අමාත්‍ය කුමාර වෙල්ගම මහතා දිවි සැරිය නිම කරයි..

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වී ඇත. මිය යනවිට ඔහු 74වැනි වියේ පසුවිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීර්ඝ කාලීන සාමාජිකයෙකු වූ වෙල්ගම මහතා, පසුව ඉන් ඉවත් වී නව ලංකා නිදහස් පක්ෂයේ නායකයා බවට පත්විය. ඔහු 2020 මහ මැතිවරණයේදී සමගි ජන බලවේගය සමග එක්ව මැතිවරණයට ඉදිරිපත්ව පාර්ලිමේන්තුවට තේරී පත්විය.

වෙල්ගම මහතා කර්මාන්ත සංවර්ධන අමාත්‍යවරයා මෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ද කටයුතු කර ඇත.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz