22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

පාර්ලිමේන්තුව විසුරවා හැර ඇති බැවින් ප්‍රභූ ආරක්ෂකව ඉවත් කෙරේ….

අතිගරු ජනාධිපතිතුමන් විසින් එතුමාට හිමි බලතල ප්‍රකාරව 2024.09.24 වන දින ගරු පාර්ලිමේන්තුව විසුරවා හැර ඇති බැවින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කළ සියළු අමාත්‍යවරුන් වෙත, නියෝජ්‍ය අමාත්‍යවරුන් වෙත, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කල අනෙකුත් මන්ත්‍රීවරුන් වෙත මෙන්ම හිටපු ආණ්ඩුකාරවරුන්, පළාත් සභාව නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් හට ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව ඉවත්කිරීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (පරිපාලන) ලලිත් පතිනායක මහතා නියෝග කර තිබේ.

මේ යටතේ පොලිස් ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරීන් 2024.09.28 වන දින සිට ඉහත සඳහන් පිරිසගේ ආරක්ෂාව සඳහා රාජකාරි අනුයුක්ත නොකරනු ඇත.

එසේ වුවද ගරු කතානායකතුමා, ගරු විපක්ෂ නායකතුමා, ගරු නියෝජ්‍ය කථානායකතුමා යන ප්‍රභූවරුන් වෙත ලබාදී තිබූ පොලිස් ආරක්ෂාව එලෙසම නොවනස්ව පවත්වාගැනීමට නියෝග ලබාදී ඇත.

එමෙන්ම යම් අධිකරණ නියෝගයක් මත විශේෂ පොලිස් ආරක්ෂාවක් සලසා ඇති කිසියම් ප්‍රභූවරයෙකු වේ නම් ඔවුන් වෙතද මෙතෙක් ලබාදී තිබූ ආරක්ෂාව නොවනස්ව පවත්වාගැනීමට නියෝග ලබා දී තිබේ

https://web.facebook.com/photo?fbid=940781971406999&set=a.667652685386597

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz