22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

හැටන් නැෂනල් බැංකුවේ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව විසින් පසුගියදා පැවැත්වූ උත්සවයකදී බැංකුවේ වසර 25ක සේවා කාලය සම්පූර්ණ කළ සේවකයින්ට උපහාර පුද කළේය.

මෙම උත්සවය HNB විසින් වාර්ෂිකව සංවිධානය කරන අතර මෙවර එහිදී 1998 වසරේදී බැංකුව සමඟ එක්වූ සේවකයින් 195 දෙනෙකුට උපහාර පිදුවේය. මෙම උත්සවයට HNB හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී දමිත් පල්ලෙවත්ත, ප්‍රධාන මෙහෙයුම් නිලධාරී සන්ජේ විජේමාන්න, ප්‍රධාන මානව සම්පත් නිලධාරී (CHRO) කේ. ඉන්ද්‍රවාසන් යන මහත්වරුන් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සහභාගී විය.

මෙම සේවකයින්ට වසර 25ක් පුරාවට HNB වෙනුවෙන් කළ අමිල සේවය සහ දායකත්වය අගයමින් රන් කාසි දෙකක් සහ සමරු ඵලකයක් පිරිනමන ලදී. HNB හි දක්ෂ වාද්‍ය කණ්ඩායමේ මියුරු සංගීතය සමඟින් බැංකුවේ කාර්ය මණ්ඩලය හා ඔවුන්ගේ බිරින්දෑවරුන් සහභාගී වුණු රාත්‍රී භෝජන සංග්‍රහයෙන් අනතුරුව මෙම උත්සවය නිමාවට පත් විය.

HNB ආයතනික කළමනාකාරීත්වය සමඟින් උපහාරයට ලක් වූ HNB සේවකයින්

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz