අධ්යක්ෂ ජනරාල්, නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල්, අධ්යක්ෂ (පරිපාලන හා මානව සම්පත්) සහ අධ්යක්ෂ (මූල්‍ය) වැනි ඉහළ කළමනාකාරිත්ව තනතුරු පුරප්පාඩුව පවතින ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට හැකි වන පරිදි අධිකාරියේ අධ්යක්ෂ ජනරාල් ලෙස සේවය කර විශ්‍රාම ගෙන ඇති ප්‍රීති අනෝමා සිරිවර්ධන මහත්මිය මාස 6ක කාලසීමාවක් සඳහා කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයේ යෙදවීමට කාන්තා, ළමා හා තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැතිනිය ලෙස අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
