දැනට පාඩු ලබමින් පවතින මඩකලපුව ගුවන්තොටුපොළ සංවර්ධනය සදහා ගුවන්තොටුපොළ පරිපාලනය සකස්කර ඇති ඉදිරි සැලසුම් නියෝජ්‍ය අමාත්‍යවරයාට ඉදිරිපත් කළ අතර, එම සැලසුම් පිලිබඳ නිසි ශක්‍යතා අධ්‍යනයක් කර සංවර්ධන කටයුතු කඩිනම් කරන ලෙස නියෝජ්‍ය අමාත්‍යවරයා උපදෙස් දෙන ලදී.
නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතා මේ බව කියා සිටියේ මඩකලපුව අන්තර්ජාතික ගුවන්තොටුපොළෙ හි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.
කොරෝනා වසංගතය ආරම්භවීමත් සමග ගුවන් වාර සංඛ්‍යාව සීග්‍රයෙන් අඩුවී ඇති අතර, මේ වන විට යම් වර්ධනයක් පෙන්නුම් කරමින් පවතී.
අනතුරුව අසල්වාසීන් සමග සුහද කතාබහකට එක් වූ නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් ඔවුන්ගේ මූලික ගැටලුවක් බවට පත්ව තිබෙන ගුවන් තොටුපොළට මායිම්ව ඇති මාර්ගය පිලිබදව ගැටලු කඩිනමින් විසදීමට නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ
