22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

අධිවේගී මාර්ග වල ගෙවීම් ලබන මස සිට (debit card & credit card) සහ QR පහසුකම් මගින්

අප්‍රේල් 09 ඊයේ දින ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශයේ දී අධිවේගී මාර්ග වල ගමන් කිරීම සඳහා කාඩ්පත් (debit card & credit card) සහ QR code මගින් ගෙවීම් කටයුතු සිදුකිරීමට අදාලව මාර්ග සංවර්ධන අධිකාරිය සහ තරගකාරී ලංසු කැදවීමකින් තෝරාගනු ලැබූ හැටන් නැෂනල් බැංකුව අතර ගිවිසුම ගතවීම සිදුවිය.
කාඩ්පත් මගින් ගණුදෙනු කිරීමට අදාලව නියමු ව්‍යාපෘතීන් මේ සතියේ කොට්ටාව සහ කඩවත හුවමාරු වල දී ඇරඹීමට නියමිත අතර මැයි මස සිට ලංකාවේ සියලුම අධිවේගී මාර්ග වල වල මෙම කාඩ්පත් මගින් ගෙවීමට අදාලව කටයුතු සුදානම් කිරීමට නියමිත ය. කිසිඳු අමතරව ගෙවීමකින් තොරව අධිවේගී මාර්ග වල ගමන් ගන්නා ජනතාවට ලබන මස සිට මෙම සේවාව ලබාගත හැකිය.
මෙම අවස්ථාවට ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා ද අමාත්‍යාංශ නිළධාරීන් සහ මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරීන් ද සහභාගී විය..

-මාධ්‍ය අංශය
ප්‍රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා සේවා අමාත්‍යංශය.

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz