22warriors.org
allabouteng.com
auruhana2.kz
costacoffee.kz
kenfloodlaw.com

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද උදාවෙයි

මෙවර 2025 සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අද (14 වනදා) පූර්වභාග 03.21ට යෙදී තිබූ සුබ මොහොතින් උදා විය.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ, පුණ්‍ය කාලය ඊයේ (අප්‍රේල් 13) ඉරිදා අපර භාග 8:57 සිට පසු දා එනම් අද (අප්‍රේල් 14) වන සඳුදා පූර්ව භාග 9:45 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබේ.

ආහාර පිසීම
අද(14) පූර්වභාග 4:04ට තඹ වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ලිප් බැඳ ගිනි මොලවා දී කිරිබතක් ද කැවිලි වර්ගයක් ද දී කිරි සහ විළඳ ද පිළියෙල කර ගැනීම යහපත් බව සඳහන් වේ.

වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අද(14) පූර්වභාග 6:44ට මුතු හා ශ්වේත වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා වැඩ අල්ලා ගනුදෙනු කොට ආහාර අනුභවය කළ යුතු බව නැකැත් සීට්ටුවේ සඳහන් ය.

හිසතෙල් ගෑම
මෙම නැකත අප්‍රේල් මස 16 වන බදාදා පූර්වභාග 9:04ට යෙදී තිබේ.

ජ්‍යොතිෂයේ සඳහන් කර ඇත්තේ, පච්ච වර්ණ හෙවත් කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී උතුරු දිසාව බලා හිසට කොහොඹ පත් ද පයට කොළොන් පත් ද තබා කොහොඹ යුෂ මිශ්‍ර නානු ගා තෙල් ගා ස්නානය කිරීම යහපත් බව සඳහන් වේ.

රැකීරක්ෂා සඳහා පිටත්ව යාම
අප්‍රේල් 17 බ්‍රහස්පතින්දා පූර්වභාග 9:03ට රන්වන් පාට වස්ත්‍රාභරණයෙන් සැරසී කිරිබත් ද එළකිරි මිශ්‍ර කැවිලි වර්ගයක් ද අනුභව කර උතුරු දිසාව බලා පිටත්ව යෑම යහපත් බව නැකැත් සීට්ටුවේ සඳහන් ය.

ඔබ සැමට සාමය, සතුට පිරි සුබ අඵත් අවුරුද්දක්ම වේවා… සුරත මාධ්‍ය ජාලයේ  සුබ පැතුමයි….

langladehistory.com
loundacademy.co.uk
saintvincenthome.org
tributementorship.com
zhanauto.kz