17.05.2025 කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு – Weather Forecasts

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )

2025 මැයි මස 17 දිනය සඳහා කාලගුණ අනාවැකිය

ඉදිරි දින කිහිපයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වේ.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැක.

වයඹ, උතුරු-මැද, උතුරු සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 17 MAY 2025

Showery condition is expected to be enhanced in Western, Sabaragamuwa, Central, North-western and Northern provinces and in Galle and Matara districts during the next few days.

Cloudy skies can be expected over most part of the island.

Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa, North-western and Northern provinces and in Galle and Matara districts.

Showers or thundershowers may occur at several places elsewhere of the island during the evening or night.

Fairly heavy falls above 75 mm are likely at some places in Western, Sabaragamuwa, North-western and Northern provinces.

Fairly strong winds of about (30-40) kmph can be expected at times over North-western, North-central, Northern and Southern provinces and in Trincomalee district.

The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.