19.05.2025 කාලගුණ අනාවැකිය – வானிலை முன்னறிவிப்பு – Weather Forecasts

( කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි. )

2025 මැයි මස 19 දින සඳහා කාලගුණ අනාවැකිය

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවති. දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇත.
බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, පුත්තලම, නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක. උතුරු-මැද පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක. වයඹ, උතුරු-මැද, උතුරු සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

WEATHER FORECAST FOR 19 MAY 2025

South-West monsoon conditions are gradually getting established over the island.

Cloudy skies can be expected over most part of the island.

Showers or thundershowers will occur at times in Western, Sabaragamuwa, North-western, Central, Southern and Northern provinces.

Heavy falls above 100 mm are likely at some places in Western and Sabaragamuwa provinces and in Galle, Matara, Puttalam, Nuwara-Eliya and Kandy districts.

Several spells of showers will occur in North-central province.

Showers or thundershowers may occur at several places elsewhere of the island during the evening or night.

Fairly strong winds of about (30-40) kmph can be expected at times over North-western, North-central, Northern and Southern provinces and in Trincomalee district.

The general public is kindly requested to take adequate precautions to minimize damages caused by temporary localized strong winds and lightning during thundershowers.